Tuesday, September 19, 2017

එකම එක මොහොතකට

මම එදා නුඹ එනකං...
තනියම බලාගෙන හිටි
තැන්වල...
බස් නැවතුම්වල
අදත් දකිනවා මම
පෙම්වතුන්...
එනතුරු බලං
මම වගේ
ඉවසිල්ලක් නැතුවම
දැකගන්න
එකම එක මොහොතකට
පතමි මං
එක්වෙන්න
නොවී විඳවන්න..

Saturday, July 8, 2017

විඳගන්න එනවා මං

මුමුණමින් හිතපුරා හෙමි හෙමින්..
නුඹ ලියූ ගී තනුව ඇසිල්ලෙන්..
දැනුනු නුඹෙ ආදරේ මේ තරම්..
විඳගන්න එනවා මං මොහොතකින්..

නොමැකෙනා මතකයෙන්..
ලියැවෙනා ගී පද වැලෙන්..
විඳිමි මං නුඹෙ ආදරේ..
මහමෙරක් තරමටම හද පෙතෙන්..

නුඹ ලියූ තනුව තුරුලට අරන්..
ගොතමි කතාවක් අපේ..
විඳගන්න මේ මිහිර හැමදාම..
ඉපදෙනා මතු භවයකත්..

Saturday, June 10, 2017

හිනාවෙන පිණි බිංඳු

හිනාවෙන පිණි බිංඳු
නොහිතාම යලි වරක්
කොඳුරන්න සවනගට
හිරු යලිත් එයි නේද
වසන්තය අරගෙනම...

වත්තෙ මායිම කොනක
දාස්පෙති ගාලකට
ලංව හැදුනට මොකද
සුදුම සුදු උඩවැඩියා
නුඹ හරිම හැඩකාර..

රංචු වෙන සමනලුද
නොනැවතී එක තැනක
දාස්පෙති දැක දැකම
නවතින්න පෙම් බඳියි
උඩවැඩියා අහලින්ම...

Sunday, June 4, 2017

සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි.

හුදකලාව මිහිරිය. හිතේ අගුළු ලා ඇති සටහන් ගොඩ ගන්නේ හුදකලාව විසිනි. බිඳී ඇහැරෙන රිදුම් අගුළු දමන්නට සදාතනික ප්‍රේමයට හැකි වුවද හුදකලාව හිත අයිතිකර ගන්නේ ඇසිල්ලකිනි. අතරමං වූ ප්‍රේමය වනාහී මතක සැමරුමකි. එක අතකට දිනෙන් දින අළුත් වෙයි. තවත් අතකින් අගුළු ලා ගනී. හුදකලාව කතා කරන්නේ මේ අතරමං වූ ප්‍රේමයටය. හදවත සීරුවට හූරන්නට දෙන අවසරයක් වැනිය. රිදෙන බව දැන දැනත් පෙම් කරන ඇසිල්ලක් පෙම්වත් වුන හිතක කොනක හෝ රැඳී ඇත. නොපිපි කුසුමක සුවඳ මෙන් දැනී නොදැනෙන මේ ඇසිල්ල පණ දෙන්නේ අතරමං වූ ප්‍රේමයටය. තනි වූ ප්‍රේමය පිරිසිඳුය. විශ්වාසවන්තය. වෙනස් වීමක් නොමැත. අඩු වීමක් නොමැත. මගේම පමණකි. ආදරය අකුරු හතරක් පමණක්ම නොවන බව කියාදෙන්නේ ළඟ රැඳී ගෙවෙන ඇසිල්ල නොව තනි වූ ප්‍රේමයයි. හැම පෙම් හිතකම කොහේ හෝ ප්‍රේමය රැඳී ඇත. හැම වෙන්වීමක්ම පළමු හමුවීම ඒ රැඳුනු ප්‍රේමය අසලින්ම තදින් ලියා තබන්නේ මතක පොත දිග හැරෙන්නේ එතැනින් නිසාවෙනි. හුදකලාව කියවන්නේ මෙ මතක පොතයි. ලියවුනු හැම ඇසිල්ලක්ම වඩ වඩා දැනේනනේ වෙන්වීමකට පසුය. හුදකලාව දුක සතුට අතරින් සුන්දර මතක කියවන්නේ අමුතුම රටාවකටය. දුටු මුල්ම නිමේෂයට, පළමු හාදුවට හුදකලාව රහසේම පෙම් බඳිනු ඇත. අත් අල්ලාගෙන ගිය මාවතක් ගානේම ඇසිල්ලකින් කරක් ගසයි. වේදනාව අළුතින් ලියයි. හිත පෙම්වත් කරන්නේ වේදනාවයි. මග දිගට ගහක් මලක් ගානේම වේදනාව සිත්තම් කරන්නේ හුදකලාවයි. මම ඒ සිත්තමට පෙම් කරන්නට ගත්තෙමි. සිත්තම කවි කළෙමි. කරන්නෙමි. විඳිමි.

