Blogger Tricks Blogger Tricks
Showing posts with label මිනි. Show all posts
Showing posts with label මිනි. Show all posts

Sunday, December 3, 2017

බලාපන් මගේ හිත

වලාකුළු සිපගන්න 
උස් කඳු මුදුන් ඇත 
නොසෙල්වී අව් වැසිද 
ඉවසනා අපූරුව 
බලාපන් මගේ හිත,
අයුරු ඉවසන 
වෙනස්වන හැමදේම 
නොවෙනස්වු නියාවට...

Saturday, December 2, 2017

හඬගා කියමි මම

උන්මාද අහසට 
හඬගා කියමි මම 
නුඹ ඔහොම 
ලස්සන තාලෙට 
වෙන තරමටම ප්‍රේමණීය 
තනිවෙලා මගේ හිත 
ගොන්නක විඳවන 
සිතුවිලි මතක... 
ඉඳින් කියන් මට 
කෙතරම් අසාධාරණද 
නුඹ...?

Tuesday, September 19, 2017

එකම එක මොහොතකට

මම එදා නුඹ එනකං...
තනියම බලාගෙන හිටි
තැන්වල...
බස් නැවතුම්වල
අදත් දකිනවා මම
පෙම්වතුන්...
එනතුරු බලං
මම වගේ
ඉවසිල්ලක් නැතුවම
දැකගන්න
එකම එක මොහොතකට
පතමි මං
එක්වෙන්න
නොවී විඳවන්න..

Monday, May 29, 2017

ධනුවාගේ මිනි #16

නොහිතාම ඇවිත්
නතර වෙන...
නොදැනීම දැනී
තනි කරන...
රහසේම හදේ
පද ලියන...
වේදනාවකි ආදරය
දවන හද...

Saturday, May 27, 2017

ධනුවාගේ මිනි #15

වැහි බිඳුවලට
හෙමින් සේදෙන
වතුසුද්ද මලක්
වුනා නම්
මගෙ හිතත්...
සෝදනවා මම
නුඹෙ මතක
එකක් ගානෙම...

Thursday, May 25, 2017

ධනුවාගේ මිනි #14

සසර පුරුද්දකට මට නුඹව
හමුවෙන්න ඇති මෙහෙම
හිමි නැතත් නුඹව මට
කරගන්න මගෙ විතරක්ම
ලැබීමම වෙන්න ඇති
හමුවෙලා වෙන්වෙන්න
හිත කොනක කදුළු කැටි
වෙරදරයි සනසන්න
සැනසුමක් මොටද තව
බිම වැටුණු හදවතට.. 

Saturday, April 15, 2017

ධනුවාගේ මිනි #13

සිදාදියෙ එහා කොන
නිතර මුණගැහුණු ඒ
අපෙ පාළු පටුමගේ
ගෙවු ඒ සොඳුරු දින
තවම හරි ලස්සනයි..
ඒ හෙලූ පෙම් සුසුම්
අදත් යලි හමුවෙලා
මේ විසල් අහස යට
මුමුණනවා ඇති එදා
දෙඩූ පෙම් රස වදන්..

Saturday, April 1, 2017

ධනුවාගේ මිනි #11

හිමිදිරි අඳුරක
තනිවුනු හදකට,
සීතල හීනෙක...
දැවටීවත්..
මතකය විසිරුණු
නිල්වන් අහසක,
තරුවල එළියට ...
සඳ අමතක වෙනවා නම්...

Tuesday, March 28, 2017

ධනුවාගේ මිනි #10 - තාමත් .. පරිස්සමට

කාලයක් ගියත්
තාමත් මහ වැහි වැටෙද්දි
මට මතක් වෙන්නෙ
එදා නුඹව
තුරුල් කරගෙන
එක කුඩයක් යටින්
හෙමින් ඇවිදපු හැටි..
හීරුවට හිත ඒ මතක
තාමත් ..
පරිස්සමට තියාගන්නෙ
මම මටත් වඩා
පෙම් කලේ නුඹට හින්දයි..


