Blogger Tricks Blogger Tricks

Saturday, July 25, 2015

ඔබේ පායුග දන නමන්නට... අපි ලැබූ පින් අපිට අද හිමි නෑ

එදා මෙදා තුර මුළු මහත් ලංකාවක්ම හැඬවූ, ජාති ආගම් කුල මල නොතකා ලංකාවම දුක් වුණු, මාගේ මතකයේ ඇති එකම දිනය අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි අපවත් වූ දිනයයි. නන් දෙසින් පැමිණි ජන ගංගා මංමාවත් අතුරු සිදුරු නැතිව පිරවූයේ ශ්‍රී ලංකාද්වීපයේ පිනට පහල වූ මහා යතිවරයාණන් වහන්සේ කෙනෙකුගේ හදිසි වියෝව දරාගත නොහැකි දුකක්ද හිත් තුල දරාගෙනය.



මේ සින්දුව බලන හැම වෙලාවකම ඇහැට කඳුලක් නැගෙන වාර අනන්තයි. උන්වහන්සේ රට, ජාතිය වෙනුවෙන් කල කැප කිරීම් වචනයෙන් විස්තර නොහැකි තරම්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්වහන්සේ බුද්ධ පුත්‍රයෙකි.

උන් වහන්සේගේ දේශනා අහද්දී හිතෙනවා උන් වහන්සේ අනාගතය දැක්කද කියලත්. ඒ තරමට උන් වහන්සේගේ දේශනා කාලෝචිතයි.

නමුත් උන්වහන්සේ අපවත් කරවන්නට අනයාගමිකයින් ගත් උත්සාහයන් සඵල කරමින් උන් වහන්සේ අප අතරින් සමුගත්තේ යන්නට තව බොහෝ දුරක් තියෙද්දියි. අවසානයට පෙර උන් වහන්සේ අප තරින් වෙන් උනත් අපේ හිත් වල උන්වහන්සේ සදාකාලිකයි. මේ තියෙන්නේ උන්වහන්සේ අපවත් කරවීමට පැහැදිලි සාක්ෂි.






































ඔබ වහන්සේගේ නික්මයාම මුළු මහත් බෞද්ධ ජනීජනයාට සිදු වූ කිසිදා පිරවිය නොහැකි පාඩුවක්. එය කවරෙකු කෙසේ කීවද සදාතනික සත්‍යයකි.

නමදින්නට ඔබේ පායුග 
නොලැබුනද කිසි දින 
ඔබ වහන්සේ කල කීදැ 
සියසින් දුටිමි හාමුදුරුවනේ 
ඔබ වහන්සේ දෙසු බණ 
දෙසවන වැකුණි නිතරම 
පින් මදි නිසා අපට 
නුඹ වහන්සේ නොකියාම 
යන්න ගිය දින 
දැනුනු වේදනා කඳුලැලි 
මකන්නට නැවත 
බුදු පුතෙකු වී යලි වඩිනු මැන 
බුදුන් වැඩි දේශය 
මියැදෙන යුගයක 
අපි අසරණ වෙලා වගේ 
හිතට දැනෙනවා හාමුදුරුවනේ ...



Thursday, July 9, 2015

ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය



මවා පෑවොතින් එය උගේ ගොන් කමය 
කැපුවා නම් ඉතින් එය අනිකගේ ඉනිමගය 
ගොටු ඇල්ලුවා නම් අපි අද හොඳ තැන් වලය 
පොෂ් නැති අපි අදත් පෙර පොඩි තැන් වලය 


Friday, June 26, 2015

හසලක ගාමිණිලා රට වෙනුවෙන් කරපු


ලෝක ගෝලේ රවුමට පේනවද  
ලොකු ලොකු රටවලුත් හරියට පේනවද
නොපෙනෙන තිත් වගේ ඒවත් තියනවද
ලංකාවත් තිතක් ඒකත් පේනවද

