ගසක් වනු ඇතිද එය
නැත ලොවේ දකින්නට
කෙනෙක් අද ඉතිරිව
ව්‍යසනය අරුත් දෙන
සියලු දේ හමාරය
අවසනක නිමාවයි
මේ රුඟුම් රඟන්නේ
දැවී ගිය ලෝ තලේ
සැණකෙළිය මවන්නේ
පැවසුවද යලි යලිත්
නැහැ ඇසුම දැනෙන්නේ
නිමාවී හමාරයි
අළුව ගොස් මිහිතලේ
අහස් ගැබ ඉරිතැලී
ගිනි පුලිඟු ඇදහැලී
ලෝකයම අඳුරු වී
හමාරයි නිමාවී
නිලට රත මුහු වෙමින්
වැටුණු ඒ පුලිඟු කැට
දෙදරවයි ලෝ තලේ
වරෙක නොව
වතාවක් සියදහස්
මෙය නොවෙද පැවසුවේ
ගන්න මේ හුස්ම පොද
රකින්නේ සොබාදහමින්ම
වේ......
පින්තූරය අන්තර්ජාලයෙනි.
කවිය නියමයි..........................
ReplyDeleteබ්ලොග් එකට එනකොටම වයිරස් ගැන මොකක්දෝ වෝනින්ග් එකක් දුන්නා. ටිකක් හොයලා බලන්න................
බොහොම ස්තුතියි .... මම බලන්නම් ඒක..
Delete//අහස් ගැබ ඉරිතැලී
ReplyDeleteගිනි පුලිඟු ඇදහැලී
ලෝකයම අඳුරු වී
හමාරයි නිමාවී //
නියමයි!!!
ස්තුතියි ///
Deleteසොබාදහම රැක්කොත්, සොබාදම අප රකීවි
ReplyDeleteඅගේ ඇති කවි පෙලක්
ජ ය වේ වා ර්!ර්!!!
බෝම ස්තුතියි ....
Delete