Saturday, May 20, 2017

නුඹ දවාගිය...

වෙලාවට වැහි අඳුර ගලන 
තුරුල් වෙලා ඉස්සර 
හිටි ඒ ඇසිල්ල
වුනා මට කල්පයක්
හතිවැටිලා අතරමංවෙන්න
නුඹේ හිත ගාවම...
තාමත් නුඹෙ සුවඳ
හැම මොහොතකම
හිත පුරා ගලනබව
දන්නවද... නුඹ දන්නෙවත්
නැතිව ඇති මේ හිත
මහ හුඟක් පෙම් බඳින බව
නුඹ දවාගිය අඳුරු කුටියක
තනිව හිඳ...

12 comments:

  1. ඔහ්... පෙමක තරම...

    ලස්සනයි ධනුවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. Replies
    1. ඔව් මතක තමයි ඉතින් .. :D

      Delete
  3. නුඹ නොදන්නවා ඇති..
    ඒ වුනත්,
    ඒ කවි හිත කවි පබඳින
    හිමිකාරි...
    කවි හිතක් හඬවපු නුඹමයි...


    ජයවේවා

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....