Thursday, January 26, 2017

කුමරියක් අහිංසක

මගෙ හිතෙත් තිබුනා
ආදරයක් කරපු නුඹටම
පිට රූපෙට නොකරපු
නැති වුවද ලස්සන දවසක
වෙනදා වගේම ඉන්න
හැකි වුණු නුඹ එක්කම..

දනිමි මා
නොතේරුන බව නුඹට
මගෙ රළු හිතේ ආදරය
ලොකුවට පෙන්නන්නට
නොතේරුන නිසා...

ලැබෙයි නුඹට ආදරයක්
නමුත් නොලැබේවි
මං වගේ කෙනෙක්
කිසිදිනක..

දනිමි මා ලැබෙන බව
මට ආදරය කරන
කුමරියක් අහිංසක
නැතිව නුඹ මෙන්
මගෙන් ලද පෙමට පමණක්ම
පෙම් කරන..

2 comments:

  1. හුඟ කාලෙකිං ආවත් ඒ ගතිය මැකිල නෑ අපූරුයි මචං..
    ඉස්සරට වඩා සෑහෙන්න දියුණු වො
    ජය

    ReplyDelete
    Replies
    1. ඔව් සෑහෙන්න කාලෙකින්... ජීවිතේ නම් ගොඩක් වෙනස් උනා. මම නම් හිටියා වගේම තමයි :)

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....