නතර වුන හිත ගාව
ගෙවන හැම නිමේෂය
සුර ලොවකි හදවතට
නොවෙන අමතක දිනෙක
පුරාවට මා දිවිය...
තරු අවදි වී හිඳින
වෙලාවට පමණක්ද
අරුත ඇති නිදහසක්
දැනෙන්නේ හදවතට
හැම විටම...
නුඹයි මගේ හදගැස්ම
නිතර මුණ නොගැසුණත්
සුළු දෙයක් නොවුවද
රැඳෙනු මැන හද ලඟම
නිරතුරුව...
දිනෙක මේ හැමදේම
අවසන්ව නුඹ ලඟට
එන්න හැකිවෙයි
යලිත් හද විඳගන්න
සදහටම...
දුකක් නැත හදවතට
එකතු වන බව
දැනෙන විට හැමවිටම
නමුදු එක දුකක් ඇත
රිදෙන මුළු හදවතම...
අනිකක් නොවෙයි එය
නුඹේ හිත ගැනයි දුක
නමුදු දුක් නොවනු මැන
දිනක් ඇත වෙන් කෙරුණු
එක් වන්න සදහටම..
(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)
ජ ය වේ වා !!!
ReplyDeleteස්තුතියි :) !!
Deleteලස්සනම කවි පෙළක්.
ReplyDeleteබොහොම ස්තුතියි, දිගටම මේ පැත්තේ එන්න..
Deleteධනූෂ්.....උඹේ බ්ලොග් එක කඩයිමද කඩඉමද? මාත් සිංහල නිවැරදිවම දන්නේ නැහැ. මම හරිද...උඹ හරිද...
ReplyDeleteඇත්තටම මටත් මේක ගැන ලොකු දැනීමක් නැහැ, කොහොම නමුත් මට ඕන උනේ නව හැරවුම, එහෙම නැත්තන් turning point කියලා කියන්නේ, අන්න ඒ තේරුම....
Delete