Blogger Tricks Blogger Tricks

Wednesday, December 31, 2014

පිය නගමු දුරුත්තට ..


365 දිනකට
ජීවිතය අලුත් වන
තවත් දවසක්
එන්න වගේලු
හැබැයි හැමදාම වගේ
කරගත්තු, ලැබුණු
දෙයක් නැතිකොට
ඔය පරණ සිද්දිය
අලුතක් නොවේ මට
නොකර මග හැරුණු
වැඩ එකින් එක
අහුලමින් මම
පිය නගමි දුරුත්තට ..
31න් 1 ලබන
තවත් දවසකි මෙය
අමුතු පාටක් එහි
නැත මවන්නට
එකින්  එක හිත රැඳුනු
බලාපොරොත්තු
පොදි බැඳන් මම
පුරුදු කම්මැලි
සෙමින් ගමනෙම
පිය නගමි දුරුත්තට ..
කරන වාගේම
කරන්නට යන
සියලු දේවල්
සිතන විදියට
සිතන අයුරින්
ඉටුවන්න පතමින්ම
පිය නගමු දුරුත්තට ..

4 comments:

  1. පිය නගමු දුරුත්තට
    ඉනික්බිති ඉනුත් ඔබ්බට
    අනාගතයට පාර කියන පාරක
    නොව ආපස්සට යන රටක

    උඹට ජයෙන් ජයම වේවා
    එළඹෙනා නව වසර සතුටු සපිරුණ සුභම සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. වසර යනු;
      දින වලින් සති ගණන්
      ගැනෙන පොඩි කාලයකි,
      තියන හැම අඩියක්ම
      සවිමත්ව උර දෙන්න
      නුබේ දිවිය සරු වෙන්න
      පතමි මම මුළු හදින...

      එසේම වේවා සහෝ ...

      Delete
  2. ධනුෂ් කොලුවෝ....................

    ඔබටත් ඔබේ පවුලේ සැමටත්... මේ බ්ලොගයටත්
    සුභම සුභ නව වසරක් වේවා................................

    කුගැගීප

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....