Blogger Tricks Blogger Tricks

Wednesday, April 1, 2015

තවත් එක් නිමේෂයක..



තත්පර, මිනිත්තු 
පැය, දින වලින් ගැනී 
සති මාස ගෙවී යයි 
නොදැනීම හිතට 
ජීවිතය මැදින් 
නොකියාම හොරෙන්
තවත් එක් නිමේෂයක 
සිත අතරමංව 
හැරෙනු බෑ යලි 
යා යුතුය මග 
දිනන්නට ලොව 
ජීවිත කඩුල්ලෙන් 
පෙනෙන ලොව නොව 
ඇත සැඟව තව 
නොදුටු පැති අප 
ඇසට හසුවන මායිමේ නැති 
සොයා යා යුතුම අපි 
නමුදු කාලය හරස් වෙයි 
මට මෙන්ම නුඹටද 
වෙනසක් නොකරම
නුඹටවත් මටවත්  
සීමා කරයි ජීවිතය 
තව ටිකයි අවසනට
මේ ගෙවන නිමේෂය
සිතෙද්දීත් දුකයි 
තැවෙයි සිත වැලපෙමින් 
සිත යටින්
නිමාවන ඇසිල්ලේදී 
පෙන්වා ලෝකයට 
මුවේ රැඳී සිනා කැන්... 

8 comments:

  1. අගෙයි සුන්දරයි

    ReplyDelete
  2. එක නිමේෂයක් ඇති ජීවිතේ ලොකු වෙනසක් කරන්න..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තම ඇත්ත දිනේෂ්..

      Delete
  3. එක නිමේෂයක් ඇති ජීවිතේ ලොකු වෙනසක් කරන්න..

    ReplyDelete
  4. ඒ එක නිමේෂය මග හැරුනොත් ආපහු ඒක ලැබෙන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ජීවිතය කියන්නේ පුදුම දෙයක් සහෝ ...

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....