Blogger Tricks Blogger Tricks

Thursday, December 21, 2017

නුඹ

සෙමින් හමනා සුළඟට 
ඔහේ පාවෙන ලස්සන
සමන් මල් ඉත්තට
ලැබුණෙ කොහොමද
නුඹේ සිනහව..

විසල් දහවල් එළියට
නිලට දිලිසෙන ලස්සන
සොඳුරු නිකැළැල් අහසට
ලැබුණෙ කොහොමද
නුඹේ ඇස් දෙක...

Friday, December 8, 2017

අසනි වැස්සක් වැහැපුදෙන්...

ඇසට ඇස හමු
නොවෙන ලෝකෙක
හිතක් තනියම මැරුණදෙන්...

අහස ගොරවන විදුලි කොටවන
අසනි වැස්සක් වැහැපුදෙන්...
නුඹේ ළඟ ඇති මගෙ හිතත්
අසනි වැස්සට හේදියන්...
සේදී සේදී වැහි දියට හිත
මරුන හිත පණ ඇදපුදෙන්....

Wednesday, December 6, 2017

වැඩිමල් ප්‍රේමය

මගදි නැවතෙන ගැටෙන
හරිම කලබල සැලෙන
හිතක් නැවතිලා
ටිකක් නුපුරුදු තැනක...


නොසිතාම දෙවරක්
ගැලවුණු හිතත් සතුටත්
අරගෙන දෑතකින්
යන්න ඔසවද්දි පයක්
කළා හිත තරවටුවක්
අරගෙන පය යලිත්
කන් දුන්නා හිතට පොඩ්ඩක්
ඒක වැඩිමල් හිතක්...
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

Monday, December 4, 2017

දකින්නැති කව්රුවත්

ලියන කාලයේ මං
පෙම් පුවත, ප්‍රේමයේ පන්හිඳෙන්
ඉරගලත් පරව ගිය හවස්වල
ඇස් වලින් හිත් වලින්
ජීවිතේ සිරකරන්
සුසුම් උණුසුම් වෙන්න ඇති
නොදැක්කට කව්රුවත්
අහක යන උඩු සුළඟ
හිතට බර වැඩි නිසා
මං තාම තනියම අතරමං...

Sunday, December 3, 2017

බලාපන් මගේ හිත

වලාකුළු සිපගන්න 
උස් කඳු මුදුන් ඇත 
නොසෙල්වී අව් වැසිද 
ඉවසනා අපූරුව 
බලාපන් මගේ හිත,
අයුරු ඉවසන 
වෙනස්වන හැමදේම 
නොවෙනස්වු නියාවට...

Saturday, December 2, 2017

හඬගා කියමි මම

උන්මාද අහසට 
හඬගා කියමි මම 
නුඹ ඔහොම 
ලස්සන තාලෙට 
වෙන තරමටම ප්‍රේමණීය 
තනිවෙලා මගේ හිත 
ගොන්නක විඳවන 
සිතුවිලි මතක... 
ඉඳින් කියන් මට 
කෙතරම් අසාධාරණද 
නුඹ...?