Saturday, April 1, 2017

තුරුලතා කීවා මට

අවසාන දිනය
අද කියා දැන දැනම
මම නුඹ බලන්න
අඩි තියපු හැටි
මතකයි අද වගේ
තියපු අඩියක් ගානෙම..
ගුලිකර මතක පොත
එකම එක පිටුවකට
මතක නැති වෙන්න බෑ
දුන්නු ඒ හද හසුන
එකම එක වතාවක්
උඩින් පල්ලෙන්
දෑස් වල අතගා
වීසි කර දැමූ බව
විහාරමහාදේවියේ
තුරුලතා කීවා මට
පසුව සත් මසකට
නිවන අතරමග
ගත දවන හිරු එළිය..

8 comments:

  1. හිකිස්ස්ස්... අපිත් ආවා

    - ජය බෝලී නාත් -

    ReplyDelete
  2. රස අදහස්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. විරහව වුණත් කවියකට එද්දි හරි සුන්දරයි ධනූ

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ස්තුතියි විසිරි සිහින..

      Delete
  4. කවියකට විස කැවු විරහව හුඟක් රිද්දනවා..
    ජය ඔබට

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. ස්තුතියි අරු..

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....