Friday, June 2, 2017

ලියා ඇති සත්තමයි


බිදී විසුරුණු
තවත් රිදුමක
හීනි අගිස්සක
ලියා ඇති ආදරේ
සත්තමයි
ඇස් ගැටෙන ගැටෙන
හැම තැනක
නවතින එක නෙමෙයි
පපුව මැද රිදෙන එක
විතරක්ම වෙයි දවසක
කියලා ... 

Tuesday, May 30, 2017

ලියා ඇති විරහව බිඳක්..

අහස හඬවන වැස්සකත්..
පොළොව රත්කළ අව්වකත්..
අහිමි කළ පෙම් හදවතත්.. 
කියයි ලොව ඇති ඉරණමක්.. 

හදේ ඇවිලෙන මතකයත්.. 
යලි නොඑන තනි ප්‍රේමයත්.. 
චණ්ඩ ගංදිය රළකවත්.. 
නොමැති අමුතුම තාලයක්.. 

හදේ අයිනක කොනකවත්.. 
යලි උනන රළු පෙමකවත්.. 
ගතම සනහන සුළඟකත්.. 
ගලන බව පවසයි සිතක්... 

රැයට සසිලන සඳකවත්.. 
සැලෙන රුක්ගොමු පතකවත‍්.. 
රිදෙන පාවෙන පැතුමකත්.. 
ලියා ඇති විරහව බිඳක්..


Monday, May 29, 2017

ධනුවාගේ මිනි #16

නොහිතාම ඇවිත්
නතර වෙන...
නොදැනීම දැනී
තනි කරන...
රහසේම හදේ
පද ලියන...
වේදනාවකි ආදරය
දවන හද...

Saturday, May 27, 2017

ධනුවාගේ මිනි #15

වැහි බිඳුවලට
හෙමින් සේදෙන
වතුසුද්ද මලක්
වුනා නම්
මගෙ හිතත්...
සෝදනවා මම
නුඹෙ මතක
එකක් ගානෙම...

Thursday, May 25, 2017

ධනුවාගේ මිනි #14

සසර පුරුද්දකට මට නුඹව
හමුවෙන්න ඇති මෙහෙම
හිමි නැතත් නුඹව මට
කරගන්න මගෙ විතරක්ම
ලැබීමම වෙන්න ඇති
හමුවෙලා වෙන්වෙන්න
හිත කොනක කදුළු කැටි
වෙරදරයි සනසන්න
සැනසුමක් මොටද තව
බිම වැටුණු හදවතට.. 

Tuesday, May 23, 2017

තාම වෙනසක් නැතිව..

තාම වෙනසක් නැතිව
ගුරුපාර තියනවා
වතුසුද්ද මල් යාය
තවම මල් මවනවා
නුඹ මගේ නොවන බව
හැම විටම දැනෙනවා
නෙතට කඳුලක් ගෙනෙන
රිදුම යලි උනනවා
මම තනිව ගුරුපාරෙ
කොනක තනි රකිනවා
වෙන හිතක් නොලබන්න
නුඹෙ පැතුම දැනෙනවා
පැතූ නුඹ දුර ගිහින්
මම තවම තැවෙනවා


Sunday, May 21, 2017

හීනයක් නම් මෙලහකට

හීනයක් වගෙයි තාමත්
අපි අපේ නොවන බව...
පෙම් බැඳුනු හිනාව
තාමත් නුඹෙයි
හිත මුමුණනවා අදටත්...
නැගිටපන් නින්දෙන්
බිඳුනු හද කෙලවරේ
එක් තැනක හෙමින්
කොඳුරයි ඕනවට එපාවට...
හීනයක් නම් මෙලහකට
අවදි කරවලා මම නුඹව...


Saturday, May 20, 2017

නුඹ දවාගිය...

වෙලාවට වැහි අඳුර ගලන 
තුරුල් වෙලා ඉස්සර 
හිටි ඒ ඇසිල්ල
වුනා මට කල්පයක්
හතිවැටිලා අතරමංවෙන්න
නුඹේ හිත ගාවම...
තාමත් නුඹෙ සුවඳ
හැම මොහොතකම
හිත පුරා ගලනබව
දන්නවද... නුඹ දන්නෙවත්
නැතිව ඇති මේ හිත
මහ හුඟක් පෙම් බඳින බව
නුඹ දවාගිය අඳුරු කුටියක
තනිව හිඳ...

