ඇසට ඇස හමු
නොවෙන ලෝකෙක
හිතක් තනියම මැරුණදෙන්...
අහස ගොරවන විදුලි කොටවන
අසනි වැස්සක් වැහැපුදෙන්...
නුඹේ ළඟ ඇති මගෙ හිතත්
අසනි වැස්සට හේදියන්...
සේදී සේදී වැහි දියට හිත
මරුන හිත පණ ඇදපුදෙන්....
Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts
Friday, December 8, 2017
Wednesday, December 6, 2017
වැඩිමල් ප්‍රේමය
මගදි නැවතෙන ගැටෙන
හරිම කලබල සැලෙන
හිතක් නැවතිලා
ටිකක් නුපුරුදු තැනක...
නොසිතාම දෙවරක්
ගැලවුණු හිතත් සතුටත්
අරගෙන දෑතකින්
යන්න ඔසවද්දි පයක්
කළා හිත තරවටුවක්
අරගෙන පය යලිත්
කන් දුන්නා හිතට පොඩ්ඩක්
ඒක වැඩිමල් හිතක්...
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
හරිම කලබල සැලෙන
හිතක් නැවතිලා
ටිකක් නුපුරුදු තැනක...
නොසිතාම දෙවරක්
ගැලවුණු හිතත් සතුටත්
අරගෙන දෑතකින්
යන්න ඔසවද්දි පයක්
කළා හිත තරවටුවක්
අරගෙන පය යලිත්
කන් දුන්නා හිතට පොඩ්ඩක්
ඒක වැඩිමල් හිතක්...
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
Labels:
අදහස්,
ආදරය,
ජීවිතය,
දැකපු දේවල්,
විරහව,
වෙනස්වීම්,
සමුගැනීම,
හිතෙන දේවල්
Monday, December 4, 2017
දකින්නැති කව්රුවත්
ලියන කාලයේ මං
පෙම් පුවත, ප්‍රේමයේ පන්හිඳෙන්
ඉරගලත් පරව ගිය හවස්වල
ඇස් වලින් හිත් වලින්
ජීවිතේ සිරකරන්
සුසුම් උණුසුම් වෙන්න ඇති
නොදැක්කට කව්රුවත්
අහක යන උඩු සුළඟ
හිතට බර වැඩි නිසා
මං තාම තනියම අතරමං...
පෙම් පුවත, ප්‍රේමයේ පන්හිඳෙන්
ඉරගලත් පරව ගිය හවස්වල
ඇස් වලින් හිත් වලින්
ජීවිතේ සිරකරන්
සුසුම් උණුසුම් වෙන්න ඇති
නොදැක්කට කව්රුවත්
අහක යන උඩු සුළඟ
හිතට බර වැඩි නිසා
මං තාම තනියම අතරමං...
Sunday, December 3, 2017
බලාපන් මගේ හිත
වලාකුළු සිපගන්න
උස් කඳු මුදුන් ඇත
නොසෙල්වී අව් වැසිද
ඉවසනා අපූරුව
බලාපන් මගේ හිත,
අයුරු ඉවසන
වෙනස්වන හැමදේම
නොවෙනස්වු නියාවට...
උස් කඳු මුදුන් ඇත
නොසෙල්වී අව් වැසිද
ඉවසනා අපූරුව
බලාපන් මගේ හිත,
අයුරු ඉවසන
වෙනස්වන හැමදේම
නොවෙනස්වු නියාවට...
Saturday, December 2, 2017
හඬගා කියමි මම
උන්මාද අහසට
හඬගා කියමි මම
නුඹ ඔහොම
ලස්සන තාලෙට
වෙන තරමටම ප්‍රේමණීය
තනිවෙලා මගේ හිත
ගොන්නක විඳවන
සිතුවිලි මතක...
ඉඳින් කියන් මට
කෙතරම් අසාධාරණද
නුඹ...?
Tuesday, September 19, 2017
එකම එක මොහොතකට
මම එදා නුඹ එනකං...
තනියම බලාගෙන හිටි
තැන්වල...
බස් නැවතුම්වල
අදත් දකිනවා මම
පෙම්වතුන්...
එනතුරු බලං
මම වගේ
ඉවසිල්ලක් නැතුවම
දැකගන්න
එකම එක මොහොතකට
පතමි මං
එක්වෙන්න
නොවී විඳවන්න..
තනියම බලාගෙන හිටි
තැන්වල...
බස් නැවතුම්වල
අදත් දකිනවා මම
පෙම්වතුන්...
එනතුරු බලං
මම වගේ
ඉවසිල්ලක් නැතුවම
දැකගන්න
එකම එක මොහොතකට
පතමි මං
එක්වෙන්න
නොවී විඳවන්න..
