Blogger Tricks Blogger Tricks
Showing posts with label ගම. Show all posts
Showing posts with label ගම. Show all posts

Sunday, January 29, 2017

ගම්මානේ - 3



කදමලු එහෙම අරගෙන ලොකු අම්මාට
පසුදින උදෑසන කඩමණ්ඩිය ලඟට
සේපාලිකා ආවා ටවුමට යන්ට
ටවුමෙන් ගන්නවා බස් එක දුම්බරට

නගා උදේ යන බව මට කිව් හින්දා
ආවා බලන්නට නුඹ දුර යන හින්දා
ප්‍රවෙසමට යන්නට ඕනා හින්දා
එන්නද මමත් ටවුමට යනකන් කැන්දා

සිරිල් අයියා තකහනියක් මේ උදයේ
ආවේ අපරාදෙ මේ කලබලයේ
යන්නට බැරිද මේ ටික දුර මට තනියේ
කලිනුත් ගිහින් හුරු ගමනක් නොවැ අයියේ

තාමත් මුරණ්ඩුව අඩු නැහැ නේද
හරි ආඩම්බරයි ඉස්සර වාගේම
මට ආදරේ හිතුනේ මේවට නේද
නොකියා කියන බහ රසයකි පෙරසේම

අයියන්ඩිට තාම තේරිලා නැහැ වාගේ
මම නැහැ තවම බහ දීලා දීගේ
තව දුර හිතන්නට තියනවා වාගේ
අයියා හොඳින් ඉන්නකෝ මේ ගම්මානේ

නගාගෙ කැමැත්තට මම ඉඩ දෙනවා
ඉල්ලපු දෑ අවුරුද්ද තව මම ඉවසනවා
එතකන් බහ දෙනකන් ලත වෙනවා
තේ වත්තේ වැඩත් ළඟ ළඟටම එනවා

එහෙනම් අයියේ මම බසයට යනවා
තව තව හොඳින් වැඩ කටයුතු කරවා
අයියා දස්සයනේ ඕවට හරි කරලා
අම්මට කියනවද මම යනවා කියලා

දුර සිට බලන් සිටි අපෙ සුදු බණ්ඩාර
ඉන්නවා දුක්බරව  දැක්කේ අන්තිමට
එක වචනයක් දුර යනු පෙර පවසන්ට
පුළුවන් කමක් ලැබුනේ නෑ හරි ආකාර

ලඟට එන්න බැරිමුත් අයියේ නුඹට
දනිමි නුඹේ සෙනෙහෙස ඇති මගෙ නමට
පොඩි සන්දියේ ඉඳන් අපි ආගිය ගිං වැවට
යන්නට හිතයි නුඹ එක්කල හවසකට

මතකයි අපි දෙන්න ඉස්සර වැව ඉවුරේ
සෙල්ලම් කළා එනකං ගොම්මන් අඳුරේ
සිරිල් දුරින් බලලා අපේ සෙල්ලම රහසේ
යනවා අම්මා එක්කල නොදුටුවා සේ

කියන්න වදන් තිබ්බත් හිත පිරෙන්නට
ඉඩ නැහැ අයියණ්ඩි නුඹ ළඟ මට තව ඉන්ට
හිටියොත් ගමේ තව මම සති කීපෙකට
කරනවා සිරිල් කරකාරේ  හරි ජයට

එහෙනම් අයියේ මම දුර යනවා යන්ට
එනවද මා බලන්නට නුඹ දුම්බරට
අරගෙන මම ආස පැණි වලලුත් බරට
මම මග බලමි එනකන් නුඹ දකින්නට

ලොකු නිහැඬියාවකින් පස්සේ ගම්මානේ ආයේ ලියන්න හිතුනා. කලින් කොටස් මෙතනින් බලන්න පුළුවන්.

ගම්මානේ
ගම්මානේ - 2

Sunday, April 5, 2015

පුංචි කාලේ අපි



හීන එකතු කර 
පොදි බැඳන් හිත පුරා 
එක එක තාලේ 
පෙරුම් පිරුව
හිත හතර අතේ 
දුවපු ඇවිදපු   
ආදරණීය හුරතල් 
පුංචි කාලයක් 
තිබුනා මටත් ...

හවසට නිවාඩුවට 
වෙලේ දොලේ ඇලේ 
ඇවිදපු දුවපැනපු 
හති වැටෙනකන් 
ගෙදර නාපු 
අහස කතා කරන හැටි 
ඉපනැල්ලේ ඉඳන් 
අහන් හිටපු 
පුංචි කාලයක් 
තිබුනා මටත් ...

අද මේ වගේ 
හිර වෙලා 
ජීවිතය ඒකාකාරී 
වුනත් මම 
තවමත් එදා වගේම 
ආදරෙයි පණ වගේ 
හීන ගොඩක් 
ගෙනල්ලා දුන්නු 
ඒ පුංචි කාලෙට 
සිය දහස් වාරයක් ...


Thursday, May 1, 2014

දෙව් උයනකි



වෙල් සියකි
නිල් දියකි
පන්සලකි
ගම් ගොඩකි

තුරු පසකි
සිසිල රැකි
පවස මෙකි
නිවිය හැකි

පණ දහසකි
එකම සිතකි
ගුණ කම් රැකි
එක පවුලකි

ගුරු පාරකි
ඉපනැල්ලකි
දොළ පාරකි
දෙව් උයනකි

පින්තූරය අන්තර්ජාලයෙනි.

Tuesday, April 15, 2014

අරුමය ද මෙය



වෙල් එළියේ දුව පැනපු
ඇළ දොලේ කල් ගෙවපු
ඒ දිවිය නිමාවී
අතරමං මගේ සිත
දුවයි දැන් සැම තැනම
ගොඩනැගිලි ගොඩක් මැද ...

විහිළුවෙන් කල් ගෙවපු
සිනා මල් මුව රැඳුණු
නෑ සියන් මුණ ගැසුණු
මතකයන් පමණි මට
ඉතුරු වී ඇත්තේ අද ...

කුඩා කල ගෙවූ ඒ මිහිරි කල
දැන් නිමයි සදහටම
නගරයක් වෙලා ඇත
මගේ මුළු ගමම අද
ගොඩනැගිලි ගොඩක් ඇත
එදා තිබු සතුට නැත
මෙයයි පෙරළිය ගමේ
මගේ සිත රිද්දවන ...

ගම්මානේ දැනුණු ඒ
මිහිරි සුවඳයි හැඩයි
නැහැනේ අද දකින්නට
තුරු වදුලේ තුරු අතර
මිහිරි ගී අහන්නට
කෙනෙක් සිටියත් බලන්
තුරු නැතිව ගී ඇසෙනු
කෙලෙසකද කියනු මැන ....

කල් ගියද මේ ලෙසින්
දිවිය අද අප ගෙවන
කුමක්දැයි නොවැටහේ
සිර වෙලා එකම තැන
නමුත් මේ ලෝකයම
වෙනස් කල අමුතු දේ
එයයි ටෙක්නොලොජි එක
නොනැවතී යයි පෙරට
සක්වළම පරයමින් ...