Thursday, May 18, 2017

අහලකටවත් නොඑන්නම...

හිත නැවතිලා
කම්මැලිකම ගාවම
කොඳුරන්නෙ
මේක නේද නිදහස...
රිදෙන්නෙ නෑ නේද
කලින් වගේ...
හිතට බර වැඩි
පාළු කාරණා
දැන් හිත
අහලකටවත්
නොඑන්නම
අගුළු දැම්මා

මං සදහටම..


Friday, April 21, 2017

අරගෙන සදහටම..

නොදැනීම අහම්බෙන්
ඇවිත් රැගෙන ආදරය
කාලයක් පුරාවට
එකතුකර මතක පොත..
අවසනදි ගියා නුඹ
රැගෙන ආ ආදරය
අරගෙන සදහටම..
ඉතිරි කර පිටු ගොඩක්
පෙරලන්නට අපහසු..
තිබුනෙ නුඹට
යන්නට කලියෙන්ම..
නොලියා තවත් පිටු
මතක පොත පිරෙන්නට..

Monday, April 17, 2017

එකම දවසක්වත්

දවස් එකින් එක 
හරි ඉක්මනටම ඔහේ 
ගෙවෙන අපූරුව 
පුදුමයි තාමත් මට 
නුඹ මතකෙට නොඑන 
එකම දවසක්වත් 
හොයාගන්න නැතිහැටි 
ඒ තරමටම 
හිත ලියැවිලා නුඹෙ නමටම 
නොදන්නවට නුඹ 
මේ ගෙවෙන්නෙ 
අපි අපේ නොවුන 
පළමු අවුරුද්ද බව
ගෙවුනු සත් වසකට පසුව... 
--------------------------
ඉස්සර හැන්දෑවට 
අපේ පොඩි පාරේ 
ආදරෙන් තුරුල් වෙලා 
කියූ ඒ පෙම් කතා 
ලොවට හොරෙන් 
අපි තනිවුනු හැටි 
ඉරට පේන්න හිනාවෙන 
හඳ එක්ක හඬන 
මගෙ මුරණ්ඩු හිත 
තාමත් ඉස්සර වගේම 
තනිකම මකන්න 
නුඹවමයි හොයන්නෙ..

Saturday, April 15, 2017

ධනුවාගේ මිනි #13

සිදාදියෙ එහා කොන
නිතර මුණගැහුණු ඒ
අපෙ පාළු පටුමගේ
ගෙවු ඒ සොඳුරු දින
තවම හරි ලස්සනයි..
ඒ හෙලූ පෙම් සුසුම්
අදත් යලි හමුවෙලා
මේ විසල් අහස යට
මුමුණනවා ඇති එදා
දෙඩූ පෙම් රස වදන්..

Friday, April 14, 2017

හැමෝටම සුභ අලුත් ...

කියන්න නම් ලොකු දේවල් නෑ.. අලුත් කාලයක් අලුත් ජීවිතයක්.. ඉස්සර වගේ අවුරුදු දැනෙන්නේ නෑ.. ලෝකේ වෙනස් වෙලා.. ඒ කොහොම උනත් .. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කරගන්න පුළුවන් වෙන්න මහන්සි වෙලා...

Thursday, April 13, 2017

කියනවා නුඹෙ සුවඳ මට

වැහි බින්දු එකින් එක
සිප ගනී මහ පොළොව
දෙමින් ඒ පොරොන්දුව
මා නුඹේ සදහටම
දැනෙනවා නුඹෙ සුවඳ
එදා මහ වැස්සකදි
හමුවුණු හැටි මා නුඹ
හද කිති කවන සීතලට
පුංචි මුවැත්තියක මෙන්
තුරුලු වුණු හැටි ළඟට
අඩ අඳුරෙ මා නුඹ
තනිවුණු හැටි හෙමින්
කියනවා නුඹෙ සුවඳ මට
අදත් කොනිත්තලා හිත
අපි අපේ නොවන බව

Wednesday, April 5, 2017

පැමිණි ගිම්හානයට

අමතකව දමාගිය 
වසන්තය යලි එන තෙක් 
බලා සිටි කාලයට 
නොතබාම තිතක් 
තබමි කොමාවක් 
පැමිණි ගිම්හානයට 
පෙම් බඳිනු කැමතිව..

දන්නවද? හීනයක් ඒක
පාට තවරපු හිත පුරාම..
දින ගණන් පැය ගානට
පැයගණන් තත්පර ගානට
ගෙවෙනවා දැනුනෙවත් නැති
කඩන් වැටුණු 
හීන මාලිගාවක 
අයිනෙ බිත්තියකට
හේත්තු වෙලා මැවුණු
ආදරණීයම හීනයක් ඒක..

