Monday, April 3, 2017

ධනුවාගේ මිනි #12 - මම

ගිම්හාන හිරු එළිය
ගත දවන නිරතුරුව
කවදාද පැමිණෙන්නෙ
වස්සාන වැහි සොඳුර
නිවන්නට විඩා හද
වේදනා විඳිමි මම;
මමයි මේ මහ පොළොව
විඳින විඳවන නිතර..

8 comments:

  1. හ්ම්ම්..... බලාගෙන ඉදීමම
    ජීවිතය වූ ලොවක
    දින සති මාස
    ඉලක්කමක් විතරක්ම වෙන අරුම

    ReplyDelete
    Replies
    1. ලස්සනයි මිත්‍ර.. ජයවේවා!!

      Delete
  2. රිදුම් දෙන හදවතක නිබද යන එන පැතිර
    සුසුම් මල් සුගන්දය සනසවයි ලය අතර
    ගිගුම් සංග්‍රහයකින් ගෙවෙන මේ දින අතර
    උතුම් පැතුමන් රැගෙන ඒවි හෙට වැහි සොඳුර.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේම මරු දුමී.. ජයවේවා!!!

      Delete
  3. හැමෝම කවි ලිව්වොත් කවි මඩුවක් වෙනවනේ...
    මන් විතරක් බයිලයක් ගහලා යන්නම්

    ජය වේවා ..!!!ධනුවා

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. මරු කතාවක් තමයි ඒකත්.. ජය වේවා ..!!!

      Delete
  4. ලස්සනයි... ජය වේවා ..!!!

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....