Saturday, March 25, 2017

ධනුවාගේ මිනි #9 - ගසමි පා පහරක්

යනෙන මග
හමුවන රිදවන
මතකවලට ..
ගසමි පා පහරක්
බිඳෙන්නට නොව
ඈතට විසි වෙන්නට ..
මගෙ හුස්ම වැටෙන
මායිමෙනුත්
තවත් අඩි
තුන හතරක්
එහායින් වැටෙන්නට..

Thursday, March 23, 2017

මහපොළොව තවමත් එතැනමයි

ගිගුම් දී හඬන වැහි අහසට
හඬන්නට දී
හරස් වීදියෙ අයිනක..
මහ ඇහැල ගහක් යට
ගෙතූ පෙම් පද
අසාගෙන සිටි වැහි බින්දු
නැතිවුවද අද තනියට..
පෙම් සිසල උහුලපු
මහපොළොව තවමත්
එතැනමයි තනියට
සේදි සේදී වැහි දියට..

Thursday, March 9, 2017

ධනුවාගේ මිනි #6 - සත්තමයි


ආයෙත් යන්න පුළුවන් නම්
මම නුඹව දුටු
මුල්ම දිනයට
සත්තමයි යනවා මං
නුදුටු සේ මම නුඹව

Saturday, February 25, 2017

තව එකම එක වතාවක්

ආසයි ආදරේ කරන්න
තව එකම එක වතාවක්
අවසන් හුස්මට පෙර
ජීවිත කාලෙටම
අහිංසක හිතකට
තුරුල් කරගෙන
හද පතුලටම
රකින්නට හැමදාම

Thursday, February 2, 2017

හමුවෙමු තවත් එකම වතාවක්..

මමත් නුඹත්..
තේරුම් ගත්..
දවසක හවසක..
හමුවෙමු තවත් එකම වතාවක්..
වෙන්වී යන්න අපි අපෙන්..
නොදොඩාම කිසිවක්..
හුවමාරු කරගෙන මතක..
බෙදාගත් අතීතයෙ..
හමුවෙන්න මතු ආත්මයක..
බැඳීමක ප්‍රේමණිය...

Tuesday, January 31, 2017

ධනුවාගේ මිනි #5

හද මඬල පුරාවට
අමාවක අඳුරු සඳ
වලාවක තරැ එළිය
වෙලාවක හිත හඬන
අමතකද සිනාහඬ
ගුරු පාරෙ නුගේ ළඟ..

Monday, January 30, 2017

ධනුවාගේ මිනි #4

සීත මන්දාරමේ 
පිනි වැස්සෙදි 
තාම දැනෙනවා 
තුරුල් වී හිටිය හැටි 
දන්නවද?? 
ආදරෙයි තාමත් මං
වෙනස්වුණු නුඹට නෙමෙයි 
තුරුල් වුණු නුඹට...

Sunday, January 29, 2017

ධනුවාගේ මිනි #3


අප නිතර හැමදින
සවස මුණගැහුණු තැන
මල් පිපී නැත
මඳ සුළඟ නැත
මතක පමණක්
ඉතිරි වී ඇත..

ධනුවාගේ මිනි #2

ගල්මුල් නැති ජීවිතය
ඔහෙ ගලන
කඩිත්තකි මඩ
තැනක පල් වෙන
වරෙක පිරවෙන
ජීවයක් දෙන
ගහක මලකට
සවිය වෙන් නැති

Tuesday, January 24, 2017

ධනුවාගේ මිනි #1

ඇහේවිද වරක් හෝ
මගෙ හදේ නින්නාද
තවම නෑ ඇරඹුමක්
අතරමං වෙලා මම
අපේ ඒ මතකවල
ඔබ නැතුව ඔබ එක්ක