Blogger Tricks Blogger Tricks
Showing posts with label අවුරුදු. Show all posts
Showing posts with label අවුරුදු. Show all posts

Friday, April 14, 2017

හැමෝටම සුභ අලුත් ...

කියන්න නම් ලොකු දේවල් නෑ.. අලුත් කාලයක් අලුත් ජීවිතයක්.. ඉස්සර වගේ අවුරුදු දැනෙන්නේ නෑ.. ලෝකේ වෙනස් වෙලා.. ඒ කොහොම උනත් .. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කරගන්න පුළුවන් වෙන්න මහන්සි වෙලා...

Tuesday, April 14, 2015

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!


සිතුම් පැතුම් ඉටුවන,
අත මිට සරුවන,
කරදර දුක් අඩුවෙන,
සතුට සිනාව සපිරි,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!


Monday, April 14, 2014

අලුත් අවුරුදු ඇවිත්



සිව් මසක් ගෙවී ගොස්
අලුත් අවුරුදු ඇවිත්
අවට මේ හැම තැනම
සිරියාව පැතිර ගිය
සතුට හැම මුව රැඳුණු
එකමුතුව හද පිරුණු
කාලයයි මේ.....

කොහෝ හඬ සිව් දෙසින්
ඇසෙන විට දෙසවනට
රබන් හඬ රජ කරයි
නොදෙවනිව ඒ හඬට
දකින්නට නෑ සියන්
යන්නටයි සිතන්නේ
මෙයයි අවුරුදු සිරිය
ගම පුරා පැතිර ගිය....

නැකතකට සියලු දේ
රට පුරා සියලු දෙන
එක මොහොතේ සිදුකරන
ඒ අසිරිමත් කාලයයි
මේ අලුත් අවුරුද්ද......