Showing posts with label ඇරඹුම. Show all posts
Showing posts with label ඇරඹුම. Show all posts
Thursday, March 9, 2017
ධනුවාගේ මිනි #6 - සත්තමයි
ආයෙත් යන්න පුළුවන් නම්
මම නුඹව දුටු
මුල්ම දිනයට
සත්තමයි යනවා මං
නුදුටු සේ මම නුඹව
Tuesday, January 24, 2017
ධනුවාගේ මිනි #1
ඇහේවිද වරක් හෝ
මගෙ හදේ නින්නාද
තවම නෑ ඇරඹුමක්
අතරමං වෙලා මම
අපේ ඒ මතකවල
ඔබ නැතුව ඔබ එක්ක
මගෙ හදේ නින්නාද
තවම නෑ ඇරඹුමක්
අතරමං වෙලා මම
අපේ ඒ මතකවල
ඔබ නැතුව ඔබ එක්ක
Wednesday, April 1, 2015
තවත් එක් නිමේෂයක..
තත්පර, මිනිත්තු
පැය, දින වලින් ගැනී
සති මාස ගෙවී යයි
නොදැනීම හිතට
ජීවිතය මැදින්
නොකියාම හොරෙන්
තවත් එක් නිමේෂයක
සිත අතරමංව
හැරෙනු බෑ යලි
යා යුතුය මග
දිනන්නට ලොව
ජීවිත කඩුල්ලෙන්
පෙනෙන ලොව නොව
ඇත සැඟව තව
නොදුටු පැති අප
ඇසට හසුවන මායිමේ නැති
සොයා යා යුතුම අපි
නමුදු කාලය හරස් වෙයි
මට මෙන්ම නුඹටද
වෙනසක් නොකරම
නුඹටවත් මටවත්
නුඹටවත් මටවත්
සීමා කරයි ජීවිතය
තව ටිකයි අවසනට
මේ ගෙවන නිමේෂය
මේ ගෙවන නිමේෂය
සිතෙද්දීත් දුකයි
තැවෙයි සිත වැලපෙමින්
සිත යටින්
නිමාවන ඇසිල්ලේදී
නිමාවන ඇසිල්ලේදී
පෙන්වා ලෝකයට
මුවේ රැඳී සිනා කැන්...
Sunday, March 22, 2015
පිරිත 2015
දිග කොට මැන මැන
කපපු ඉරපු ලී
තට්ටු හතරක් උස්සන්
නැගපු බැහැපු
ලී වලට පණ දෙන්න
ඇණ ගහපු ගලවපු
තිර රෙදි ඇදපු
සති දෙක තුන එක දිගට
කැම්පස් එකට සෙට් වෙලා
හීන දැකපු අපේ පිරිත ...
උපරිමෙන් කරන්න
නොකරපු දෙයක්
නැතිතරන් කියලා හිතෙද්දි
කරපු දේවල් රූප පෙළක් වගේ
මැවෙනවා ඇස් ඉස්සහරහම..
අඩුපාඩු ගෙන්න කඩේ දුවපු
සල්ලි මදිපාඩු වහන්න
පැය ගණන් පාරවල් වල
පෑන් විකුනපු
දවල්ට කන්න හවසට ගියපු
කාලයක් තිබ්බා අපිටත් ...
හිතාගන්න බැරි තරම්
සුපිරියට අපේ ඇස් ඉස්සරහම
සිත්තම් වෙද්දී
හිත නටපු හැටි මතකයි දැනුත්
බවනේ තියන් රිජිෆෝම් කපපු
කැටයම් නෙලපු සායම් ගාපු
හැමෝටම මග කියන තොරණ
රජෙක් වගේ නැගිටිද්දී
කැටයම් දිලිහෙද්දී
සතුටුයි හදවතින්ම ..
මග දිගට ලයිට්වැල්
දිලිහෙද්දී මැදියමට
දැල්වුණු පහන් වල
තෙල් නොහිඳුනාද මන්දා
පිරිත අහවර වෙනකන්ම..
ඇස යොමන යොමන
සිව් දෙසම දිදුලන
පාරාදීසයකි අද ..
අඩුපාඩු නොවෙන්නට
එකා මෙන් වෙහෙස උණු
කාලයේ අවසනදි
කඳුළු ඇස් තෙමනු ඇත
අපිටත් නොදනිම..
පඩි පෙළ දිගට කැටයමට
එළිය දෙන පහන් දැල්වුණු
සිරිය වඩවන්න
නෙලුම් මල් පිපුණු
පුන්කලස් දොරටු ළඟ ..
වලාකුළු බැමි ලඟින්
කරඬුවේ මණ්ඩපයට ..
පිය නගද්දී හෙමිහිට
තුන් දොහක් නිදි වරන්
ගත්තු මහන්සිය
මල්පල ගනිද්දී
දිලිහෙමින් රැස් නැගුණු
මණ්ඩපයයි
අපේ හද නවාතැන ..
-UCSC අපි-
-UCSC අපි-
Labels:
අදහස්,
ඇරඹුම,
බුදු සිරිත,
සතුට,
සරසවිය,
හිතෙන දේවල්
Saturday, January 11, 2014
ඇරඹුමයි මේ....
කියන්නට මේ වෙලාවේ වැඩි දෙයක් නැත.. හිතලා හිතලා මේක ලියන්න ගත්තේ..
පුළුවන් වෙලාවට කම්මැලිකම නැති කරගන්න මොකක් හරි දෙයක් කුරුටු ගාන්නයි කල්පනාව...
අරඹන්නට පරිච්ඡේදයක්...
ලියන්නට කතාවක්...
ලැබුණු විට වෙලාවක්...
පුළුවන් වෙලාවට කම්මැලිකම නැති කරගන්න මොකක් හරි දෙයක් කුරුටු ගාන්නයි කල්පනාව...
අරඹන්නට පරිච්ඡේදයක්...
ලියන්නට කතාවක්...
ලැබුණු විට වෙලාවක්...
Subscribe to:
Posts (Atom)


.jpg)