හීන එකතු කර
පොදි බැඳන් හිත පුරා
එක එක තාලේ
පෙරුම් පිරුව
හිත හතර අතේ
දුවපු ඇවිදපු
ආදරණීය හුරතල්
පුංචි කාලයක්
තිබුනා මටත් ...
හවසට නිවාඩුවට
වෙලේ දොලේ ඇලේ
ඇවිදපු දුවපැනපු
හති වැටෙනකන්
ගෙදර නාපු
අහස කතා කරන හැටි
ඉපනැල්ලේ ඉඳන්
අහන් හිටපු
පුංචි කාලයක්
තිබුනා මටත් ...
අද මේ වගේ
හිර වෙලා
ජීවිතය ඒකාකාරී
වුනත් මම
තවමත් එදා වගේම
ආදරෙයි පණ වගේ
හීන ගොඩක්
ගෙනල්ලා දුන්නු
ඒ පුංචි කාලෙට
සිය දහස් වාරයක් ...
අපිට හීන දකින්න හරි එහෙම අතීතයක් තියෙනවා. මතකයි මට නිවාඩුකාලෙ උදේ ගෙදරින් ගියාම හැන්දෑවෙ හයට තමයි ආයෙ ගෙදර එන්නෙ.ඒත් අපේ පොඩිඋන්ට අඩු ගානෙ හරියට ගහකට නැගගන්ඩ පුලුවන්ද? මඤ්ඤොක්ක කොලයකින් මාලයක් හදාගන්න, ගොක්කොලයකින් රූනෙක් හදාගන්න පුලුවන්ද? උන්ට ඕන නිවාඩුවට ඩිස්නිලන්ඩ් යන්න. ලෙෂර්වර්ල්ඩ් යන්න. කාට කියන්නද?
ReplyDeleteසිරා කතාව Cheena Jee, ලෝකේ ගොඩක් වෙනස් වෙලා. තාක්ෂනයෙන් දියුණු උනාට මොකක්හරි අඩුවක් තියනවා වගෙයි දැනෙන්නේ.
Deleteඇත්තටම අපිට එහෙම ලස්සන කාලයක් තිබුනා.. ඒක ගැන මොන තරම් අකුරු කලත් මදි.. ඒ තරමටම ඒක සුන්දරයි..
ReplyDeleteඅනිවාර්යයෙන්ම දිනේෂ් .. කවදාවත් එහෙම කාලයක් එන්නේ නෑ කිසිම කෙනෙක්ට ලෝකේ..
Delete