Thursday, July 16, 2015

රණබිම මරුනේ සිංහලයකු නම්

වෙලාවකට සිද්ද වෙන දේවල් බලුවාම පිස්සුත් හැදෙනවාය .. මිනිස්සුන්ට ඉස්සර තිබ්බ ජාති ආලය ද මොකද්ද එක දැන් හැඳිගෑවීගෙන යමින් පවතියි. ඇයි ඉතින් දැන් සහජීවනේනේ ... වෙන මොනවද ඉතින්... වැඩේ කියන්නේ මේවා අල්ලාගෙන කියවන්නේ සහජීවනය ගැන ලබ්බක්වත් දන්නේ නැති පොන්සි පැටව්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන් පොන්සි පැටව්මය. එක පැත්තකින් මහින්ද හොරා හොරා කිය කිය පොස්ට් මුණු පොත් දම දම ගොන් ආතල් එකක් ගනියි. වෙන එකෙක් ගහපු අමු පචයක් අනිත් උන්ටත් බෙදාදී උන් ගන්නේ තවත් ලොල් ආතල් එකෙකි. තව එකෙක් jvpයට කඩේ යයි. උන්ට මැරෙන්නම දඟලයි. උන් කියන්නට ඇත්තේ අම්මගෙන් අහපිය කියලාය. නැත්තන් පියාගෙන් හෝ වැඩිහිටියෙක්ගෙන් අහපිය කියලාය. මන්ද රට වරෙක මිනිකන්නන්ගේ දේශය උන් මෙවන් තක්කඩි උන් රැලක් නිසාය. තව එකෙක් කියවන්නේ UNP නළලේ තියාගෙනය. උන්ගේ පැටිකිරිය අමුතුවෙන් දිගහරින්නට ඕනා නැත. සාම සාකච්චා කිය කියා අපේ හමුදාවේ කොල්ලන්ව බලු බල්ලන් කල කාලය අපිට අමතක නැත.



ප්‍රභාකරන් සමග එක්ව නටන්නට හැදු නටිල්ල දන්නේ 89/90 ගණන් වල ඉපදුනු උන්ය. යුද්දයෙන් වවාගෙන කෑවේ අතීත පාලකයන්මය. ප්‍රභාකරන්ලාව හුරතල් කරේද උන්ය. හුරතලේ වැඩි වෙලාද කොහේදෝ එක් නායකයෙක් වලපල්ලට ගියේ උන්ගේ අතින්මය. එක්කෙනෙක් නම් ටික දොහකට කලින් රටිනුත් පිටව ගියාය. ජනාධිපති කමෙන් යන්න ඔන්න මෙන්න තියා රටේ සම්පත් කුණු කොල්ලෙට දුන් විස්කි මැඩම් අද රඟපාන්නේ යමපල්ලගේ චරිතයයි. යුද්ධයට අණ දුන් උන්ම මඩිය තරකරගන්නට හමුදාවම සුදු කොඩි කතාවකින් පාවාදුන්නේය. එවන් පාහරයන්ද අද මේ රටේ සිටියි. රට නගන්නට කතා කරන්නේ උන්ය. අපිට නම් එය විහිළුවකි. හමුදාව බලු කරද්දී කතා කරන්නට කොන්දක් ඌට නැත. තව ආතක් බලන විට මට රුකඩයාව දිස්වෙයි. ඌ නම් ඉතින් හෙනම පව්ය. කොලේක ලියා දෙන එකක් කියවා චුන් එකක් ගැනීම උගේ සිරිතය. අනිත් උන්ද එකෙන් චූන් වී මැරෙන්න හදයි. මේ ලඟදි මුණු පොතේ මහින්ද කෝච්චියට බෙල්ල තැබූ පින්තුරයක් එකෙක් නිර්මාණය කර තිබුණි. එය නම් උගේ අම්මාව බල්ලන්ට පාවා දෙනවා වගේ වැඩකි. හිටපු ජනාධිපති වැරදි කරන්නට ඇත. වැරදි වැරදිමය. නමුත් 2009ට කලින් මැරෙන්න බයේ ගෙදරින් එලියට බස්සෙවත් නැති හුජ්ජ කොල්ලන් අද බලි තොවිල් දමාගෙන උන්ගේ තොවිලේ උන්ම නටයි. උන්ට කියන්නට ඇත්තේ තොගේ මොලේ *කේද කියාය. අද රට මේ ලෙස පවතින්නේ ඒ යුද්දය අවසන් වුන නිසාය. අර වගේ පොන්සියන් පවසන්නේ යුද්ධ කරේ මහින්ද නෙමේ කියලාය. අනේ පොන්සියනේ, ඉස්සරත් රටේ හමුදාව තිබ්බා නේද කියා මතක් කර දෙන්නට උගේ ළඟ එකෙක් හිටියේ නැති එක නම් පුදුමය. හිටියත් ඌ වැනිම ගොන් වස්සෙක් විය යුතුය. රටකට අවශ්‍ය නායකත්වය මහින්ද සතුව ඇත. එය කොයි කව්රුත් අවිවාදයෙන් පිළිගත යුතුය. නාමල්ට පවා එය නැත. රට වෙනුවෙන් නොබියව කතා කල මගේ මතකයේ ඇති එකම නායකයා ඔහුය. ඔහු රණවිරුවන්ව බලු කරේ නැත. ගොන්නු කරන යුද්දයක් කියා අපහාස කරේ නැත. දිනෙන් දින ජය ලබද්දී කිලිනොච්චි කියා මැදවච්චි යනවා කිව්වෙද  නැත. එවන් දේ රටේ ජයග්‍රහණයේදී කියා කකුලෙන් ඇද්ද උන් අද රට ගොඩනගන්නට කතා කිරීමම විහිළුවකි. කොටුවේ මාර පරාජය කල රනිල් අද mr.clean වෙලාය.



