Monday, April 17, 2017

එකම දවසක්වත්

දවස් එකින් එක 
හරි ඉක්මනටම ඔහේ 
ගෙවෙන අපූරුව 
පුදුමයි තාමත් මට 
නුඹ මතකෙට නොඑන 
එකම දවසක්වත් 
හොයාගන්න නැතිහැටි 
ඒ තරමටම 
හිත ලියැවිලා නුඹෙ නමටම 
නොදන්නවට නුඹ 
මේ ගෙවෙන්නෙ 
අපි අපේ නොවුන 
පළමු අවුරුද්ද බව
ගෙවුනු සත් වසකට පසුව... 
--------------------------
ඉස්සර හැන්දෑවට 
අපේ පොඩි පාරේ 
ආදරෙන් තුරුල් වෙලා 
කියූ ඒ පෙම් කතා 
ලොවට හොරෙන් 
අපි තනිවුනු හැටි 
ඉරට පේන්න හිනාවෙන 
හඳ එක්ක හඬන 
මගෙ මුරණ්ඩු හිත 
තාමත් ඉස්සර වගේම 
තනිකම මකන්න 
නුඹවමයි හොයන්නෙ..

7 comments:

  1. සත් වසක් ළංව හිඳ
    ගත් මතක කෝ අද
    හිත් සුසුම් සැළුවද
    අත් හැර ගියේ කෙළෙසද.....

    ලස්සනයි ධනුවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එකතු කළ නමුත් අප
      මිහිරි මතක එක එක
      ආදරය පිනි බිඳකි තව
      වැටෙන විශ්වාසය නැති විට...

      Delete
  2. මරු හොදේ

    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතිය් සුමුදු.. ජය!!

      Delete
  3. සත් වසක් එකට හිඳ
    මත් කෙරුව සිතුම් පෙල
    රත් වෙවී නුඹ නමින්
    වත් කරයි කඳුළු කැට

    පලවෙනි වතාව මේ පැත්තට ගොඩ වැදුන
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවා එක ගැන සතුටුයි ඉෂානි. ජයවේවා!!

      Delete
  4. Read your verses from the beginning and feeling like its more close to myself as well. So sensitive and heart touching.

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....