Blogger Tricks Blogger Tricks

Friday, August 15, 2014

නිමක් නැති සයුරු තෙර...



නිමක් නැති සයුරු තෙර 
ඉම කොනක් නොමැති මුත් 
ගිලුණු රතු හිරු මඬල 
සිහි කරයි අවසනක් 
බැඳුනු යුවලක් පෙමින් 
කල් ගෙවයි සන්තොසින් 
සුළං රැලි සරුංගල් 
රඟයි සැණකෙළිය මෙන් 
අඳුර ඉඩ ඉල්ලමින් 
එළිය වෙත ඉඟි කරයි 
නොදී බැරි කලෙක මෙන් 
එළිය යයි මිහිතලෙන් 
අද ගියද හෙට දින යලිත් 
එන බවට දිවුරමින් 
යයි ගිලී දැන් හෙමි හෙමින් 
කෙරුණ ඒ පිළිසඳර 
සයුර පමණක් දනියි... 

10 comments:

  1. වෙරළත් දන්නවා මයේ හිතේ...

    ReplyDelete
  2. හම්මේ...
    සෑහෙන දවසකින්...
    වදින්නම ලියල...
    උපරිමය මලේ...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. නිදහස් වෙලාවක් ලැබෙන්නේ ගොඩක් අඩුවෙන් මේ ටිකේ ... ඒකයි

      Delete
  3. ඉර බහින අහස හරිම ලක්ෂනයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි ... ජයවේවා !! මේ පැත්තට ආවට ස්තුතියි

      Delete
  4. නියමයි සහෝ...

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....