Thursday, January 8, 2015

ගලවා බලාපන් පාට කණ්නාඩිය



දුක හිතෙනවා බන් 
දකිද්දී දැන උගත් කියන උන් 
රඟපාද්දී අනිත් උන් තලාගෙන 
පව් බන් උඹලට දෙන හුස්ම පොදත් 
මහ පොලවට, ගහ කොළට 
පාට කණ්නාඩි වලින් 
ලෝකය බලන්නට වෙර දරන 
උඹලා දන්නේ නැති වේදනා
හදවත් වල ගැටෙද්දී 
උඹලා හැංගිලා වෙව්ලද්දී 
ළඟ රැඳුනු උන් අමතකව 
මොළ මෝරද්දී ඇඟට එන
ඔය පොෂ් ආතල් එකට 
උගත් කමට අනිත් හැමදේම 
යට බව හිතන උගත් බුද්ධිමතුන් 
අනෙකාගේ පොල් කෙන්ද 
හාර හාරා හොයද්දි 
පොල් පරාල හංගන්නට 
මහන්සි වෙයන් හනිකට 
මොකද උඹේ පාට කණ්ණාඩියේ 
පාට හේදුනු දවසට උඹත් 
ඔය උඹ කියන නුගතා වේවි 
උඹටත් නොදැනීම ....
දමා බලාපන් පාට කණ්නාඩිය
පෙනේවි උඹට හැමදේම ලස්සනට
හැබැයි එකම පාටින් 
මොකද උඹ හිතන්නේ 
හැම මගුලකටම උඹේ 
බුද්ධිමත් තර්කය ඔබන්නට නම් 
පාට කණ්නාඩිය ගැලවේවි 
උඹටත් නොදනිම ....
ගලවා බලාපන් උඹේ ඔය 
පාට අරුමෝසම් කණ්නාඩිය 
පෙනේවි උඹට නොපෙනුණු 
නොඇසුණු දේ ටිකෙන් ටික ..

Saturday, January 3, 2015

නොදැන සිටියා නොවෙද


හිමිදිරියේ උණුහුමින් 
නැගෙන හිරු රැස් පොදින්
සවිය දුන් නමුදු නැගෙන්නට 
කාලයක් ගෙවුණු බව නොදැන 
සැනින් සවිමත් වුවෙක් ලෙස 
දිලෙන කල ගෙවත්තෙහි 
දුර සිටින හිරු නොවේ 
ළඟ රැඳුනු මුලයි 
සියලු බර පැන කලේ ... 
නිමේෂයකින් අමතකව 
ගිය විටෙක සියලු දෙය 
එය නොවේද පිරිහීම 
දන්න හඳුනන සැවොම 
දුර රැඳෙන අය මෙන්ම 
ළඟ රැඳෙන අයවලුන් 
වද නොවේ නම් මෙතරම් 
නුඹත් නැත අද දිලෙන්නට ...
කෙටි කලට වහල් වී 
සිටි නමුදු තුටු වෙමින් 
නොදැන සිටියා නොවෙද 
අවසනත් එයම බව ...