තාම
වෙනසක් නැතිව
ගුරුපාර
තියනවා
වතුසුද්ද
මල් යාය
තවම
මල් මවනවා
නුඹ
මගේ නොවන බව
හැම
විටම දැනෙනවා
නෙතට
කඳුලක් ගෙනෙන
රිදුම
යලි උනනවා
මම
තනිව ගුරුපාරෙ
කොනක
තනි රකිනවා
වෙන
හිතක් නොලබන්න
නුඹෙ
පැතුම දැනෙනවා
පැතූ
නුඹ දුර ගිහින්
මම
තවම තැවෙනවා
එදා වාගේ අදත්
ReplyDeleteපොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව
තවම ඉඩ තියනවා
නුඹ මගේ ලඟින් නැති
අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි
මගෙ කවිය ලියනවා
සොම තිලක ජයමහ ශූරීන්ගෙ මේ ගීතය මතක් වුනා ඔබේ කවිය දුටුවහම
අපූරුයි
ජයවේවා!!!
ස්තුතියි ... ජයවේවා !!
Deleteකොල හැලී ගිය ගහේ දළු යළිත් හැදෙනවා
ReplyDeleteමල දුකින් පරවුණත් තවත් මල් පිපෙනවා
වැල පෙනා නියං බිම සනසන්න වහිනවා
බල බලා ඉඳින් මග තව රුවක් ඇදෙනවා....
අපූරුයි ධනූ...
ජයවේවා!!!
ඒක මරු දුමී ...
Deleteස්තුතියි ... ජයවේවා !!
කොටින්ම කියනවනම් එළ කිරි සහ නළ ජලය වගේ
ReplyDeleteජය වේවා ..!!!!
ස්තුතියි සුමුදු .. ජය!!!
Deleteදුහුවිල්ල කල හදිය
ReplyDeleteගුරු පාර දවනවා...
ඔබ නොදන්නවා වුව
වතුසුද්ද දන්නවා...
පරණ වතුසුද්ද පෙති
බිමට පස් වෙලා..
අලුත් වතුසුද්ද පිපි
නව වසත් කල මවනවා...
ඔබ ඔහොම තැවි තැවි
නොම ඉන්න කියනවා...
වතුසුද්ද වගේ නව
පැතුම් හුඟ තියනවා....
ස්තුතියි අරු ... ලස්සනයි
Delete