Saturday, July 8, 2017
විඳගන්න එනවා මං
මුමුණමින් හිතපුරා හෙමි හෙමින්..
නුඹ ලියූ ගී තනුව ඇසිල්ලෙන්..
දැනුනු නුඹෙ ආදරේ මේ තරම්..
විඳගන්න එනවා මං මොහොතකින්..
නොමැකෙනා මතකයෙන්..
ලියැවෙනා ගී පද වැලෙන්..
විඳිමි මං නුඹෙ ආදරේ..
මහමෙරක් තරමටම හද පෙතෙන්..
නුඹ ලියූ තනුව තුරුලට අරන්..
ගොතමි කතාවක් අපේ..
විඳගන්න මේ මිහිර හැමදාම..
ඉපදෙනා මතු භවයකත්..
Saturday, June 10, 2017
හිනාවෙන පිණි බිංඳු
හිනාවෙන පිණි බිංඳු
නොහිතාම යලි වරක්
කොඳුරන්න සවනගට
හිරු යලිත් එයි නේද
වසන්තය අරගෙනම...
වත්තෙ මායිම කොනක
දාස්පෙති ගාලකට
ලංව හැදුනට මොකද
සුදුම සුදු උඩවැඩියා
නුඹ හරිම හැඩකාර..
රංචු වෙන සමනලුද
නොනැවතී එක තැනක
දාස්පෙති දැක දැකම
නවතින්න පෙම් බඳියි
උඩවැඩියා අහලින්ම...
Monday, May 29, 2017
ධනුවාගේ මිනි #16
නොහිතාම
ඇවිත්
නතර වෙන...
නොදැනීම
දැනී
තනි
කරන...
රහසේම හදේ
පද ලියන...
රහසේම හදේ
පද ලියන...
වේදනාවකි
ආදරය
දවන
හද...
Thursday, May 25, 2017
ධනුවාගේ මිනි #14
සසර පුරුද්දකට මට නුඹව
හමුවෙන්න ඇති මෙහෙම
හිමි නැතත් නුඹව මට
කරගන්න මගෙ විතරක්ම
ලැබීමම වෙන්න ඇති
හමුවෙලා වෙන්වෙන්න
හිත කොනක කදුළු කැටි
වෙරදරයි සනසන්න
සැනසුමක් මොටද තව
බිම වැටුණු හදවතට..
Tuesday, May 23, 2017
තාම වෙනසක් නැතිව..
තාම
වෙනසක් නැතිව
ගුරුපාර
තියනවා
වතුසුද්ද
මල් යාය
තවම
මල් මවනවා
නුඹ
මගේ නොවන බව
හැම
විටම දැනෙනවා
නෙතට
කඳුලක් ගෙනෙන
රිදුම
යලි උනනවා
මම
තනිව ගුරුපාරෙ
කොනක
තනි රකිනවා
වෙන
හිතක් නොලබන්න
නුඹෙ
පැතුම දැනෙනවා
පැතූ
නුඹ දුර ගිහින්
මම
තවම තැවෙනවා
Sunday, May 21, 2017
හීනයක් නම් මෙලහකට
හීනයක් වගෙයි තාමත්
අපි
අපේ නොවන බව...
පෙම් බැඳුනු හිනාව
තාමත් නුඹෙයි
හිත
මුමුණනවා අදටත්...
නැගිටපන්
නින්දෙන්
බිඳුනු
හද කෙලවරේ
එක්
තැනක හෙමින්
කොඳුරයි ඕනවට එපාවට...
හීනයක්
නම් මෙලහකට
අවදි
කරවලා මම නුඹව...
Saturday, May 20, 2017
නුඹ දවාගිය...
වෙලාවට වැහි අඳුර ගලන
තුරුල් වෙලා ඉස්සර
හිටි ඒ ඇසිල්ල
වුනා මට කල්පයක්
හතිවැටිලා
අතරමංවෙන්න
නුඹේ
හිත ගාවම...
තාමත්
නුඹෙ සුවඳ
හැම
මොහොතකම
හිත
පුරා ගලනබව
දන්නවද...
නුඹ දන්නෙවත්
නැතිව
ඇති මේ හිත
මහ
හුඟක් පෙම් බඳින බව
නුඹ
දවාගිය අඳුරු කුටියක
තනිව
හිඳ...
Thursday, May 18, 2017
අහලකටවත් නොඑන්නම...
හිත
නැවතිලා
කම්මැලිකම
ගාවම
කොඳුරන්නෙ
මේක
නේද නිදහස...
රිදෙන්නෙ
නෑ නේද
කලින්
වගේ...
