Blogger Tricks Blogger Tricks
Showing posts with label දුක. Show all posts
Showing posts with label දුක. Show all posts

Friday, December 8, 2017

අසනි වැස්සක් වැහැපුදෙන්...

ඇසට ඇස හමු
නොවෙන ලෝකෙක
හිතක් තනියම මැරුණදෙන්...

අහස ගොරවන විදුලි කොටවන
අසනි වැස්සක් වැහැපුදෙන්...
නුඹේ ළඟ ඇති මගෙ හිතත්
අසනි වැස්සට හේදියන්...
සේදී සේදී වැහි දියට හිත
මරුන හිත පණ ඇදපුදෙන්....

Saturday, December 2, 2017

හඬගා කියමි මම

උන්මාද අහසට 
හඬගා කියමි මම 
නුඹ ඔහොම 
ලස්සන තාලෙට 
වෙන තරමටම ප්‍රේමණීය 
තනිවෙලා මගේ හිත 
ගොන්නක විඳවන 
සිතුවිලි මතක... 
ඉඳින් කියන් මට 
කෙතරම් අසාධාරණද 
නුඹ...?

Tuesday, September 19, 2017

එකම එක මොහොතකට

මම එදා නුඹ එනකං...
තනියම බලාගෙන හිටි
තැන්වල...
බස් නැවතුම්වල
අදත් දකිනවා මම
පෙම්වතුන්...
එනතුරු බලං
මම වගේ
ඉවසිල්ලක් නැතුවම
දැකගන්න
එකම එක මොහොතකට
පතමි මං
එක්වෙන්න
නොවී විඳවන්න..

Friday, June 2, 2017

ලියා ඇති සත්තමයි


බිදී විසුරුණු
තවත් රිදුමක
හීනි අගිස්සක
ලියා ඇති ආදරේ
සත්තමයි
ඇස් ගැටෙන ගැටෙන
හැම තැනක
නවතින එක නෙමෙයි
පපුව මැද රිදෙන එක
විතරක්ම වෙයි දවසක
කියලා ... 

Sunday, May 21, 2017

හීනයක් නම් මෙලහකට

හීනයක් වගෙයි තාමත්
අපි අපේ නොවන බව...
පෙම් බැඳුනු හිනාව
තාමත් නුඹෙයි
හිත මුමුණනවා අදටත්...
නැගිටපන් නින්දෙන්
බිඳුනු හද කෙලවරේ
එක් තැනක හෙමින්
කොඳුරයි ඕනවට එපාවට...
හීනයක් නම් මෙලහකට
අවදි කරවලා මම නුඹව...


Thursday, May 18, 2017

අහලකටවත් නොඑන්නම...

හිත නැවතිලා
කම්මැලිකම ගාවම
කොඳුරන්නෙ
මේක නේද නිදහස...
රිදෙන්නෙ නෑ නේද
කලින් වගේ...
හිතට බර වැඩි
පාළු කාරණා
දැන් හිත
අහලකටවත්
නොඑන්නම
අගුළු දැම්මා

මං සදහටම..


Saturday, April 15, 2017

ධනුවාගේ මිනි #13

සිදාදියෙ එහා කොන
නිතර මුණගැහුණු ඒ
අපෙ පාළු පටුමගේ
ගෙවු ඒ සොඳුරු දින
තවම හරි ලස්සනයි..
ඒ හෙලූ පෙම් සුසුම්
අදත් යලි හමුවෙලා
මේ විසල් අහස යට
මුමුණනවා ඇති එදා
දෙඩූ පෙම් රස වදන්..

Saturday, April 1, 2017

ධනුවාගේ මිනි #11

හිමිදිරි අඳුරක
තනිවුනු හදකට,
සීතල හීනෙක...
දැවටීවත්..
මතකය විසිරුණු
නිල්වන් අහසක,
තරුවල එළියට ...
සඳ අමතක වෙනවා නම්...

Monday, March 13, 2017

ධනුවාගේ මිනි #7 - අමතකද දැන් නුඹට..

හිරු බසින ගොම්මනේ
ගංතෙරේ බංකුවක
ආදරේ පිරුණු හැටි
ගිගුම් දෙයි නිරතුරුව..
තුරුල් වී මා ළඟට
නොදොඩාම කිසිවක්
ඇස් වලින් හිත් වලට
කතාකල නිමේෂය
අමතකද දැන් නුඹට..


