Blogger Tricks Blogger Tricks

Wednesday, October 8, 2014

සුර ලොවකි හදවතට

නතර වුන හිත ගාව
ගෙවන හැම නිමේෂය
සුර ලොවකි හදවතට
නොවෙන අමතක දිනෙක
පුරාවට මා දිවිය...

තරු අවදි වී හිඳින
වෙලාවට පමණක්ද
අරුත ඇති නිදහසක්
දැනෙන්නේ හදවතට
හැම විටම...

නුඹයි මගේ හදගැස්ම
නිතර මුණ නොගැසුණත්
සුළු දෙයක් නොවුවද
රැඳෙනු මැන හද ලඟම
නිරතුරුව...

දිනෙක මේ හැමදේම
අවසන්ව නුඹ ලඟට
එන්න හැකිවෙයි
යලිත් හද විඳගන්න
සදහටම...

දුකක් නැත හදවතට
එකතු වන බව
දැනෙන විට හැමවිටම
නමුදු එක දුකක් ඇත
රිදෙන මුළු හදවතම...

අනිකක් නොවෙයි එය
නුඹේ හිත ගැනයි දුක
නමුදු දුක් නොවනු මැන
දිනක් ඇත වෙන් කෙරුණු
එක් වන්න සදහටම..

(අන්තර්ජාලයේ කතාවක් ඇසුරිනි)



6 comments:

  1. ජ ය වේ වා !!!

    ReplyDelete
  2. ලස්සනම කවි පෙළක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, දිගටම මේ පැත්තේ එන්න..

      Delete
  3. ධනූෂ්.....උඹේ බ්ලොග් එක කඩයිමද කඩඉමද? මාත් සිංහල නිවැරදිවම දන්නේ නැහැ. මම හරිද...උඹ හරිද...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් මේක ගැන ලොකු දැනීමක් නැහැ, කොහොම නමුත් මට ඕන උනේ නව හැරවුම, එහෙම නැත්තන් turning point කියලා කියන්නේ, අන්න ඒ තේරුම....

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....