හිතට
බර වැඩි
පාළු
කාරණා
දැන්
හිත
අහලකටවත්
නොඑන්නම
අගුළු
දැම්මා
මං
සදහටම..
Friday, April 21, 2017
අරගෙන සදහටම..
නොදැනීම අහම්බෙන්
ඇවිත් රැගෙන ආදරය
කාලයක් පුරාවට
එකතුකර මතක පොත..
අවසනදි ගියා නුඹ
රැගෙන ආ ආදරය
අරගෙන සදහටම..
ඉතිරි කර පිටු ගොඩක්
පෙරලන්නට අපහසු..
තිබුනෙ නුඹට
යන්නට කලියෙන්ම..
නොලියා තවත් පිටු
මතක පොත පිරෙන්නට..
ඇවිත් රැගෙන ආදරය
කාලයක් පුරාවට
එකතුකර මතක පොත..
අවසනදි ගියා නුඹ
රැගෙන ආ ආදරය
අරගෙන සදහටම..
ඉතිරි කර පිටු ගොඩක්
පෙරලන්නට අපහසු..
තිබුනෙ නුඹට
යන්නට කලියෙන්ම..
නොලියා තවත් පිටු
මතක පොත පිරෙන්නට..
Saturday, April 15, 2017
ධනුවාගේ මිනි #13
සිදාදියෙ එහා කොන
නිතර මුණගැහුණු ඒ
අපෙ පාළු පටුමගේ
ගෙවු ඒ සොඳුරු දින
තවම හරි ලස්සනයි..
ඒ හෙලූ පෙම් සුසුම්
අදත් යලි හමුවෙලා
මේ විසල් අහස යට
මුමුණනවා ඇති එදා
දෙඩූ පෙම් රස වදන්..
නිතර මුණගැහුණු ඒ
අපෙ පාළු පටුමගේ
ගෙවු ඒ සොඳුරු දින
තවම හරි ලස්සනයි..
ඒ හෙලූ පෙම් සුසුම්
අදත් යලි හමුවෙලා
මේ විසල් අහස යට
මුමුණනවා ඇති එදා
දෙඩූ පෙම් රස වදන්..
Wednesday, April 5, 2017
පැමිණි ගිම්හානයට
අමතකව දමාගිය
වසන්තය යලි එන තෙක්
බලා සිටි කාලයට
නොතබාම තිතක්
තබමි කොමාවක්
පැමිණි ගිම්හානයට
පෙම් බඳිනු කැමතිව..
දන්නවද? හීනයක් ඒක
පාට තවරපු හිත පුරාම..
දින ගණන් පැය ගානට
පැයගණන් තත්පර ගානට
ගෙවෙනවා දැනුනෙවත් නැති
කඩන් වැටුණු
හීන මාලිගාවක
අයිනෙ බිත්තියකට
හේත්තු වෙලා මැවුණු
ආදරණීයම හීනයක් ඒක..
Monday, April 3, 2017
ධනුවාගේ මිනි #12 - මම
ගිම්හාන හිරු එළිය
ගත දවන නිරතුරුව
කවදාද පැමිණෙන්නෙ
වස්සාන වැහි සොඳුර
නිවන්නට විඩා හද
වේදනා විඳිමි මම;
මමයි මේ මහ පොළොව
විඳින විඳවන නිතර..
ගත දවන නිරතුරුව
කවදාද පැමිණෙන්නෙ
වස්සාන වැහි සොඳුර
නිවන්නට විඩා හද
වේදනා විඳිමි මම;
මමයි මේ මහ පොළොව
විඳින විඳවන නිතර..
Saturday, April 1, 2017
ධනුවාගේ මිනි #11
හිමිදිරි අඳුරක
තනිවුනු හදකට,
සීතල හීනෙක...
දැවටීවත්..
මතකය විසිරුණු
නිල්වන් අහසක,
තරුවල එළියට ...
සඳ අමතක වෙනවා නම්...
තනිවුනු හදකට,
සීතල හීනෙක...
දැවටීවත්..
මතකය විසිරුණු
නිල්වන් අහසක,
තරුවල එළියට ...
සඳ අමතක වෙනවා නම්...
Thursday, March 30, 2017
පිංතාරුව
ආදරය අකුරු හතරක්
විතරක්ම උනු කාලෙක
ඔය හිනාවට
කතාකරන ඇස් වලට
මං ආස කලේ
මගේම කරගන්න
සදහටම ..
ගෙවුන දවසක් ගානෙම
ආදරය හිතපුරාම
පිංතාරු කලේ
අපි අපේ නිසාවෙන්..
දන්නවද? හීනයක් ඒක
පාට තවරපු හිත පුරාම..
Subscribe to:
Posts (Atom)


