හද මඬල පුරාවට
අමාවක අඳුරු සඳ
වලාවක තරැ එළිය
වෙලාවක හිත හඬන
අමතකද සිනාහඬ
ගුරු පාරෙ නුගේ ළඟ..
Tuesday, January 31, 2017
Monday, January 30, 2017
ධනුවාගේ මිනි #4
සීත මන්දාරමේ
පිනි වැස්සෙදි
තාම දැනෙනවා
තුරුල් වී හිටිය හැටි
දන්නවද??
ආදරෙයි තාමත් මං
වෙනස්වුණු නුඹට නෙමෙයි
තුරුල් වුණු නුඹට...
Sunday, January 29, 2017
ධනුවාගේ මිනි #3
අප නිතර හැමදින
සවස මුණගැහුණු තැන
මල් පිපී නැත
මඳ සුළඟ නැත
මතක පමණක්
ඉතිරි වී ඇත..
ගම්මානේ - 3
කදමලු එහෙම අරගෙන ලොකු අම්මාට
පසුදින උදෑසන කඩමණ්ඩිය ලඟට
සේපාලිකා ආවා ටවුමට යන්ට
ටවුමෙන් ගන්නවා බස් එක දුම්බරට
නගා උදේ යන බව මට කිව් හින්දා
ආවා බලන්නට නුඹ දුර යන හින්දා
ප්‍රවෙසමට යන්නට ඕනා හින්දා
එන්නද මමත් ටවුමට යනකන් කැන්දා
සිරිල් අයියා තකහනියක් මේ උදයේ
ආවේ අපරාදෙ මේ කලබලයේ
යන්නට බැරිද මේ ටික දුර මට තනියේ
කලිනුත් ගිහින් හුරු ගමනක් නොවැ අයියේ
තාමත් මුරණ්ඩුව අඩු නැහැ නේද
හරි ආඩම්බරයි ඉස්සර වාගේම
මට ආදරේ හිතුනේ මේවට නේද
නොකියා කියන බහ රසයකි පෙරසේම
අයියන්ඩිට තාම තේරිලා නැහැ වාගේ
මම නැහැ තවම බහ දීලා දීගේ
තව දුර හිතන්නට තියනවා වාගේ
අයියා හොඳින් ඉන්නකෝ මේ ගම්මානේ
නගාගෙ කැමැත්තට මම ඉඩ දෙනවා
ඉල්ලපු දෑ අවුරුද්ද තව මම ඉවසනවා
එතකන් බහ දෙනකන් ලත වෙනවා
තේ වත්තේ වැඩත් ළඟ ළඟටම එනවා
එහෙනම් අයියේ මම බසයට යනවා
තව තව හොඳින් වැඩ කටයුතු කරවා
අයියා දස්සයනේ ඕවට හරි කරලා
අම්මට කියනවද මම යනවා කියලා
දුර සිට බලන් සිටි අපෙ සුදු බණ්ඩාර
ඉන්නවා දුක්බරව දැක්කේ අන්තිමට
එක වචනයක් දුර යනු පෙර පවසන්ට
පුළුවන් කමක් ලැබුනේ නෑ හරි ආකාර
ලඟට එන්න බැරිමුත් අයියේ නුඹට
දනිමි නුඹේ සෙනෙහෙස ඇති මගෙ නමට
පොඩි සන්දියේ ඉඳන් අපි ආගිය ගිං වැවට
යන්නට හිතයි නුඹ එක්කල හවසකට
මතකයි අපි දෙන්න ඉස්සර වැව ඉවුරේ
සෙල්ලම් කළා එනකං ගොම්මන් අඳුරේ
සිරිල් දුරින් බලලා අපේ සෙල්ලම රහසේ
යනවා අම්මා එක්කල නොදුටුවා සේ
කියන්න වදන් තිබ්බත් හිත පිරෙන්නට
ඉඩ නැහැ අයියණ්ඩි නුඹ ළඟ මට තව ඉන්ට
හිටියොත් ගමේ තව මම සති කීපෙකට
කරනවා සිරිල් කරකාරේ හරි ජයට
එහෙනම් අයියේ මම දුර යනවා යන්ට
එනවද මා බලන්නට නුඹ දුම්බරට
අරගෙන මම ආස පැණි වලලුත් බරට
මම මග බලමි එනකන් නුඹ දකින්නට
ලොකු නිහැඬියාවකින් පස්සේ ගම්මානේ ආයේ ලියන්න හිතුනා. කලින් කොටස් මෙතනින් බලන්න පුළුවන්.