රටේ නායකයෝ මරණෙට බිලිවෙච්ච
මිනිස්සු පොදි ගණන් මරණෙට යට වෙච්ච
වාහන තැනිත් තැන ගිනි ඇවිලිච්ච
රටක් තිබුණාය තිතකට නම් වෙච්ච

පිට රටකින් කෙනෙක් එන්නේ නැත මෙහෙට
ඉන්න උනුත් ඉන්නේ පණ ගැහි ගැහි හොඳට
බසයක යන්නේ බල බල වටපිට හොඳට
කන් දීගෙන හොඳින් එන පුපුරන හඬට

හමුදාවල කොල්ලෝ  සත්තුන් වගේ මරුන
නායකයොත් ඒවා වෙනකන් උන්න
පාවල දෙන්න ගිවිසුම් එහෙමත් ගැහුන
කාලයකුත් තිබුනා ඒ රටටම ඔන්න

කලකට පසුව නව මුහුණක් එක් වෙච්චි
රට කරවන විදිය හොඳ හැටි දැන ගච්චි
සැලසුම් එක්ක දිගු ගමනක් ඇති වෙච්චි
නැවතත් ප්‍රති පහරකට සියල්ල හැර වෙච්චි  


හමුදාවේ කොල්ලෝ තව කඩිසර වෙන්න
පිට පිට පිටරටින් එන ඊතල වට්ටන්න
බය හැක නැතුව රට ගැන කට උස්සන්න
කොන්දක් ඇති එකෙක් රට කරවයි ඔන්න

රට  හැමතැනම මුර පොළවල් ඉදි වෙන්න
ආරක්ෂාව තර කර මුළු බල වෙන්න
රටේ ජනතාවගේ බිය සක දුරු වෙන්න
හමුදාවේ කොල්ලන්ට පින් සිදු වෙන්න

නාවික හමුදාව වතුරෙන් වැඩ පෙන්නු
ගුවන් හමුදාව ගුවනේ රඟ පෙන්නු
පාබල හමුදාව වැඩි බරකට දුන්නු
සටනක ඇරඹුමට රටක්ම දිවි දුන්නු

උතුරයි නැගෙනහිර බේරාගන්න
මේ පැතිවල අයගේ දිවි බේරන්න
මරාගෙන මැරෙන උන් අල්ලාගන්න
විශේෂ පුහුණු ඇති සෙබළුන් බිහිවෙන්න

කොමාන්ඩෝ සෙබළු දිවි පුද කරපු
සටනේදී නොයෙක් දුක් කරදර විඳපු
අතපය නැතුව සිය නිවසට යවපු
සෙබළුන් අදත් සිටිනවා මේ රට දිනපු

හසලක ගාමිණිලා රට වෙනුවෙන් කරපු
සේවය බබලවන හමුදාවක් හදපු
හමුදා නායකයෝ මහ දිගු දුර දැකපු
සටනේ අවසනට මග පෙන්වා දීපු



වතුර පොදත් නැති කෙරුවේ LTTE උන්ය
පොඩි දරුවන් ගැහැණු සටනට දැම්මෙත් උන්ය  
අවසන මාවිල්ආරුවත් ජය ලැබුවේ අපිය
වතුර පොදත් ඇති කෙරුවේ අපෙ උන්ය

පරන්තන් වලට දැන්  මහ යුද ඇවිලිච්චි
මිනීමරු කොටින් පොදි ගණනින් වැනසෙච්චි
හමුදාවේ කොල්ලෝ තව තව බල වෙච්චි
යුද දිනුමකට පොඩි පැතුමක් ඇති වෙච්චි

මානුෂීය මෙහෙයුම තව බල ගැන්වී
ඉදිරියටම යද්දී තව තව සවිමත්වී
සමහර උන්ට හරි හරියට දුක ඇතිවී
හමුදාවේ උන්ව ගොන්නුන් ගානට දාවී

කිලිනොච්චිය කියා මැදවච්චියේ යන්න
තොප්පිගල කැලේ බල තහවුරු කරගන්න
රට පාවාදුන්නු අවජාතක උන්ව දිනවන්න
උඩ පැන පැන නටපු එවුනුත් අද මෙන්න