Saturday, February 25, 2017

තව එකම එක වතාවක්

ආසයි ආදරේ කරන්න
තව එකම එක වතාවක්
අවසන් හුස්මට පෙර
ජීවිත කාලෙටම
අහිංසක හිතකට
තුරුල් කරගෙන
හද පතුලටම
රකින්නට හැමදාම

Thursday, February 2, 2017

හමුවෙමු තවත් එකම වතාවක්..

මමත් නුඹත්..
තේරුම් ගත්..
දවසක හවසක..
හමුවෙමු තවත් එකම වතාවක්..
වෙන්වී යන්න අපි අපෙන්..
නොදොඩාම කිසිවක්..
හුවමාරු කරගෙන මතක..
බෙදාගත් අතීතයෙ..
හමුවෙන්න මතු ආත්මයක..
බැඳීමක ප්‍රේමණිය...

Saturday, January 28, 2017

නමක් සොයමි තවම

අඳුරු සවසක ගුලිව
වැස්සෙ ගණ සීතලට
තුරුලේ මගෙ නතර වුණු
කුමරියේ නුඹ
අවතැන්ව තිබු
ඒ මගේ ජීවිතය...
පිහිද නුඹෙ ආදරෙන්
පිරවු සැටි සෙනෙහසින්
අරුමයකි මට තවම
නුඹේ ඔය සොඳුරු පෙම..
නොකර කොහොමැයි
ආදරය ඔය හිතට
දකින්නට නුඹෙ සිනහ
පතන්නට නුඹෙ සතුට
පතුලෙ සැඟවු
පෙම් මල් මිටක්
වෙර දරන පිබිදෙන්න
දඟ කරයි පතුලෙ හිත..

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)

Tuesday, January 24, 2017

ධනුවාගේ මිනි #1

ඇහේවිද වරක් හෝ
මගෙ හදේ නින්නාද
තවම නෑ ඇරඹුමක්
අතරමං වෙලා මම
අපේ ඒ මතකවල
ඔබ නැතුව ඔබ එක්ක

Friday, January 20, 2017

හදවතකි; හිස්තැනකි.


රිදෙනවා තාමත්
නුඹටම වෙන්වුනු
සියුම් තැන්
හද මඬල පුරාවට
මතක් වී පෙරදිනේ
අප එකට හිටි හැටි
පුදුමයි නුඹට
ඉන්න පුළුවන්කම
නොදැනෙනා සේ
පෙර මතක දිනපොත...
හිත පිරෙන්නම
නුඹ පමණක්ම
පැතූ මම අද
තැවෙමි ඇයි නුඹට මම
කලේ මෙතරම් ආදරය,
නුඹ කලේ ආදරය
ලඟ ඉන්න මොහොතට
දැනෙන ඒ හැඟීමට
පමණක්ම නම්
කාලයක් පුරාවට



පින්තුරය අන්තර්ජාලයෙනි.

Sunday, April 13, 2014

සිතක මහිම


නොදනිමි මා මෙය 
සතුටක්ද දුකක්ද කියා 
නමුදු කල් ගෙවමි 
ජීවිතය මෙය නිසා 
කලක් තිබු බොහෝ දේ 
එකින් එක නැතිව යන 
මේ පුදුම ලෝකයේ 
දිවි ගෙවමි තවත් මම 
කරන්නට දෙයක් නැත 
ඇත්තේ මට සිතන්නට 
මෙයම වේ ජීවිතය 
සියල්ලන් පතන....

Wednesday, March 12, 2014

සරසවි බිම..


විහිළුවෙන් සිනහවෙන් 
ගෙවූ ඒ ජීවිතය
තවත් මට අයිති නැත 
මුවග සිනහවක් 
නැතිව හිත් ගල් ගැසුණු 
කියන දේ කරන්නට 
පමණක්ම වෙන් කෙරුණු 
මා වැනිම බොහො දෙනෙක් 
මේ බිමේ සිටිනු ඇත 
සතුටක්ද දුකක්ද කියා 
නොදැනුනද මා සිතට 
නිතිපතා පිය නගමි 
මගේ සරසවි බිමට
අද මෙලෙස හිඳින්නට 
සිදු වුවත් අප සැමට  
හීන මැව් බකට් එක 
ලැබෙන දින නොදනිතත් 
බලා සිටිමි ලැබෙන තුරු...