ගම්මානේ
ගම්මානේ - 2
ධනුවාගේ මිනි #2
ගල්මුල් නැති ජීවිතය
ඔහෙ ගලන
කඩිත්තකි මඩ
තැනක පල් වෙන
වරෙක පිරවෙන
ජීවයක් දෙන
ගහක මලකට
සවිය වෙන් නැති
ඔහෙ ගලන
කඩිත්තකි මඩ
තැනක පල් වෙන
වරෙක පිරවෙන
ජීවයක් දෙන
ගහක මලකට
සවිය වෙන් නැති
Saturday, January 28, 2017
නමක් සොයමි තවම
අඳුරු සවසක ගුලිව
වැස්සෙ ගණ සීතලට
තුරුලේ මගෙ නතර වුණු
කුමරියේ නුඹ
අවතැන්ව තිබු
ඒ මගේ ජීවිතය...
පිහිද නුඹෙ ආදරෙන්
පිරවු සැටි සෙනෙහසින්
අරුමයකි මට තවම
නුඹේ ඔය සොඳුරු පෙම..
නොකර කොහොමැයි
ආදරය ඔය හිතට
දකින්නට නුඹෙ සිනහ
පතන්නට නුඹෙ සතුට
පතුලෙ සැඟවු
පෙම් මල් මිටක්
වෙර දරන පිබිදෙන්න
දඟ කරයි පතුලෙ හිත..
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
වැස්සෙ ගණ සීතලට
තුරුලේ මගෙ නතර වුණු
කුමරියේ නුඹ
අවතැන්ව තිබු
ඒ මගේ ජීවිතය...
පිහිද නුඹෙ ආදරෙන්
පිරවු සැටි සෙනෙහසින්
අරුමයකි මට තවම
නුඹේ ඔය සොඳුරු පෙම..
නොකර කොහොමැයි
ආදරය ඔය හිතට
දකින්නට නුඹෙ සිනහ
පතන්නට නුඹෙ සතුට
පතුලෙ සැඟවු
පෙම් මල් මිටක්
වෙර දරන පිබිදෙන්න
දඟ කරයි පතුලෙ හිත..
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
Tuesday, January 24, 2017
ධනුවාගේ මිනි #1
ඇහේවිද වරක් හෝ
මගෙ හදේ නින්නාද
තවම නෑ ඇරඹුමක්
අතරමං වෙලා මම
අපේ ඒ මතකවල
ඔබ නැතුව ඔබ එක්ක
මගෙ හදේ නින්නාද
තවම නෑ ඇරඹුමක්
අතරමං වෙලා මම
අපේ ඒ මතකවල
ඔබ නැතුව ඔබ එක්ක
Friday, January 20, 2017
හදවතකි; හිස්තැනකි.
රිදෙනවා තාමත්
නුඹටම වෙන්වුනු
සියුම් තැන්
හද මඬල පුරාවට
මතක් වී පෙරදිනේ
අප එකට හිටි හැටි
පුදුමයි නුඹට
ඉන්න පුළුවන්කම
නොදැනෙනා සේ
පෙර මතක දිනපොත...
හිත පිරෙන්නම
නුඹ පමණක්ම
පැතූ මම අද
තැවෙමි ඇයි නුඹට මම
කලේ මෙතරම් ආදරය,
නුඹ කලේ ආදරය
ලඟ ඉන්න මොහොතට
දැනෙන ඒ හැඟීමට
පමණක්ම නම්
කාලයක් පුරාවට
පින්තුරය අන්තර්ජාලයෙනි.
Wednesday, January 11, 2017
නොපෙනේවි තව නුඹට
තරු පිරුණ අහස් ගැබ
දිදුල දෙන බැව් රැයට
නොපෙනේවි තව නුඹට
අහස්කුස ඉම කොනට
සිව්දිගට නාද දෙන
මැදියමේ රැහැයි හඬ
වද කරයි මගෙ සිතට
කවි කරනු හද ගැස්ම
විසි නොකර ගං දියට
Sunday, January 8, 2017
ජීවිතය නුඹ;
හුස්මක් වැටෙන හැම
මොහොතකම ගෙවෙන
හිතන දේ නොමවෙන
නොහිතන දේම සිදුවන
අරැම පුදුම දෙයකි;
ජීවිතය නුඹ;
ගෙවුණු සිව්මසට
ඉගෙන ගත්තෙමි
විඳින්නට හොඳින්
විඳවන්නට මෙන්ම
මේ අරැමැති
ජීවිතය නුඹ;
කොතරම් සරදම් කළද
දනිමි මම වැටෙන බවද
නමුදු දනිමි මා
වඩා හොඳින්ම
නැගිටිය හැකි බැව්ද
ජීවිතය නුඹ;
Subscribe to:
Posts (Atom)