Thursday, April 17, 2014

රාලේ..මේක කලියුග කාලේ

අද සමාජය යන්නේ අමුතුම අතකටය.ඒ ගැන විස්තර කිරීමද එක්තරා විදියක අමුතු දෙයකි.ඒ අමුත්ත  ගැන වචනයක් දෙකක් අමුනන්නට සිතුවෙමි....

පාරට බැස්සොත් අද දකින්නට ඇත්තේ අමුතුම විකාරය.ගම, නගරය කියා වෙන් කල නොහැකි තරම් විකාර ගොඩක් බවට පත්වී හමාරය.ගැලපෙනම වචනය විච්චූරන ලෙස කිවොත් මා නිවැරදිය.තමා කවුද, තමා කරන්නේ කුමක්ද, කල යුත්තේ කුමක්ද යන වග අමතක වුවන් ලෙස හැසිරීම හාස්‍යයක් ඇති කළද සිදු වී ඇති දේ දැකීම දුකට හේතුවකි....

අදහස් ගලපනවාට වැඩිය කතාවක් එකතු කරගැනීම හොඳ යැයි සිතුවෙමි.

දිනක් මා ටවුන් එකට යාමට බසයට ගොඩවිමි.පුරුද්දක් ලෙස නිතරම වාගේ මා බසයට නගින්නේ පසුපස දොරෙනි.ඒ පුරුද්දටම මෙදිනද මා එසේ කලෙමි.ආසන හිස්ව නොතිබූ නිසා හිටගෙන යාමට සිදුවුවද මාහට යා යුත්තේ විනාඩි 15ක් පමණ නිසා එච්චර ගානක් වෙන්නේ නැත.ඩැයිවර් අන්කල්ට තිබ්බ හදිස්සිය නිසා යන්තම් බසයට නැගගත් ගමන්ම නැවත යන්නට පටන් ගත් නිසා මා පසුපස දොර අසල සිටගත්තෙමි.නිකමට වගේ වටපිට බැලුවිට පසුපස අසුනේ මුල්ලේ ජෝඩුවක් දුටිමි.ජෝඩුවක් කිව්වට මෙය අමුතුම ස්ටයිල් එකේ එකකි.කෙල්ලගෙ නියපොතු ටික දැක්ක විට මට ආස්මී මතක් වීමට හේතුව හරියටම නොදනිමි.බොහෝ විට එහි අමුතු විදියේ සැරසිල්ලක් කර තිබු නිසා වෙන්නට පුළුවන.මුණේ රෝස පුයර උලා ඇති බව නම් පැහැදිලිව පෙනුණි.එය එසේ කර තිබුනේ පුයර ගෑ බව පෙන්වන්නද නැතහොත් අමතක වීමක්ද කියා දන්නේ නම් ඇයම පමණි.

මේ විකාර බලා සිටින්නට බැරි නිසා මම අනිත් පැත්තට හැරුණෙමි.බසය නැවැත්වූ පසු දුම්රිය අල්ලා ගැනීමට ස්ටේෂම බලා ගියෙමි.ඒ වෙලාවට එන මන්දගාමී දුම්රියේ සෙනග තරමක් අඩුය.කරදයක් නැතිව යා හැකිය.මේ දවස් වල උදේ තැලී පොඩිවී යන විදියට මෙය ඉතා හොඳ බව නම් කිව යුතුමය.දුම්රියේ තිබුනේ මුහුණට මුහුණ බලාගෙන යන ජාතියේ ආසන ය.මා දුම්රියට ගොඩ වූ පසු අර ජෝඩුවද මගේ ඉදිරිපස අසුනේ වාඩි විය.'මල කෙලියයි' කියා කියෙවෙන්නට ගිය එක මා යන්තම් නවත්වා ගතිමි.කොල්ලාද (වැඩි වයසක් නොපෙනුණු නිසා) කෙල්ලටම ගැලපෙන ටයිප් එකේ බව මා හරියට දැක්කේ එවිටය.කොණ්ඩයේ තැන තැන මලකඩ පාට වී තිබුණි.සැරසී සිටියේ ඉරුණු ඩෙනිමකින් හා මදින්නට අමතක වූ ටි-ෂර්ට් එකකිනි (මෙය ස්ටයිල් එකක් බව මා දැනගත්තේ පසුවය).කරාබුවක් දමන්නටද අමතක කර තිබුනේ නැත.කෙල්ලද ඔහුට නොදෙවැනි ලෙස ඇඳ පැළඳගෙන සිටියාය.උඩුකය යන්තම් වැසෙන්නට ඇදුමක් ඇයට තිබුනද යට කොටස නම් ගන්නට ඇයට මුදල් මදිවූ නිසාදෝ ඇඳ සිටියේ ඉතා දිග ඇදුමකි.හිසකෙස් වලට නම් මුකුත් ගා නොතිබුණද ඇය කොණ්ඩය කෙලින් කරගෙන තිබුණි.එයට කියන්නේ ස්ට්‍රේට් ද  මොකද්ද කියාය.කෙසේ නමුත් මරුවට ගැලපෙන ජෝඩුවක් බව නම් පෙනෙන්නට තිබුණි.කතා කල දේවල් පවා මට ඇසුනද එය මට අදාළ නැත.එය ඔවුන්ගේ පෞද්ගලිකත්වයයි.

