Blogger Tricks Blogger Tricks
Showing posts with label අම්මා. Show all posts
Showing posts with label අම්මා. Show all posts

Friday, April 11, 2014

අම්මා


මා තනිවුණු විට
ළගට විත් තනි රැක්ක
ඇයි මොකද මේ කියා මා
සනසන්න වෙර දැරුව
මගේ අම්මේ නුඹ මගේ
මව වෙන්න මේ සසරේ
යලි උපන් හැමදාම....

මගේ කුස පුරවන්න
කුසගින්නේ හිටිය ඔබ
මගේ ලොව දිනවන්න
ඔබේ ලොව දුන්න ඔබ
කරන මේ හැමදේම
මා මතකේ රැඳී ඇත
මගේ දිවියේ හැමදාම...

වැරදි දේ කරන විට
හරි මගට යොමු කෙරුව
අසනීප වුණු විටදී
මගේ ළග රැඳුණු ඔබ
මා වෙනුවෙන් කරන
මේ අනගි මෙහෙවරම
ඇති අම්මේ මතු සසරේ
බුදු වෙන්න...