හිමිදිරියේ උණුහුමින්
නැගෙන හිරු රැස් පොදින්
සවිය දුන් නමුදු නැගෙන්නට
කාලයක් ගෙවුණු බව නොදැන
සැනින් සවිමත් වුවෙක් ලෙස
දිලෙන කල ගෙවත්තෙහි
දුර සිටින හිරු නොවේ
ළඟ රැඳුනු මුලයි
සියලු බර පැන කලේ ...
නිමේෂයකින් අමතකව
ගිය විටෙක සියලු දෙය
එය නොවේද පිරිහීම
දන්න හඳුනන සැවොම
දුර රැඳෙන අය මෙන්ම
ළඟ රැඳෙන අයවලුන්
වද නොවේ නම් මෙතරම්
නුඹත් නැත අද දිලෙන්නට ...
කෙටි කලට වහල් වී
සිටි නමුදු තුටු වෙමින්
නොදැන සිටියා නොවෙද
අවසනත් එයම බව ...
අපූරු පද වැලක්...
ReplyDeleteඅදයි මේ පැත්තට ගොඩ වුනේ දිගටම එන්නම්කෝ.. සුබ පැතුම්..
ස්තුතියි .... දිගටම එන්න ... කඩයිමට ගොඩ වෙන්න ...
Deleteකයිය නම් නියමයි.............. සුබ පැතුම් මේ කවි හිතට...........
ReplyDeleteබොහොම ස්තුතියි කුහැගිප .... :)
Deleteහත්තිලව්වේ කුහැගීප නෙමෙයි ගොයියෝ කුගැගීප
Deleteඔන්න ඉතින් මේ keys පිස්සු නටන්න අරන්නේ .... කුගැගීප
Deleteකඩයිමට අදයි ගොඩ වැදුනේ , දිගටම එන්නම්, ඔහොම යන්.ජය
ReplyDeleteගොඩක් ස්තුතියි ඉවාන් ... දිගටම එන්න ...
Deleteකමෙන්ට් එක දිගේ ආපු ගමන්.කොහෙදමෙච්චරකල් මේක හන්ගල තිබ්බේ?අපූරු ඉසවුවක්.අදින් පස්සේ ඔළුව ඔබල යන්න එන්නම් ඉඩක් ලැබුන ගමන්.....ජය වේවා......
ReplyDeleteගොඩක් ස්තුතියි කටුසු. හැංගිලා තිබුනමත් වටිනාකම වැඩියිනේ .... අයෙත් එන්න කඩයිමට ගොඩ වෙන්න ...
Deleteහරි ලස්සන බ්ලොග් එකක් නේ.. කවි නිසදැස් වලට මං කොහොමත් මනාපයි.. ඔන්න ගොයියෝ මං දිගටම එන්න පාර හදා ගත්තා.. හැබැයි ඉතින් කම්මැලි නැතුව දිගටම ලියන්නත් ඕනි.. ජය ශ්‍රී!
ReplyDeleteඅනිවා කල්‍යාණ, ගොඩක් ස්තුතියි. දිගටම එන්න ...
Deleteහොඳ කවියක්. (නිසඳැසක් )
ReplyDeleteස්තුතියි සහෝ ..
Deleteපට්ටයි සහෝ
ReplyDeleteඉදල හිටල නැතිව හැමදාම ලියපං
පරක්කු වෙලා හරි අපි එන්නං
ජයෙන් ජයම වේවා
අනිවා සහෝ .... කොහෙද ඉතින් මේ විභාග, එසයිමන්ට් එක්කනේ මුකුත් කරන්න බැරි..
Delete