Blogger Tricks Blogger Tricks
Showing posts with label සතුට. Show all posts
Showing posts with label සතුට. Show all posts

Friday, April 13, 2018

ආසයි මං

අහසක් තරම් ආදරේක
හති වැටිලා තනිවෙන්න
ආසයි මං නුඹේ ළඟ
නැවතිලා හිනැහෙන්න...
මල් වැස්සක් වගේ
දැනි දැනී සනහන
ඔය පුංචි හිතේ
උණුසුමට ගුලි වෙන්න...
මැදියමේ තරු එක්ක
ඔය හිතේ ආදරේ
රෑ අහසේ ලියවන්න...
කාටවත් නොපෙනෙන්න..

Thursday, December 21, 2017

නුඹ

සෙමින් හමනා සුළඟට 
ඔහේ පාවෙන ලස්සන
සමන් මල් ඉත්තට
ලැබුණෙ කොහොමද
නුඹේ සිනහව..

විසල් දහවල් එළියට
නිලට දිලිසෙන ලස්සන
සොඳුරු නිකැළැල් අහසට
ලැබුණෙ කොහොමද
නුඹේ ඇස් දෙක...

Friday, December 8, 2017

අසනි වැස්සක් වැහැපුදෙන්...

ඇසට ඇස හමු
නොවෙන ලෝකෙක
හිතක් තනියම මැරුණදෙන්...

අහස ගොරවන විදුලි කොටවන
අසනි වැස්සක් වැහැපුදෙන්...
නුඹේ ළඟ ඇති මගෙ හිතත්
අසනි වැස්සට හේදියන්...
සේදී සේදී වැහි දියට හිත
මරුන හිත පණ ඇදපුදෙන්....

Monday, December 4, 2017

දකින්නැති කව්රුවත්

ලියන කාලයේ මං
පෙම් පුවත, ප්‍රේමයේ පන්හිඳෙන්
ඉරගලත් පරව ගිය හවස්වල
ඇස් වලින් හිත් වලින්
ජීවිතේ සිරකරන්
සුසුම් උණුසුම් වෙන්න ඇති
නොදැක්කට කව්රුවත්
අහක යන උඩු සුළඟ
හිතට බර වැඩි නිසා
මං තාම තනියම අතරමං...

Sunday, December 3, 2017

බලාපන් මගේ හිත

වලාකුළු සිපගන්න 
උස් කඳු මුදුන් ඇත 
නොසෙල්වී අව් වැසිද 
ඉවසනා අපූරුව 
බලාපන් මගේ හිත,
අයුරු ඉවසන 
වෙනස්වන හැමදේම 
නොවෙනස්වු නියාවට...

Saturday, July 8, 2017

විඳගන්න එනවා මං

මුමුණමින් හිතපුරා හෙමි හෙමින්..
නුඹ ලියූ ගී තනුව ඇසිල්ලෙන්..
දැනුනු නුඹෙ ආදරේ මේ තරම්..
විඳගන්න එනවා මං මොහොතකින්..

නොමැකෙනා මතකයෙන්..
ලියැවෙනා ගී පද වැලෙන්..
විඳිමි මං නුඹෙ ආදරේ..
මහමෙරක් තරමටම හද පෙතෙන්..

නුඹ ලියූ තනුව තුරුලට අරන්..
ගොතමි කතාවක් අපේ..
විඳගන්න මේ මිහිර හැමදාම..
ඉපදෙනා මතු භවයකත්..

Saturday, June 10, 2017

හිනාවෙන පිණි බිංඳු

හිනාවෙන පිණි බිංඳු
නොහිතාම යලි වරක්
කොඳුරන්න සවනගට
හිරු යලිත් එයි නේද
වසන්තය අරගෙනම...

වත්තෙ මායිම කොනක
දාස්පෙති ගාලකට
ලංව හැදුනට මොකද
සුදුම සුදු උඩවැඩියා
නුඹ හරිම හැඩකාර..

රංචු වෙන සමනලුද
නොනැවතී එක තැනක
දාස්පෙති දැක දැකම
නවතින්න පෙම් බඳියි
උඩවැඩියා අහලින්ම...

Monday, May 29, 2017

ධනුවාගේ මිනි #16

නොහිතාම ඇවිත්
නතර වෙන...
නොදැනීම දැනී
තනි කරන...
රහසේම හදේ
පද ලියන...
වේදනාවකි ආදරය
දවන හද...

Saturday, May 27, 2017

ධනුවාගේ මිනි #15

වැහි බිඳුවලට
හෙමින් සේදෙන
වතුසුද්ද මලක්
වුනා නම්
මගෙ හිතත්...
සෝදනවා මම
නුඹෙ මතක
එකක් ගානෙම...

Tuesday, May 23, 2017

තාම වෙනසක් නැතිව..