Monday, April 3, 2017

ධනුවාගේ මිනි #12 - මම

ගිම්හාන හිරු එළිය
ගත දවන නිරතුරුව
කවදාද පැමිණෙන්නෙ
වස්සාන වැහි සොඳුර
නිවන්නට විඩා හද
වේදනා විඳිමි මම;
මමයි මේ මහ පොළොව
විඳින විඳවන නිතර..

Saturday, April 1, 2017

තුරුලතා කීවා මට

අවසාන දිනය
අද කියා දැන දැනම
මම නුඹ බලන්න
අඩි තියපු හැටි
මතකයි අද වගේ
තියපු අඩියක් ගානෙම..
ගුලිකර මතක පොත
එකම එක පිටුවකට
මතක නැති වෙන්න බෑ
දුන්නු ඒ හද හසුන
එකම එක වතාවක්
උඩින් පල්ලෙන්
දෑස් වල අතගා
වීසි කර දැමූ බව
විහාරමහාදේවියේ
තුරුලතා කීවා මට
පසුව සත් මසකට
නිවන අතරමග
ගත දවන හිරු එළිය..

ධනුවාගේ මිනි #11

හිමිදිරි අඳුරක
තනිවුනු හදකට,
සීතල හීනෙක...
දැවටීවත්..
මතකය විසිරුණු
නිල්වන් අහසක,
තරුවල එළියට ...
සඳ අමතක වෙනවා නම්...

Thursday, March 30, 2017

පිංතාරුව

ආදරය අකුරු හතරක්
විතරක්ම උනු කාලෙක
ඔය හිනාවට
කතාකරන ඇස් වලට
මං ආස කලේ
මගේම කරගන්න
සදහටම ..
ගෙවුන දවසක් ගානෙම
ආදරය හිතපුරාම
පිංතාරු කලේ 
අපි අපේ නිසාවෙන්..
දන්නවද? හීනයක් ඒක
පාට තවරපු හිත පුරාම..

Tuesday, March 28, 2017

ධනුවාගේ මිනි #10 - තාමත් .. පරිස්සමට

කාලයක් ගියත්
තාමත් මහ වැහි වැටෙද්දි
මට මතක් වෙන්නෙ
එදා නුඹව
තුරුල් කරගෙන
එක කුඩයක් යටින්
හෙමින් ඇවිදපු හැටි..
හීරුවට හිත ඒ මතක
තාමත් ..
පරිස්සමට තියාගන්නෙ
මම මටත් වඩා
පෙම් කලේ නුඹට හින්දයි..


Sunday, March 26, 2017

ලොව මිහිරක්ම වුනාවේ..





පිණිබිඳු මල්පෙති තැවරූ...
මදනල සිහිල් සැනසවූ...
හද සිතුවමක් වගේ වූ...
මොහොතක් වගේලු ගෙවුනේ...

ලොව මිහිරක්ම වුනාවේ...
සිත තව මතක කියාවී...
තව වසන්තයෙම රැඳේවී...
ඔබමයි එළිය ගෙනාවේ...

සිතුවිලි එකින් එකක් වූ...
පැටලී ගෙවු එ කාලේ...
මල් සුවඳක්ය මගේ වූ...
මේ ගිම්හාන වසන්තේ...

දේදුනු නෙතින් ගලා ආ..
එළියෙන් පෙමක් උදාවී..
තනිවූ හිතක් තියේවී...
නුඹ දුන් සිතේ බැඳී ආ..

මේ වස්සාන නිමාවේ..
නුඹ නෑ යන්න ලඟින් මා..
තනිවී මෙ වේදනාවේ...
යමි මල් වියන් මැදින් මා..

නුඹ ගිය තැනින් සිනාවී...
තවමත් හදේ සිතුම් වේ...
ලොව මිහිරක්ම වුනාවේ ...
කඳුලින් දෙනෙත් වැසේවී ...

නෙළුම්යායයි මමයි

කාලයක් තිස්සෙ ලියන්න පොඩි උණක් තියන නිසා පොඩියට අටවගත්තු බ්ලොග් කෑල්ලකුත් තියන නිසා, අන්තර්ජාලෙ ජංජාලෙ අස්සෙ අහම්බෙන් දැකපු නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට ඇවිල්ල ඔලුව දාන්න හිතුනා ධනුවාටත්.

