Blogger Tricks Blogger Tricks

Friday, April 21, 2017

අරගෙන සදහටම..

නොදැනීම අහම්බෙන්
ඇවිත් රැගෙන ආදරය
කාලයක් පුරාවට
එකතුකර මතක පොත..
අවසනදි ගියා නුඹ
රැගෙන ආ ආදරය
අරගෙන සදහටම..
ඉතිරි කර පිටු ගොඩක්
පෙරලන්නට අපහසු..
තිබුනෙ නුඹට
යන්නට කලියෙන්ම..
නොලියා තවත් පිටු
මතක පොත පිරෙන්නට..

Saturday, April 15, 2017

ධනුවාගේ මිනි #13

සිදාදියෙ එහා කොන
නිතර මුණගැහුණු ඒ
අපෙ පාළු පටුමගේ
ගෙවු ඒ සොඳුරු දින
තවම හරි ලස්සනයි..
ඒ හෙලූ පෙම් සුසුම්
අදත් යලි හමුවෙලා
මේ විසල් අහස යට
මුමුණනවා ඇති එදා
දෙඩූ පෙම් රස වදන්..

Friday, April 14, 2017

හැමෝටම සුභ අලුත් ...

කියන්න නම් ලොකු දේවල් නෑ.. අලුත් කාලයක් අලුත් ජීවිතයක්.. ඉස්සර වගේ අවුරුදු දැනෙන්නේ නෑ.. ලෝකේ වෙනස් වෙලා.. ඒ කොහොම උනත් .. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කරගන්න පුළුවන් වෙන්න මහන්සි වෙලා...

Wednesday, April 5, 2017

පැමිණි ගිම්හානයට

අමතකව දමාගිය 
වසන්තය යලි එන තෙක් 
බලා සිටි කාලයට 
නොතබාම තිතක් 
තබමි කොමාවක් 
පැමිණි ගිම්හානයට 
පෙම් බඳිනු කැමතිව..

දන්නවද? හීනයක් ඒක
පාට තවරපු හිත පුරාම..
දින ගණන් පැය ගානට
පැයගණන් තත්පර ගානට
ගෙවෙනවා දැනුනෙවත් නැති
කඩන් වැටුණු 
හීන මාලිගාවක 
අයිනෙ බිත්තියකට
හේත්තු වෙලා මැවුණු
ආදරණීයම හීනයක් ඒක..

Monday, April 3, 2017

ධනුවාගේ මිනි #12 - මම

ගිම්හාන හිරු එළිය
ගත දවන නිරතුරුව
කවදාද පැමිණෙන්නෙ
වස්සාන වැහි සොඳුර
නිවන්නට විඩා හද
වේදනා විඳිමි මම;
මමයි මේ මහ පොළොව
විඳින විඳවන නිතර..

Saturday, April 1, 2017

ධනුවාගේ මිනි #11

හිමිදිරි අඳුරක
තනිවුනු හදකට,
සීතල හීනෙක...
දැවටීවත්..
මතකය විසිරුණු
නිල්වන් අහසක,
තරුවල එළියට ...
සඳ අමතක වෙනවා නම්...