එදා අපේ කොල්ලන් නොබියව යුද වැදෙද්දී හදවතට බරක් දැනුනේ රටට ආදරේ එකෙකුටය. ජය ටික ටික තහවුරු වෙද්දී ජය පැන් බිව්වේද උන්මය. මැයි 19 කිරිබත් කෑවේද උන්ය. 'සෙබලාණෙනි, ඔබ මැරුණා නොවේ ' ගී ගැයුවේද හදවතේ තැන්පත් වුණු සිංහලකම, ශ්‍රීලාංකිකකම නිසාමය. කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික ඇත. එය වැරදි නැත. හැබැයි පහු ගිය ටිකේ ඉස්සරහට ගිය රට පස්සට යන්නට දෙන්නට බැරිය. ඒ මම මගේ රටට ආදරේ නිසාය. මගේ රටත් ලෝකයේ ඉහලම රටක් වෙනවාට හද පතුලෙන්ම කැමති නිසාය. අර අද ඊයේ අඩි 2ක් හුජ්ජ කරගන්නට පුළුවන් උන තාම කටේ කිරි සුවඳ ගහන උන්ට රටේ අතීතය හරියට දකින්නට උනේ නැත. අද සිටින්නේ මේ රට සිංහල රට කියන්නට බය පාලකයන්ය. උන් ගැන නම් ඉතින් කියා වැඩක් නැත. උන්ව ජාතක කරේ බල්ලන්ටද කියා විස්වාස නැත. උන් ඒ තරමටම ඒ වගෙය. 'මේ සිංහල අපගේ රටයි' කියද්දී හා හා කියන්න එපා කියන, 'රණබිම මරුනේ සිංහලයකු නම්' කියද්දී ඕක ජාතිවාදියි කියන ගොබ්බ උන්නාන්සේලා මේ රටේ වලලනවාටවත් මම කැමති නැත. යකෝ සිංහල උන් යුද්ද නොකරා නම් මෙහෙ යුද්ද කරේ ඇමරිකාවෙන් ඇවිල්ලද *කයෝ කියා ඇසුවත් මදිය. අදටත් පොඩි පොඩි ගිනි පුලිඟු නැතුවාම නොවේ.