අන්තිමට දවස එනකල් බලන් ඉඳලා, පාරෙ ට්‍රැෆික් බාධක එහෙමත් ජය අරන් තියන තැනට (වොටර්ස් එජ් :D ) ඇවිත් බලද්දි පටන් අරන් උත්සවේ. දැන් ඉතින් මොකද කරන්නෙ කියල බල බල ඉන්නෙ නැතුව හෙමින් ගිහින් පිටිපස්සෙන් ( ඔව් ඔව් පිටි පස්සෙ සීට් එකක තමයි ) වාඩි වුනා. හරියටම මහින්ද දේශප්‍රිය මහත්මයගෙ කතාවට ටිකක් කලින්. මම ඉතින් කාවවත් අඳුරන්නෙත් නෑලු. හැබැයි එහෙම කියලා උත්සවේ රසවින්දනය නම් අඩුවක් උනෙ නෑ. අන්තිම වෙනකන්ම හිටියා.



නෙළුම්යාය සංවිධායක මඬුල්ල ලොකු මහන්සියක් වෙලා තිබුනා කියන එක නම් මුල ඉඳලම දැක්කා. ඒ අයට ස්තූතියි ගොඩක්. ඒ වගේම සංගීතයෙන් අපිව පිනවපු අපි මචං සෙට් එකටයි, ඔපෙරා කණ්ඩායමටයි (ජීවිතේ පළවෙනි වතාවට ඔපෙරා එකක් කියලා දෙයක් ධනුවා බැලුවමද කොහෙද ), ජනයි ප්‍රියාටයි, අන්තිම නාට්‍ය කරපු අයටයි ස්තූතියි උත්සවේ වර්ණවත් කලාට. එතැන ගතකරපු පැය කීපයට ඇත්තටම වටිනාකමක් ලැබුනා. ගොඩක් අය අඳුරගත්තා. එන සැරේ තවත් හොඳට සංවිධානය කරන්න සුභ පතනවා.

අර කිව්ව 50% බද්ද නිසා ධනුවගෙ අන්තර්ජාලෙ සම්බන්ධතාව අත්හිටුවලා තියෙන්නෙ. බිලම තියනවා දහ දාහක්. දෙයියනේ කියලා ෆෝන් කට්ටක් තියන නිසා ඒකෙන් මේ අකුරු කරේ හදිස්සියෙ. 




සම්මාන ලැබුණු හැමෝ්ටම උණුසුම් සුභ පැතුම් !!

එහෙනම් ජය !! ආසයි හමුවෙන්න කට්ටියම ආයෙ.

Saturday, March 25, 2017

ධනුවාගේ මිනි #9 - ගසමි පා පහරක්

යනෙන මග
හමුවන රිදවන
මතකවලට ..
ගසමි පා පහරක්
බිඳෙන්නට නොව
ඈතට විසි වෙන්නට ..
මගෙ හුස්ම වැටෙන
මායිමෙනුත්
තවත් අඩි
තුන හතරක්
එහායින් වැටෙන්නට..

Friday, March 24, 2017

තිබුනෙ නුඹට යන්නට කලියෙන්ම..

නොදැනීම අහම්බෙන් 
රැගෙනවිත් ආදරය
කාලයක් පුරාවට
එකතුකර මතක පොත..
අවසනදි ගියා නුඹ
රැගෙන ආ ආදරය
උදුරගෙන සදහටම..
ඉතිරි කර පිටු ගොඩක්
පෙරලන්නට අපහසු..
තිබුනෙ නුඹට
යන්නට කලියෙන්ම..
නොලියා තවත් පිටු
මතක පොත පිරෙන්නට..

Thursday, March 23, 2017

මහපොළොව තවමත් එතැනමයි

ගිගුම් දී හඬන වැහි අහසට
හඬන්නට දී
හරස් වීදියෙ අයිනක..
මහ ඇහැල ගහක් යට
ගෙතූ පෙම් පද
අසාගෙන සිටි වැහි බින්දු
නැතිවුවද අද තනියට..
පෙම් සිසල උහුලපු
මහපොළොව තවමත්
එතැනමයි තනියට
සේදි සේදී වැහි දියට..

Sunday, March 19, 2017

අඟුළු

මින් පසුව හදවතට 
අඟුළු දැමිය යුතු බවට 
හදවතට දුන් ඉඟිය
හදවතටත් නොදැනීම
මගහැරීගොස් තිබිණි,
තනිවුණු මලානික
පුංචි බලාපොරොත්තුවක්
හද කොනේ තවමත්
ඉතිරි වී ඇත.

Saturday, March 18, 2017

නොදන්නවට නුඹ


හමුවෙලා මගතොටදි
අතීතයෙ මගේවුනු
සිනාකැන් අතරින්..
ඇහෙනවද තාමත්
ඉස්සර වගේ
හදවතේ සුසුම් හඬ..
නොදන්නවට නුඹ
ඇහුවත් දුකසැප
මැරුණු හිතක..
පැහැදුල් සුසුම්
නොමැති බැව්
ඉඳහිට දැවටෙන
රිදුම මිස..