තාම වෙනසක් නැතිව
ගුරුපාර තියනවා
වතුසුද්ද මල් යාය
තවම මල් මවනවා
නුඹ මගේ නොවන බව
හැම විටම දැනෙනවා
නෙතට කඳුලක් ගෙනෙන
රිදුම යලි උනනවා
මම තනිව ගුරුපාරෙ
කොනක තනි රකිනවා
වෙන හිතක් නොලබන්න
නුඹෙ පැතුම දැනෙනවා
පැතූ නුඹ දුර ගිහින්
මම තවම තැවෙනවා


Friday, April 21, 2017

අරගෙන සදහටම..

නොදැනීම අහම්බෙන්
ඇවිත් රැගෙන ආදරය
කාලයක් පුරාවට
එකතුකර මතක පොත..
අවසනදි ගියා නුඹ
රැගෙන ආ ආදරය
අරගෙන සදහටම..
ඉතිරි කර පිටු ගොඩක්
පෙරලන්නට අපහසු..
තිබුනෙ නුඹට
යන්නට කලියෙන්ම..
නොලියා තවත් පිටු
මතක පොත පිරෙන්නට..

Saturday, April 15, 2017

ධනුවාගේ මිනි #13

සිදාදියෙ එහා කොන
නිතර මුණගැහුණු ඒ
අපෙ පාළු පටුමගේ
ගෙවු ඒ සොඳුරු දින
තවම හරි ලස්සනයි..
ඒ හෙලූ පෙම් සුසුම්
අදත් යලි හමුවෙලා
මේ විසල් අහස යට
මුමුණනවා ඇති එදා
දෙඩූ පෙම් රස වදන්..

Friday, April 14, 2017

හැමෝටම සුභ අලුත් ...

කියන්න නම් ලොකු දේවල් නෑ.. අලුත් කාලයක් අලුත් ජීවිතයක්.. ඉස්සර වගේ අවුරුදු දැනෙන්නේ නෑ.. ලෝකේ වෙනස් වෙලා.. ඒ කොහොම උනත් .. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් කරගන්න පුළුවන් වෙන්න මහන්සි වෙලා...

Wednesday, April 5, 2017

පැමිණි ගිම්හානයට

අමතකව දමාගිය 
වසන්තය යලි එන තෙක් 
බලා සිටි කාලයට 
නොතබාම තිතක් 
තබමි කොමාවක් 
පැමිණි ගිම්හානයට 
පෙම් බඳිනු කැමතිව..

දන්නවද? හීනයක් ඒක
පාට තවරපු හිත පුරාම..
දින ගණන් පැය ගානට
පැයගණන් තත්පර ගානට
ගෙවෙනවා දැනුනෙවත් නැති
කඩන් වැටුණු 
හීන මාලිගාවක 
අයිනෙ බිත්තියකට
හේත්තු වෙලා මැවුණු
ආදරණීයම හීනයක් ඒක..

Monday, April 3, 2017

ධනුවාගේ මිනි #12 - මම

ගිම්හාන හිරු එළිය
ගත දවන නිරතුරුව
කවදාද පැමිණෙන්නෙ
වස්සාන වැහි සොඳුර
නිවන්නට විඩා හද
වේදනා විඳිමි මම;
මමයි මේ මහ පොළොව
විඳින විඳවන නිතර..

Saturday, April 1, 2017

ධනුවාගේ මිනි #11

හිමිදිරි අඳුරක
තනිවුනු හදකට,
සීතල හීනෙක...
දැවටීවත්..
මතකය විසිරුණු
නිල්වන් අහසක,
තරුවල එළියට ...
සඳ අමතක වෙනවා නම්...

Sunday, March 26, 2017

ලොව මිහිරක්ම වුනාවේ..





පිණිබිඳු මල්පෙති තැවරූ...
මදනල සිහිල් සැනසවූ...
හද සිතුවමක් වගේ වූ...
මොහොතක් වගේලු ගෙවුනේ...

ලොව මිහිරක්ම වුනාවේ...
සිත තව මතක කියාවී...
තව වසන්තයෙම රැඳේවී...
ඔබමයි එළිය ගෙනාවේ...

සිතුවිලි එකින් එකක් වූ...
පැටලී ගෙවු එ කාලේ...
මල් සුවඳක්ය මගේ වූ...
මේ ගිම්හාන වසන්තේ...

දේදුනු නෙතින් ගලා ආ..
එළියෙන් පෙමක් උදාවී..
තනිවූ හිතක් තියේවී...
නුඹ දුන් සිතේ බැඳී ආ..

මේ වස්සාන නිමාවේ..
නුඹ නෑ යන්න ලඟින් මා..
තනිවී මෙ වේදනාවේ...
යමි මල් වියන් මැදින් මා..

නුඹ ගිය තැනින් සිනාවී...
තවමත් හදේ සිතුම් වේ...
ලොව මිහිරක්ම වුනාවේ ...
කඳුලින් දෙනෙත් වැසේවී ...