සාම ගිවිසුමෙන් රට කොටියට දීලා
අපේ කොල්ලෝ බලු වෙනවා බලලා
සතුටින් හිටිය ඒ ගොන් හොරිකඩලා
අදත් කරන්නේ ඒකම නොපිරිහෙලා



කොටින්ට කඩේ ගිය ඒ ගොන් හොරිකඩලා
විරු සැමරුමත් රට දිනුමත් සියල්ල නැති කරලා   
රටේ ජනතාවගේ ඇස් වලටත් වැලි ගහලා
යුද පරීක්ෂණ කරන්න සැලසුම් ගහලා

සටනේ වැඩි බරට කරදුන් විශේෂ බලකායන්
නීරෝ වගේ රට වෙනුවෙන් දිවිදුන් උන්
රටටම සම්පතක් ඒ කල මහ දස්කන්
ආඩම්බරයි උඹලා ගැන හැම මොහොතින්



Friday, May 8, 2015

ආතුර වුවන් අතර අනාතුරයකුව



තනි නොවුණු තරුවක් 
නැත අහසේ දකින්නට 
එලිය දෙන විට එකට 
එයයි දිදුලන රහස 
අහසක...
දුකක් නැත 
මන්ද 
හිතවත්කම්, සිනාවන්  
හදවතින්ම නිසා,
නොකර 
වෛරයෙන් ...
නුඹේ ඔය හිතවත්කම
අළු වලින් වැසුණු 
ගිනි පෙනෙල්ලක
දැවටුණු,  
වෛරයක් බව 
දැනෙන්නට 
ගතවුනේ 
නිමේෂයකි ...
මිනිසුන් නොමිනිසුන්
අතර 
හඳුනමි ආදරය
පෙරටත් වඩා 
හොඳින් දැන්...
තුති පුදමි 
දුන් හැම දෙයට 
මන්ද 
වෛර නොකරන නිසා
මිනිසුන්ට ...
සතුට මට,
ආතුර වුවන් 
අතර
අනාතුරයකුව 
සිටීමය ...



Monday, April 20, 2015

සිතේ ඇඳි සිත්තමට..



පාලු හවසක තනිව 
දැනුනු කම්මැලිකමට
සිතේ ඇඳි සිත්තමට 
පාට තවරන්නට  
සිතෙයි මට නිරතුරුව 
මැදියමට යදින 
කළුවර අහස 
නොදෙයි ඉඩක් මට 
පාට ගලපන්නට
බොඳ වෙන්නට පෙර 
සිත්තම සිත් කොනක 
පාලුවට ගුලිවුණු 
අදුරු මුල්ලක රැඳුනු 
මතක යහනක තනිව ...

Tuesday, April 14, 2015

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!


සිතුම් පැතුම් ඉටුවන,
අත මිට සරුවන,
කරදර දුක් අඩුවෙන,
සතුට සිනාව සපිරි,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!


Sunday, April 5, 2015

පුංචි කාලේ අපි



හීන එකතු කර 
පොදි බැඳන් හිත පුරා 
එක එක තාලේ 
පෙරුම් පිරුව
හිත හතර අතේ 
දුවපු ඇවිදපු   
ආදරණීය හුරතල් 
පුංචි කාලයක් 
තිබුනා මටත් ...

හවසට නිවාඩුවට 
වෙලේ දොලේ ඇලේ 
ඇවිදපු දුවපැනපු 
හති වැටෙනකන් 
ගෙදර නාපු 
අහස කතා කරන හැටි 
ඉපනැල්ලේ ඉඳන් 
අහන් හිටපු 
පුංචි කාලයක් 
තිබුනා මටත් ...

අද මේ වගේ 
හිර වෙලා 
ජීවිතය ඒකාකාරී 
වුනත් මම 
තවමත් එදා වගේම 
ආදරෙයි පණ වගේ 
හීන ගොඩක් 
ගෙනල්ලා දුන්නු 
ඒ පුංචි කාලෙට 
සිය දහස් වාරයක් ...