Monday, March 13, 2017

ධනුවාගේ මිනි #7 - අමතකද දැන් නුඹට..

හිරු බසින ගොම්මනේ
ගංතෙරේ බංකුවක
ආදරේ පිරුණු හැටි
ගිගුම් දෙයි නිරතුරුව..
තුරුල් වී මා ළඟට
නොදොඩාම කිසිවක්
ඇස් වලින් හිත් වලට
කතාකල නිමේෂය
අමතකද දැන් නුඹට..


Thursday, March 9, 2017

ධනුවාගේ මිනි #6 - සත්තමයි


ආයෙත් යන්න පුළුවන් නම්
මම නුඹව දුටු
මුල්ම දිනයට
සත්තමයි යනවා මං
නුදුටු සේ මම නුඹව

Tuesday, March 7, 2017

දන්නවද ? නුඹ

හිතට සතුටක්
නොදැනෙන්නම
කඩන් වැටිලා
මුළු හිතම
දුක් වෙන්න
රිදවෙන්න
වෙයි කියා දැන දැනම
තවත් වරක්
කළා මම ආදරය
තවත් හදකට
අද ආයෙ මං තනිවුනා
දන්නවද ? නුඹ
දන්නෙවත් නැතිව ඇති
මම කෙරුව ආදරය
ඒත් රිදුනා මේ හිත
නුඹේ ඔය පොඩි දේටත්
බිඳුනු හද පෙර දවස
එක්කලේ අමාරුවෙන් නිසා..
(අන්තර්ජාලයේ කතාවක් අසුරිනි)


Wednesday, March 1, 2017

සිත් අහසේ දේදුන්නයි ආදරේ..

නොලැබෙනා..
හිත ඔබට ලං වෙලා..
හිත පුරා ... මතක බිඳු ඇහැරෙනා

අහිමි වූ දා ..
දුරට වීලා ..
කඳුළු ඕනා ..
තව හැඩූ මා..
තනිකම නිසා ..
මැවී ආ..
සිත් අහසේ දේදුන්නයි ආදරේ..

පෙර වගේ ලංවී හිඳින් ..
මතු ආත්මයේ ..
සනසන්න සිහිලෙන් ඔබේ ..
ඔය පපු තුරේ ..
පැතුමන් ඇදී හදේ ..
සුසුමින් මිදේ ..
කව්රුත්ම නෑ මගේ ..
දුක නැති කලේ ..

නුරු හිතට රහසින් ඇවිදින්
සිහිනේ මගේ ...
රෑ නින්දටත් කඳුළු ...
ඔබ ලං කලේ ..
අදහන්න බෑ කෙසේ ..
සැනසෙන්න දෝ ..
දුක නැද්ද මේ වගේ ...
මා තනි කලේ...

නොලැබෙනා..
හිත ඔබට ලං වෙලා..
හිත පුරා ... මතක බිඳු ඇහැරෙනා




Saturday, February 25, 2017

තව එකම එක වතාවක්

ආසයි ආදරේ කරන්න
තව එකම එක වතාවක්
අවසන් හුස්මට පෙර
ජීවිත කාලෙටම
අහිංසක හිතකට
තුරුල් කරගෙන
හද පතුලටම
රකින්නට හැමදාම

Saturday, February 4, 2017

මට කලින් මියදෙන්න

පුදුමයකි තවම නුඹ
ඉන්නෙ කොහොමැයි ඔහොම
නොදැනෙනා සේ හැඟුම
පෙර එදා නිරතුරැව
තුරැල් වී මගෙ
පපු ගැබේ මැද්දටම
හැර නොයන බව
වෙන් නොවන බව
මගෙන් කිසි දින
කියු නුඹමදැයි අද..
මා නොමැති ලොව නුඹට
හිඳිනු බැ‌රියැයි තනිව
මට කලින් මියදෙන්න
පැතූ මගෙ තුරුලෙ හිඳ
මේ නුඹමදැයි අද
හැර ගිහින් නොඑන්නට
නිමා කර අපෙ ගමන
නුඹ කියු හැමදේම
කෙරූ ඒ ආදරය
බොරුවක්ම බැව් ලියා
හදවතේ මගෙ කොනක

Thursday, February 2, 2017

හමුවෙමු තවත් එකම වතාවක්..

මමත් නුඹත්..
තේරුම් ගත්..
දවසක හවසක..
හමුවෙමු තවත් එකම වතාවක්..
වෙන්වී යන්න අපි අපෙන්..
නොදොඩාම කිසිවක්..
හුවමාරු කරගෙන මතක..
බෙදාගත් අතීතයෙ..
හමුවෙන්න මතු ආත්මයක..
බැඳීමක ප්‍රේමණිය...

