Blogger Tricks Blogger Tricks

Saturday, February 21, 2015

ජය මුමුණන හිත්වල ...




අපි එක්වුන හැම තරගෙම ..
සිහනද..
හැම තැනකම ..
පතිරෙනා ...

නිරතුරුවම සිව්දෙස ...
තණතිලි වල ..
සිරි ලංකා නාමය...
රජවෙනා ...

ආවත් මුළු ලෝකෙම ..
එකවර ..
සිංහයෝ..
උන් පරදනා ...

ඇස් පිල්ලන් නොගසන ...
මොහොතට..
මුළු තරගෙම ..
උඩු යටිකුරු කරවනා ...

උන් නොසිතන මොහොතට ..
මුළු පිටියම ..
දෙවනත් වන ...
පන්දුව යොමුවනා ...

හැම පිටියක් ගානෙම
අප සිංහයෝ ...
දිනවන ..
ජයගොස පතිරෙනා ...

ඇසුවන් සිත් වෙව්ලන..
පිති හරඹය ...
වස්සානය ..
ගෙන එනා ...

ලේ කකියන හිත්වල..
පොපියන ..
සිහ ධජ ..
ලෙලදෙනා ...

එන එන හැම පන්දුව ...
වා තල..
දෙදරනා ...
ගිනි පුලිඟුව කරමින ...

අද එක්වෙමු හැමදෙන ...
දිනවන්නට ...
පින්බර ..
මව්බිම ...

කඳු හෙල් මේ හැමතැන ...
උන්මාදය...
රජවෙන ...
දිනයක් එළඹෙනා ...

ජය මුමුණන හිත්වල ...
කුසලානය ..
නිරතුරුවම ...
දිළිසෙනා ...

පින්තුරය අන්තර්ජාලයෙනි.

Tuesday, February 10, 2015

වෙන කොහෙද, කඩේ බන් ....




අඩි දෙක තුනක් 
උඩින් යන්නට 
හිතෙයි නම් උඹට 
පව් කියා සිතෙයි මට 
වරක් නොව සිය දහස් 
වතාවත් ඇසිල්ලෙන් ...

අහංකාරකම් නම් 
එමට ඇත සැමතැනම 
දවසක ඔය අහංකාරය 
නිලංකාරය වෙයි 
උඹටත් නොදැනීම ...

මනුස්සයෙක් දුටුවිට 
මාන්නය වදී නම් 
ඉහ මුදුනටම 
ටවුමේ නිසාද මන්දා 
මනුස්සකම දෙපාවල ...

දිනෙක අසරණ වුනොත් 
උදව් අසාපන් 
මතක් කර දිය හැකියි 
තිබුණු මාන්නය 
කඳුළු පනින්නට 
ඇස් දෙකෙන්ම ...

අනෙක් උන් උඹේ අතකොළුවක් 
කියා නම් සිතෙන්නේ 
කඩේ යන උනුත් පව් 
උඹත් පව් අපිට නම් 
පොලවේ පය ගහලා ඉන්න 
හින්දා අපි කවදත් ..

අපිට නම් හිතෙන්නේ 
එක දෙයක් ..
යන උන්ද පව් යවන උන්ද පව් 
වෙන කොහෙද, කඩේ බන් ....

පින්තුරය අන්තර්ජාලයෙනි.

Sunday, February 8, 2015

ඒ අහස මට කොච්චර දුරද?

ගැනිය නොහැකි තරමට
විසිරුන තරු කැට යට
මම කොච්චර පොඩිද ?

දුරින් දිලෙමින් හිනහෙන
සිනාසෙමින් දිස්නෙට බැබලෙන
ඒ තරු යට
මම කොච්චර අදුරුද?

අල්ලන්න අත නැහැ දිගට
ආවත් මම ලෝකය අගට
පේනවද මාව ඔයාගේ ලොවට
දුරින් හිඳ මාව අඩවන
ඒ අහස මට කොච්චර දුරද?


නිපුන් තාරක සහෝගේ කවියට ගොයියාගේ පිළිතුර :

තරු ගනින තරමට
අනන්ත වූ අහස
නොතකමින් නුඹ
අතරමං කරයි සිත..

දුර වුවද තරුවට නුඹෙන්
යලි නොඑන බව නොදැනුනත්
මග බලන නුඹ සිටින බව
අඳුර පමණක් දනියි..

නොපිපුනද අත දුරක
හදවතින් නුඹේ ළඟ
රැඳෙනු ඇත නිරතුරුව
වැටෙන කඳුලට වඩා හද රැඳී
රිදුම සතුටකි සිතට..