Blogger Tricks Blogger Tricks

Saturday, October 25, 2014

නිමාවී හමාරයි

පැලය එක වරෙක 
ගසක් වනු ඇතිද එය 
නැත ලොවේ දකින්නට 
කෙනෙක් අද ඉතිරිව
ව්‍යසනය අරුත් දෙන 
සියලු දේ හමාරය 
අවසනක නිමාවයි 
මේ රුඟුම් රඟන්නේ 
දැවී ගිය ලෝ තලේ 
සැණකෙළිය මවන්නේ 
පැවසුවද යලි යලිත් 
නැහැ ඇසුම දැනෙන්නේ 
නිමාවී හමාරයි 
අළුව ගොස් මිහිතලේ 
අහස් ගැබ ඉරිතැලී 
ගිනි පුලිඟු ඇදහැලී 
ලෝකයම අඳුරු වී 
හමාරයි නිමාවී 
නිලට රත මුහු වෙමින් 
වැටුණු ඒ පුලිඟු කැට 
දෙදරවයි ලෝ තලේ 
වරෙක නොව
වතාවක් සියදහස් 
මෙය නොවෙද පැවසුවේ 
ගන්න මේ හුස්ම පොද 
රකින්නේ සොබාදහමින්ම 
වේ...... 


 
පින්තූරය අන්තර්ජාලයෙනි.

6 comments:

  1. කවිය නියමයි..........................

    බ්ලොග් එකට එනකොටම වයිරස් ගැන මොකක්දෝ වෝනින්ග් එකක් දුන්නා. ටිකක් හොයලා බලන්න................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි .... මම බලන්නම් ඒක..

      Delete
  2. //අහස් ගැබ ඉරිතැලී
    ගිනි පුලිඟු ඇදහැලී
    ලෝකයම අඳුරු වී
    හමාරයි නිමාවී //

    නියමයි!!!

    ReplyDelete
  3. සොබාදහම රැක්කොත්, සොබාදම අප රකීවි

    අගේ ඇති කවි පෙලක්

    ජ ය වේ වා ර්‍!ර්‍!!!

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....