Tuesday, January 31, 2017

ධනුවාගේ මිනි #5

හද මඬල පුරාවට
අමාවක අඳුරු සඳ
වලාවක තරැ එළිය
වෙලාවක හිත හඬන
අමතකද සිනාහඬ
ගුරු පාරෙ නුගේ ළඟ..

Monday, January 30, 2017

ධනුවාගේ මිනි #4

සීත මන්දාරමේ 
පිනි වැස්සෙදි 
තාම දැනෙනවා 
තුරුල් වී හිටිය හැටි 
දන්නවද?? 
ආදරෙයි තාමත් මං
වෙනස්වුණු නුඹට නෙමෙයි 
තුරුල් වුණු නුඹට...

Sunday, January 29, 2017

ධනුවාගේ මිනි #3


අප නිතර හැමදින
සවස මුණගැහුණු තැන
මල් පිපී නැත
මඳ සුළඟ නැත
මතක පමණක්
ඉතිරි වී ඇත..

ගම්මානේ - 3



කදමලු එහෙම අරගෙන ලොකු අම්මාට
පසුදින උදෑසන කඩමණ්ඩිය ලඟට
සේපාලිකා ආවා ටවුමට යන්ට
ටවුමෙන් ගන්නවා බස් එක දුම්බරට

නගා උදේ යන බව මට කිව් හින්දා
ආවා බලන්නට නුඹ දුර යන හින්දා
ප්‍රවෙසමට යන්නට ඕනා හින්දා
එන්නද මමත් ටවුමට යනකන් කැන්දා

සිරිල් අයියා තකහනියක් මේ උදයේ
ආවේ අපරාදෙ මේ කලබලයේ
යන්නට බැරිද මේ ටික දුර මට තනියේ
කලිනුත් ගිහින් හුරු ගමනක් නොවැ අයියේ

තාමත් මුරණ්ඩුව අඩු නැහැ නේද
හරි ආඩම්බරයි ඉස්සර වාගේම
මට ආදරේ හිතුනේ මේවට නේද
නොකියා කියන බහ රසයකි පෙරසේම

අයියන්ඩිට තාම තේරිලා නැහැ වාගේ
මම නැහැ තවම බහ දීලා දීගේ
තව දුර හිතන්නට තියනවා වාගේ
අයියා හොඳින් ඉන්නකෝ මේ ගම්මානේ

නගාගෙ කැමැත්තට මම ඉඩ දෙනවා
ඉල්ලපු දෑ අවුරුද්ද තව මම ඉවසනවා
එතකන් බහ දෙනකන් ලත වෙනවා
තේ වත්තේ වැඩත් ළඟ ළඟටම එනවා

එහෙනම් අයියේ මම බසයට යනවා
තව තව හොඳින් වැඩ කටයුතු කරවා
අයියා දස්සයනේ ඕවට හරි කරලා
අම්මට කියනවද මම යනවා කියලා

දුර සිට බලන් සිටි අපෙ සුදු බණ්ඩාර
ඉන්නවා දුක්බරව  දැක්කේ අන්තිමට
එක වචනයක් දුර යනු පෙර පවසන්ට
පුළුවන් කමක් ලැබුනේ නෑ හරි ආකාර

ලඟට එන්න බැරිමුත් අයියේ නුඹට
දනිමි නුඹේ සෙනෙහෙස ඇති මගෙ නමට
පොඩි සන්දියේ ඉඳන් අපි ආගිය ගිං වැවට
යන්නට හිතයි නුඹ එක්කල හවසකට

මතකයි අපි දෙන්න ඉස්සර වැව ඉවුරේ
සෙල්ලම් කළා එනකං ගොම්මන් අඳුරේ
සිරිල් දුරින් බලලා අපේ සෙල්ලම රහසේ
යනවා අම්මා එක්කල නොදුටුවා සේ

කියන්න වදන් තිබ්බත් හිත පිරෙන්නට
ඉඩ නැහැ අයියණ්ඩි නුඹ ළඟ මට තව ඉන්ට
හිටියොත් ගමේ තව මම සති කීපෙකට
කරනවා සිරිල් කරකාරේ  හරි ජයට

එහෙනම් අයියේ මම දුර යනවා යන්ට
එනවද මා බලන්නට නුඹ දුම්බරට
අරගෙන මම ආස පැණි වලලුත් බරට
මම මග බලමි එනකන් නුඹ දකින්නට

ලොකු නිහැඬියාවකින් පස්සේ ගම්මානේ ආයේ ලියන්න හිතුනා. කලින් කොටස් මෙතනින් බලන්න පුළුවන්.

