Thursday, April 13, 2017

කියනවා නුඹෙ සුවඳ මට

වැහි බින්දු එකින් එක
සිප ගනී මහ පොළොව
දෙමින් ඒ පොරොන්දුව
මා නුඹේ සදහටම
දැනෙනවා නුඹෙ සුවඳ
එදා මහ වැස්සකදි
හමුවුණු හැටි මා නුඹ
හද කිති කවන සීතලට
පුංචි මුවැත්තියක මෙන්
තුරුලු වුණු හැටි ළඟට
අඩ අඳුරෙ මා නුඹ
තනිවුණු හැටි හෙමින්
කියනවා නුඹෙ සුවඳ මට
අදත් කොනිත්තලා හිත
අපි අපේ නොවන බව

10 comments:

  1. රහ පිරි
    විරහ සිරි....

    ලස්සනයි ධනුවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී වෙනද වගේම .. ජයවේවා !!

      Delete
  2. Replies
    1. ක්ෂිතිජය කියන්නේ රැවටීමක් විතරයි සීජේ ..

      Delete
  3. විරහව ආයෙත්... හිතට දැනුනා... ජයවේවා

    ReplyDelete
  4. ලස්සනයි. එත් දුකකුත් නැතුවාම නොවේ.

    ReplyDelete
    Replies
    1. දුක සතුට තමයිනේ ජීවිතේ .. ජයවේවා !!

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....