නෙළුම්යායයි මමයි

කාලයක් තිස්සෙ ලියන්න පොඩි උණක් තියන නිසා පොඩියට අටවගත්තු බ්ලොග් කෑල්ලකුත් තියන නිසා, අන්තර්ජාලෙ ජංජාලෙ අස්සෙ අහම්බෙන් දැකපු නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට ඇවිල්ල ඔලුව දාන්න හිතුනා ධනුවාටත්.

අන්තිමට දවස එනකල් බලන් ඉඳලා, පාරෙ ට්‍රැෆික් බාධක එහෙමත් ජය අරන් තියන තැනට (වෝටර්ස් එජ් :D ) ඇවිත් බලද්දි පටන් අරන් උත්සවේ. දැන් ඉතින් මොකද කරන්නෙ කියල බල බල ඉන්නෙ නැතුව හෙමින් ගිහින් පිටිපස්සෙන් ( ඔව් ඔව් පිටි පස්සෙ සීට් එකක තමයි ) වාඩි වුනා. හරියටම මහින්ද දේශප්‍රිය මහත්මයගෙ කතාවට ටිකක් කලින්. මම ඉතින් කාවවත් අඳුරන්නෙත් නෑලු. හැබැයි එහෙම කියලා උත්සවේ රසවින්දනය නම් අඩුවක් උනෙ නෑ. අන්තිම වෙනකන්ම හිටියා.



නෙළුම්යාය සංවිධායක මඬුල්ල ලොකු මහන්සියක් වෙලා තිබුනා කියන එක නම් මුල ඉඳලම දැක්කා. ඒ අයට ස්තූතියි ගොඩක්. ඒ වගේම සංගීතයෙන් අපිව පිනවපු අපි මචං සෙට් එකටයි, ඔපෙරා කණ්ඩායමටයි (ජීවිතේ පළවෙනි වතාවට ඔපෙරා එකක් කියලා දෙයක් ධනුවා බැලුවමද කොහෙද ), ජනයි ප්‍රියාටයි, අන්තිම නාට්‍ය කරපු අයටයි ස්තූතියි උත්සවේ වර්ණවත් කලාට. එතැන ගතකරපු පැය කීපයට ඇත්තටම වටිනාකමක් ලැබුනා. ගොඩක් අය අඳුරගත්තා. එන සැරේ තවත් හොඳට සංවිධානය කරන්න සුභ පතනවා.

අර කිව්ව 50% බද්ද නිසා ධනුවගෙ අන්තර්ජාලෙ සම්බන්ධතාව අත්හිටුවලා තියෙන්නෙ. බිල දහ දාහක්. දෙයියනේ කියලා ෆෝන් එකක් තියන නිසා ඒකෙන් මේ අකුරු කරේ හදිස්සියෙ. 




සම්මාන ලැබුණු හැමෝ්ටම උණුසුම් සුභ පැතුම් !!

එහෙනම් ජය !! ආසයි හමුවෙන්න කට්ටියම ආයෙ.

Thursday, March 23, 2017

මහපොළොව තවමත් එතැනමයි

ගිගුම් දී හඬන වැහි අහසට
හඬන්නට දී
හරස් වීදියෙ අයිනක..
මහ ඇහැල ගහක් යට
ගෙතූ පෙම් පද
අසාගෙන සිටි වැහි බින්දු
නැතිවුවද අද තනියට..
පෙම් සිසල උහුලපු
මහපොළොව තවමත්
එතැනමයි තනියට
සේදි සේදී වැහි දියට..

Wednesday, March 1, 2017

සිත් අහසේ දේදුන්නයි ආදරේ..

නොලැබෙනා..
හිත ඔබට ලං වෙලා..
හිත පුරා ... මතක බිඳු ඇහැරෙනා

අහිමි වූ දා ..
දුරට වීලා ..
කඳුළු ඕනා ..
තව හැඩූ මා..
තනිකම නිසා ..
මැවී ආ..
සිත් අහසේ දේදුන්නයි ආදරේ..

පෙර වගේ ලංවී හිඳින් ..
මතු ආත්මයේ ..
සනසන්න සිහිලෙන් ඔබේ ..
ඔය පපු තුරේ ..
පැතුමන් ඇදී හදේ ..
සුසුමින් මිදේ ..
කව්රුත්ම නෑ මගේ ..
දුක නැති කලේ ..

නුරු හිතට රහසින් ඇවිදින්
සිහිනේ මගේ ...
රෑ නින්දටත් කඳුළු ...
ඔබ ලං කලේ ..
අදහන්න බෑ කෙසේ ..
සැනසෙන්න දෝ ..
දුක නැද්ද මේ වගේ ...
මා තනි කලේ...

නොලැබෙනා..
හිත ඔබට ලං වෙලා..
හිත පුරා ... මතක බිඳු ඇහැරෙනා