ගම්මානේ
ගම්මානේ - 2

ධනුවාගේ මිනි #2

ගල්මුල් නැති ජීවිතය
ඔහෙ ගලන
කඩිත්තකි මඩ
තැනක පල් වෙන
වරෙක පිරවෙන
ජීවයක් දෙන
ගහක මලකට
සවිය වෙන් නැති

Saturday, January 28, 2017

නමක් සොයමි තවම

අඳුරු සවසක ගුලිව
වැස්සෙ ගණ සීතලට
තුරුලේ මගෙ නතර වුණු
කුමරියේ නුඹ
අවතැන්ව තිබු
ඒ මගේ ජීවිතය...
පිහිද නුඹෙ ආදරෙන්
පිරවු සැටි සෙනෙහසින්
අරුමයකි මට තවම
නුඹේ ඔය සොඳුරු පෙම..
නොකර කොහොමැයි
ආදරය ඔය හිතට
දකින්නට නුඹෙ සිනහ
පතන්නට නුඹෙ සතුට
පතුලෙ සැඟවු
පෙම් මල් මිටක්
වෙර දරන පිබිදෙන්න
දඟ කරයි පතුලෙ හිත..

Thursday, January 26, 2017

කුමරියක් අහිංසක

මගෙ හිතෙත් තිබුනා
ආදරයක් කරපු නුඹටම
පිට රූපෙට නොකරපු
නැති වුවද ලස්සන දවසක
වෙනදා වගේම ඉන්න
හැකි වුණු නුඹ එක්කම..

දනිමි මා
නොතේරුන බව නුඹට
මගෙ රළු හිතේ ආදරය
ලොකුවට පෙන්නන්නට
නොතේරුන නිසා...

ලැබෙයි නුඹට ආදරයක්
නමුත් නොලැබේවි
මං වගේ කෙනෙක්
කිසිදිනක..

දනිමි මා ලැබෙන බව
මට ආදරය කරන
කුමරියක් අහිංසක
නැතිව නුඹ මෙන්
මගෙන් ලද පෙමට පමණක්ම
පෙම් කරන..

Tuesday, January 24, 2017

ධනුවාගේ මිනි #1

ඇහේවිද වරක් හෝ
මගෙ හදේ නින්නාද
තවම නෑ ඇරඹුමක්
අතරමං වෙලා මම
අපේ ඒ මතකවල
ඔබ නැතුව ඔබ එක්ක

Friday, January 20, 2017

හදවතකි; හිස්තැනකි.


රිදෙනවා තාමත්
නුඹටම වෙන්වුනු
සියුම් තැන්
හද මඬල පුරාවට
මතක් වී පෙරදිනේ
අප එකට හිටි හැටි
පුදුමයි නුඹට
ඉන්න පුළුවන්කම
නොදැනෙනා සේ
පෙර මතක දිනපොත...
හිත පිරෙන්නම
නුඹ පමණක්ම
පැතූ මම අද
තැවෙමි ඇයි නුඹට මම
කලේ මෙතරම් ආදරය,
නුඹ කලේ ආදරය
ලඟ ඉන්න මොහොතට
දැනෙන ඒ හැඟීමට
පමණක්ම නම්
සත් වසක් පුරාවට


පින්තුරය අන්තර්ජාලයෙනි.

Wednesday, January 11, 2017

නොපෙනේවි තව නුඹට

තරු පිරුණ අහස් ගැබ
දිදුල දෙන බැව් රැයට
නොපෙනේවි තව නුඹට
අහස්කුස ඉම කොනට
සිව්දිගට නාද දෙන
මැදියමේ රැහැයි හඬ
වද කරයි මගෙ සිතට
කවි කරනු හද ගැස්ම
විසි නොකර ගං දියට

Sunday, January 8, 2017

ජීවිතය නුඹ;



හුස්මක් වැටෙන හැම
මොහොතකම ගෙවෙන 
හිතන දේ නොමවෙන 
නොහිතන දේම සිදුවන 
අරැම පුදුම දෙයකි; 
ජීවිතය නුඹ; 

ගෙවුණු සිව්මසට 
ඉගෙන ගත්තෙමි 
විඳින්නට හොඳින් 
විඳවන්නට මෙන්ම 
මේ අරැමැති 
ජීවිතය නුඹ; 

කොතරම් සරදම් කළද 
දනිමි මම වැටෙන බවද 
නමුදු දනිමි මා 
වඩා හොඳින්ම 
නැගිටිය හැකි බැව්ද 
ජීවිතය නුඹ;