හමුදා කඳවුරු වල තවමත් රැඳෙමින් රණවිරුවන් රට දිවි හිමියෙන් රකියි. හමුදාව හෑල්ලු කල දත් දොස්තරගේ බලු කතාවට උගේ කටට මෝටාර් එකක් ගහන්නට තිබ්බේය කියලා මට හිතුනේ වරක් දෙවරක් නොවේ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටකි. එය සැවොම පිළිගත යුතු සත්‍යයි. එයින් අනෙකුත් ජන කොට්ටාස වලට පහරක් වදින්නේ නැත. කාලයක් හැම දෙනාම මේ රටේ හොඳින් හිටි නමුත් මුස්ලිම් අන්තවාදය අද රට ගිලින්නට කුරුමානම් අදියි. විග්නේශ්වරන්ලා උතුරේ කොටස ඉල්ලයි. 'අපිට ප්‍රභාකරන්ගේ කාලේ හොඳට ආරක්ෂාව තිබ්බා' කියන්නට කට පන ඇති උන් එදා සිටියේ නැත. ගෙදර මිනිහා පඹයෙක් නම් එහා ගෙදර මිනිහත් හොම්බ දාන්නට එන්නේය. අද ලංකාවට සිදුවී ඇත්තේ මෙයයි.යුද්දේ කාලේ උන් තිබ්බේ මොන වගේ ආරක්ශාවක්ද කියා මම ඒකිගේ ළඟ හිටියා නම් අහනවා නොඅනුමානය. යන්තන් අවිදගන්නට පුළුවන් උන් අතට තුවක්කුව දුන්නේ.. උන්ගේ බඩේ බෝම්බ බැන්දේ උගේ අම්මගේ ආදරේකට වෙන්නට ඇතිය. පුදුමය කියන්නේ ඕවා උන් එකෙක්ටවත් පෙන්නේ නැත. ඇසෙන්නේද නැත. ඇසුනත් ගානකට නොගෙන ඉන්නවා ඇත. නියම සිංහලයෙක් නම් එසේ කරන්නේ නැත. සුද්දන්ට, බල්ලන්ට, පද්දන්ට ජාතක උන උන් නම් ඔහොම වෙන්නට පුළුවන. නමුත් අපිට ජාතියක් ජන්මයක් ඇත. එනිසාම අපි හදවතින්ම ශ්‍රී ලාංකිකය. හදවතින්ම සිංහලය. හදවතින්ම බෞද්ධය.


රණබිම මැරුණේ සිංහලයකු නම්
පපුවෙ ලේ සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නැ
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

මව්බිම ජයගනු නැතිනම් මරණය
දෙකින් එකකි උරුමය ඇත්තේ
මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
සුරපුරයට කැදවා ගත්තේ

මල් යහනාවක් මත සුව මරණය
රණ විරුවන්හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
විරුවන් මළ රණ බිම මත්තේ.....





අයියණ්ඩියේ... ගතින් නුඹ ළඟ නොසිටියත් හදවතින් අපි නුඹලා අමතක කර නැත. එය අපේ අභිමානයයි. අපේ සිංහලකමයි. අපට නුඹලා මිනීමරුවන් නොවේය. රණවිරුවන්මය.



නුඹලා සටන් වැදුනේ රට වෙනුවෙනි.. බල්ලන් වෙනුවෙන් නොවේ .. අපිට උඹලා ගැන ආඩම්බරයි. පාහරයන්ට රැකවල් දුන්නේද නුඹලාමය. අපිට ඒ වග අමතක නැත. දහසක් මව්වරුන් දරුවන් දන් දුන්නේ රට වෙනුවෙනි. දහසක් මවුන් කඳුළු සැලුවේ නුඹලා වෙනුවෙනි. අපිට නුඹලා මියැදුනත් හදවතෙන් මකා දමන්නට බැරිය.



නුඹලා අපිට කවදාවත් මිනීමරුවන් නොවේ ... කොටින්ට එරෙහිව අවි ගත් නුඹලා මිනිසුන්ට දැක්වූ කරුණාව අපි සියැසින් දුටුවෙමු. 




4 comments:

  1. ඒත අද ඔය සිංදුව කියන්න වෙලා තියෙන්නෙ කෝමද දන්නවද

    රණබිම මැරුණේ සිංහලයෙකු නම්
    ආහ් ඉතිං සිංහලයෙකු නං මොකෝ
    වෙන එකෙක් නෙව‍ෙ නෙ.
    ගණං ගන්නෙපා ඇන්ටි

    කියල තමයි රට යන අත බං

    ReplyDelete
    Replies
    1. එන්න එන්නම වලට යනවා වගේ මට නම් පෙන්නේ මහේෂ්

      Delete
  2. මම මේ සිංදුව ලියා ගත්තා..
    හිතට දැනුනා

    ReplyDelete
  3. හා හා ජාත්‍යන්ටරෙන් ගහයි බලාගෙන

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....