Wednesday, April 16, 2014

හිමිකාරී නුඹයි මට



නොහඳුනමි ආදරය
ඔබයි ඒ මතක පොත
ගෙනා මා මේ ලොවට
අදත් මම දිවි ගෙවමි
ඒ නුඹේ සිහින වල
රැඳෙනු බැරිමුත් ඔබේ ළඟ ...

මල් වියන් එකින් එක
පෙළ ගසා දිනෙන් දින
මැවූ මේ සිහින ලොව
හිමිකාරී නුඹයි මට
කළත් මා බොහො වැරදි
කිසි දිනක හැර නොගිය ....

කලත් ඔබ මේ තරම්
ආදරය මා හටම
ඒ ඔබේ ආදරය රැකගන්න
මා ලඟම සුරකින්න
ඕන මුත් නිරතුරුව
එයයි මවිසින් නොවන
එකම දේ සැම විටම ....

No comments:

Post a Comment

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....