Friday, May 2, 2014

නැවත නොකරමි මා එසේ



පෙම් කලෙමි නුඹ දුටු දිනේ සිට
අහිංසක රුව නුඹේ දුටු නිසා,
නොසිතුවෙමි කිසි දින
අහංකාර යැයි නුඹේ සිත
කුරිරු වන්නට මෙතරම්..
ලංව සිටියේ මා නුඹට
ආදරය නිසාමයි මා,
වදයක් වනතුරුම එය නුඹට
නොදැනුනෙමි මට ඒ වගක්
නැවත නොකරමි මා එසේ
නොඑමි අසලටවත් නුඹේ
හිඳිනු මැන සතුටින් සදා
නොපතමි කිසිවක් මා....

පින්තුරය අන්තර්ජාලයෙනි.

16 comments:

  1. ලඟට එද්දෙන් යන්නනං එපා ගොයියෝ...

    රස කවියකි..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් විදානේ, කීයටවත් යන්න හොද නෑ...

      Delete
  2. හිතට දැනුන ආදරය්ක් කොහොම අමතක කරන්නද..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මනෝෂ්....

      Delete
  3. Replies
    1. ඒකනේ.... මේ පැත්තට ආවට ස්තුතියි උමේෂ්....

      Delete
  4. Replies
    1. එන්නේ නැති වෙයි ආයෙත්...

      Delete
  5. මචං ආදරේ කියන්නේ කොහොම හරි දිනන දෙයක් මිසක් අතඅරින දෙයක් නෙමෙයි. නියම කොල්ලෝ තමන්ගේ හිතට දැනුණ දේ කරගන්න ඕනේ...................

    අපේ සුභ පැතුම් ඔබගේ බ්ලොගයට, හරිම අගෙයි. කවිකාරයෙක් නිසා තවත් අගෙයි. අද තමයි මේ පැත්තට ආවේ. දිගට ම එන්නම් කෝ......................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.... දිනුම වගේම පැරදුමත් විදින්න ඕනනේ.... දිගටම එන්න..

      Delete
  6. Replies
    1. ස්තුතියි අයියේ.............

      Delete
  7. වදයක් වනතුරුම එය නුඹට
    නොදැනුනෙමි මට ඒ වගක්.//හැක් මේ ටික තමා මට හොදම ටික ..ඔවා ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. :)
      හොඳම ටික ඒ ටික තමයි සහෝ දර....

      Delete
  8. අහා... කවි බ්ලොග් එකක් වගේ. හොඳයි හොඳයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට ඇවිත් අදහසක් කුරුටු ගෑවට...
      කවි විතරක්ම නෙමේ, හැබැයි ඉතින් ගොඩක් ලියවෙන්නේ කවි :)

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....