Wednesday, April 1, 2015

තවත් එක් නිමේෂයක..



තත්පර, මිනිත්තු 
පැය, දින වලින් ගැනී 
සති මාස ගෙවී යයි 
නොදැනීම හිතට 
ජීවිතය මැදින් 
නොකියාම හොරෙන්
තවත් එක් නිමේෂයක 
සිත අතරමංව 
හැරෙනු බෑ යලි 
යා යුතුය මග 
දිනන්නට ලොව 
ජීවිත කඩුල්ලෙන් 
පෙනෙන ලොව නොව 
ඇත සැඟව තව 
නොදුටු පැති අප 
ඇසට හසුවන මායිමේ නැති 
සොයා යා යුතුම අපි 
නමුදු කාලය හරස් වෙයි 
මට මෙන්ම නුඹටද 
වෙනසක් නොකරම
නුඹටවත් මටවත්  
සීමා කරයි ජීවිතය 
තව ටිකයි අවසනට
මේ ගෙවන නිමේෂය
සිතෙද්දීත් දුකයි 
තැවෙයි සිත වැලපෙමින් 
සිත යටින්
නිමාවන ඇසිල්ලේදී 
පෙන්වා ලෝකයට 
මුවේ රැඳී සිනා කැන්... 

Saturday, March 28, 2015

බින්දු බින්දු වැහිපොද



බින්දු බින්දු වැහිපොද 
තෙමද්දී රළු පොලොව 
සිසිල ගුලිවුනු හිතද 
නොනැවතී මොහොතකට 
සිසිල දෝතින් අරන් 
හිනැහේවි තුටු සිතින් ..
සුවඳ දෙන මිහිකතට
පබඳෙනා ගීතයට
පිල් ගසන මොනරුන්ද 
තාල රැඟුමන් තබයි ..
මැදියමේ සඳ කැනින් 
සොඳුරු ඉවුරක 
වැතිර සැනහෙමි 
සතපමින් හද මතක පොත 
සිතුම් පටකදී මෙන්
තවරවයි දෑස මත ..

Sunday, March 22, 2015

පිරිත 2015




දිග කොට මැන මැන 
කපපු ඉරපු ලී 
තට්ටු හතරක් උස්සන් 
නැගපු බැහැපු 
ලී වලට පණ දෙන්න 
ඇණ ගහපු ගලවපු 
තිර රෙදි ඇදපු 
සති දෙක තුන එක දිගට 
කැම්පස් එකට සෙට් වෙලා 
හීන දැකපු අපේ පිරිත ...

 උපරිමෙන් කරන්න  
නොකරපු දෙයක් 
නැතිතරන් කියලා හිතෙද්දි 
කරපු දේවල් රූප පෙළක් වගේ 
මැවෙනවා ඇස් ඉස්සහරහම..
අඩුපාඩු ගෙන්න කඩේ දුවපු
සල්ලි මදිපාඩු වහන්න 
පැය ගණන් පාරවල් වල 
පෑන් විකුනපු 
දවල්ට කන්න හවසට ගියපු 
කාලයක් තිබ්බා අපිටත් ...

හිතාගන්න බැරි තරම් 
සුපිරියට අපේ ඇස් ඉස්සරහම 
සිත්තම් වෙද්දී 
හිත නටපු හැටි මතකයි දැනුත් 
බවනේ තියන් රිජිෆෝම් කපපු 
කැටයම් නෙලපු සායම් ගාපු
හැමෝටම මග කියන තොරණ 
රජෙක් වගේ නැගිටිද්දී 
කැටයම් දිලිහෙද්දී 
සතුටුයි හදවතින්ම ..

මග දිගට ලයිට්වැල් 
දිලිහෙද්දී මැදියමට  
දැල්වුණු  පහන් වල
තෙල් නොහිඳුනාද මන්දා 
පිරිත අහවර වෙනකන්ම..
ඇස යොමන යොමන 
සිව් දෙසම  දිදුලන 
පාරාදීසයකි අද ..
අඩුපාඩු නොවෙන්නට
එකා මෙන් වෙහෙස උණු 
කාලයේ අවසනදි 
කඳුළු ඇස් තෙමනු ඇත 
අපිටත් නොදනිම..

