Blogger Tricks Blogger Tricks

Friday, January 20, 2017

හදවතකි; හිස්තැනකි.


රිදෙනවා තාමත්
නුඹටම වෙන්වුනු
සියුම් තැන්
හද මඬල පුරාවට
මතක් වී පෙරදිනේ
අප එකට හිටි හැටි
පුදුමයි නුඹට
ඉන්න පුළුවන්කම
නොදැනෙනා සේ
පෙර මතක දිනපොත...
හිත පිරෙන්නම
නුඹ පමණක්ම
පැතූ මම අද
තැවෙමි ඇයි නුඹට මම
කලේ මෙතරම් ආදරය,
නුඹ කලේ ආදරය
ලඟ ඉන්න මොහොතට
දැනෙන ඒ හැඟීමට
පමණක්ම නම්
කාලයක් පුරාවට



පින්තුරය අන්තර්ජාලයෙනි.

2 comments:

  1. ලියන්ඩ සුදා දිගටම

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්න ආසයි.. ඒත් ජීවිතේ නැවතිලා :) :)

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....