නිමක් නැති සයුරු තෙර
ඉම කොනක් නොමැති මුත්
ගිලුණු රතු හිරු මඬල
සිහි කරයි අවසනක්
බැඳුනු යුවලක් පෙමින්
කල් ගෙවයි සන්තොසින්
සුළං රැලි සරුංගල්
රඟයි සැණකෙළිය මෙන්
අඳුර ඉඩ ඉල්ලමින්
එළිය වෙත ඉඟි කරයි
නොදී බැරි කලෙක මෙන්
එළිය යයි මිහිතලෙන්
අද ගියද හෙට දින යලිත්
එන බවට දිවුරමින්
යයි ගිලී දැන් හෙමි හෙමින්
කෙරුණ ඒ පිළිසඳර
සයුර පමණක් දනියි...
වෙරළත් දන්නවා මයේ හිතේ...
ReplyDeleteඔව් එහෙම නැතුව බැහැනේ :)
Deleteහම්මේ...
ReplyDeleteසෑහෙන දවසකින්...
වදින්නම ලියල...
උපරිමය මලේ...
ජයවේවා
නිදහස් වෙලාවක් ලැබෙන්නේ ගොඩක් අඩුවෙන් මේ ටිකේ ... ඒකයි
Deleteඉර බහින අහස හරිම ලක්ෂනයි..
ReplyDeleteඔව් ඒක හරි ... ජයවේවා !! මේ පැත්තට ආවට ස්තුතියි
Deleteමේක ගති..
ReplyDeleteගොඩක් ස්තුතියි සහෝ ...
Deleteනියමයි සහෝ...
ReplyDeleteස්තුතියි .....
Delete