පඩි පෙළ දිගට කැටයමට 
එළිය දෙන පහන් දැල්වුණු
සිරිය වඩවන්න  
නෙලුම් මල් පිපුණු 
පුන්කලස් දොරටු ළඟ ..
වලාකුළු බැමි ලඟින් 
කරඬුවේ මණ්ඩපයට ..
පිය නගද්දී හෙමිහිට 
තුන් දොහක් නිදි වරන් 
ගත්තු මහන්සිය 
මල්පල ගනිද්දී 
දිලිහෙමින් රැස් නැගුණු 
මණ්ඩපයයි 
අපේ හද නවාතැන ..

-UCSC අපි-
  



Tuesday, March 10, 2015

මවාපාන්නේ නැති අපි

දිලිසුනත් අව්වට හොඳට
පිත්තල නෑ වෙන්නේ රත්තරන්
හැබැයි පෙන්නේ පිටට
වගේමයි රත්තරන්
ඉතින් ඔහොම හිතන්
දිගටම යද්දී ...
තව මොනවා නොහිතෙයිද
මන්දා ඉතින් ....

කොලු කමට නිකමට වගේ
වැවුවට දිගට රැවුල කොන්ඩේ
අපිත් ඉගෙන ගන්න එවුන්
අනිත් උන් වගේම ...
වෙනස ...
ඔය කොන්ඩේ රැවුල
විතරයි අපිට නම් ....
පෙනුමෙන් මනින්න බැරි
මිනිස්සු හිටියේ ඉස්සරද ??
අද නැද්ද ??

ඔච්චරටම හණමිටි
පොදි බැඳන් කරේ ..
රස්තියාදුකාරයෝ උන්
කියලා කිව්වත් ...
ආතල් එකට රවුමක් දෙකක්
ඇවිද්දට සෙට් එක එක්ක ...
සද්දෙට සින්දුවක් කිව්වට
පොරවගන්නේ නැතුව
බැටළු හම් ....
මවාපාන්නේ නැති අපි
රැවුල කොන්ඩේ
වැවුවත් නැතත්
වෙනසක් නෑ බන් ....

Saturday, February 21, 2015

ජය මුමුණන හිත්වල ...




අපි එක්වුන හැම තරගෙම ..
සිහනද..
හැම තැනකම ..
පතිරෙනා ...

නිරතුරුවම සිව්දෙස ...
තණතිලි වල ..
සිරි ලංකා නාමය...
රජවෙනා ...

ආවත් මුළු ලෝකෙම ..
එකවර ..
සිංහයෝ..
උන් පරදනා ...

ඇස් පිල්ලන් නොගසන ...
මොහොතට..
මුළු තරගෙම ..
උඩු යටිකුරු කරවනා ...

උන් නොසිතන මොහොතට ..
මුළු පිටියම ..
දෙවනත් වන ...
පන්දුව යොමුවනා ...

හැම පිටියක් ගානෙම
අප සිංහයෝ ...
දිනවන ..
ජයගොස පතිරෙනා ...

ඇසුවන් සිත් වෙව්ලන..
පිති හරඹය ...
වස්සානය ..
ගෙන එනා ...

ලේ කකියන හිත්වල..
පොපියන ..
සිහ ධජ ..
ලෙලදෙනා ...

එන එන හැම පන්දුව ...
වා තල..
දෙදරනා ...
ගිනි පුලිඟුව කරමින ...

අද එක්වෙමු හැමදෙන ...
දිනවන්නට ...
පින්බර ..
මව්බිම ...

කඳු හෙල් මේ හැමතැන ...
උන්මාදය...
රජවෙන ...
දිනයක් එළඹෙනා ...

ජය මුමුණන හිත්වල ...
කුසලානය ..
නිරතුරුවම ...
දිළිසෙනා ...

පින්තුරය අන්තර්ජාලයෙනි.