Blogger Tricks Blogger Tricks

Monday, April 20, 2015

සිතේ ඇඳි සිත්තමට..



පාලු හවසක තනිව 
දැනුනු කම්මැලිකමට
සිතේ ඇඳි සිත්තමට 
පාට තවරන්නට  
සිතෙයි මට නිරතුරුව 
මැදියමට යදින 
කළුවර අහස 
නොදෙයි ඉඩක් මට 
පාට ගලපන්නට
බොඳ වෙන්නට පෙර 
සිත්තම සිත් කොනක 
පාලුවට ගුලිවුණු 
අදුරු මුල්ලක රැඳුනු 
මතක යහනක තනිව ...

Tuesday, April 14, 2015

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!


සිතුම් පැතුම් ඉටුවන,
අත මිට සරුවන,
කරදර දුක් අඩුවෙන,
සතුට සිනාව සපිරි,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!


Sunday, April 5, 2015

පුංචි කාලේ අපි



හීන එකතු කර 
පොදි බැඳන් හිත පුරා 
එක එක තාලේ 
පෙරුම් පිරුව
හිත හතර අතේ 
දුවපු ඇවිදපු   
ආදරණීය හුරතල් 
පුංචි කාලයක් 
තිබුනා මටත් ...

හවසට නිවාඩුවට 
වෙලේ දොලේ ඇලේ 
ඇවිදපු දුවපැනපු 
හති වැටෙනකන් 
ගෙදර නාපු 
අහස කතා කරන හැටි 
ඉපනැල්ලේ ඉඳන් 
අහන් හිටපු 
පුංචි කාලයක් 
තිබුනා මටත් ...

අද මේ වගේ 
හිර වෙලා 
ජීවිතය ඒකාකාරී 
වුනත් මම 
තවමත් එදා වගේම 
ආදරෙයි පණ වගේ 
හීන ගොඩක් 
ගෙනල්ලා දුන්නු 
ඒ පුංචි කාලෙට 
සිය දහස් වාරයක් ...


Wednesday, April 1, 2015

තවත් එක් නිමේෂයක..



තත්පර, මිනිත්තු 
පැය, දින වලින් ගැනී 
සති මාස ගෙවී යයි 
නොදැනීම හිතට 
ජීවිතය මැදින් 
නොකියාම හොරෙන්
තවත් එක් නිමේෂයක 
සිත අතරමංව 
හැරෙනු බෑ යලි 
යා යුතුය මග 
දිනන්නට ලොව 
ජීවිත කඩුල්ලෙන් 
පෙනෙන ලොව නොව 
ඇත සැඟව තව 
නොදුටු පැති අප 
ඇසට හසුවන මායිමේ නැති 
සොයා යා යුතුම අපි 
නමුදු කාලය හරස් වෙයි 
මට මෙන්ම නුඹටද 
වෙනසක් නොකරම
නුඹටවත් මටවත්  
සීමා කරයි ජීවිතය 
තව ටිකයි අවසනට
මේ ගෙවන නිමේෂය
සිතෙද්දීත් දුකයි 
තැවෙයි සිත වැලපෙමින් 
සිත යටින්
නිමාවන ඇසිල්ලේදී 
පෙන්වා ලෝකයට 
මුවේ රැඳී සිනා කැන්...