කැමති විදියකට ජිවත් වීමේ අයිතිය ඕනෑම කෙනෙකුට පවතී.මෙලෙස කෙනෙකුට සිතෙන්නට පුළුවන.නමුත් තමන් කරන දේ වලින් සමාජය එකිනෙකා ගැන මිම්මක් සාදා ගනී.පසුව බලන්නේ එම මිම්ම එබ්බවූ කණ්ණාඩියකිනි.මෙය තදින්ම දැනෙන්නේ රැකියාවකට එහෙම ගියාට පසුවය.එතන රගන්නට ගියොත් නම් වැඩි කල් නොයා ටිකට් එක නම් ලැබෙනු ඇත.මෙය ගැහැණුන්ට මෙන්ම පිරිමින්ටද එකසේ අදාලය.

අද පාර තොටේ යනවිට අම්මා දුව සොයන්නට බැරි තැනට පත්වී තිබේ.දුව යන්නේ කොට සායක් ඇඳගෙනය.එය වාහනයක් ගියත් උඩ විසි වෙන්නට බලා සිටී.අම්මා යන්නේ අඟ පසග ඉල්පී පෙනෙන කලිසමක් ඇඳගෙනය.මේවා එක්කෝ තමන්ට තේරෙන්නට ඕනාය.නැතහොත් තේරෙන කෙනෙක් කිව යුතුය.මේ සේරටම වැඩිය ලැජ්ජාව කියා එකක් ලගින් වත් ගිහින් තිබෙන්නට ඕනාය.නමුත් මේවා අර කවුද කියා තිබෙනවා වගේ හොරෙන් කන අඹ තමයි රහ ගොඩට නම් දමන්නට බැරිය.ඒ අඹ හොරෙන් කෑවද මේවා එළිපිට සිද්ද වෙන නිසාය.කාන්තාවගේ නම්බුව, ගරුත්වය රැක ගැනීමට වඩා  පැසන් කිරීම ලොකු වීම දුකට කරුණකි.ඒ අනාගත සංස්කෘතියේ විශිෂ්ටත්වය සිහි වෙන නිසාය.නමුත් පැසන් කිරීම, උලුප්පා පෙන්වීම නොවන බවද මතක තබා ගත යුතුමය.

තාත්තා දුව දුෂණය කරන, ස්ත්‍රීන් දුෂණය කර මරා දමන තැනට අද පිරිමින්ද පත්ව තිබේ.තමා කවුද යන්න අමතක කර හැසිරීම නිසා දිනෙන් දින සමාජය, සංස්කෘතිය පිරිහෙමින් පවතී.මෙය වැඩි වීමක් පමණක් ඇති නැවතීමක් නැති එකකි.ආගම දහමින් ඈත්වීම ද හේතු සාධක ලෙස දැක්විය හැකි වුවද එය ගැන වෙනමම කතා කල යුතු කාරණාවකි.

කල යුතු දෙය වන්නේ තමා කවුද, තමා කල යුත්තේ කුමක්ද යන වග සිතා ජිවත් වීම පමණි.හැඟීම් යනු ජීවිතය නොවන අතර එතනින් එහාද ලෝකයක් පවතින බව තේරුම් ගත යුතුමය.

අර කියන අසනි වැස්ස වැටී හෝ අවසානයක් දැකිය හැකි වේ නම් ඉතා අගනේය.නමුත් එයට මේ කාලය නොවන නිසාදෝ වැස්සක ලකුණක්වත් දකින්නට නොමැත...


No comments:

Post a Comment

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....