Blogger Tricks Blogger Tricks

Saturday, January 3, 2015

නොදැන සිටියා නොවෙද


හිමිදිරියේ උණුහුමින් 
නැගෙන හිරු රැස් පොදින්
සවිය දුන් නමුදු නැගෙන්නට 
කාලයක් ගෙවුණු බව නොදැන 
සැනින් සවිමත් වුවෙක් ලෙස 
දිලෙන කල ගෙවත්තෙහි 
දුර සිටින හිරු නොවේ 
ළඟ රැඳුනු මුලයි 
සියලු බර පැන කලේ ... 
නිමේෂයකින් අමතකව 
ගිය විටෙක සියලු දෙය 
එය නොවේද පිරිහීම 
දන්න හඳුනන සැවොම 
දුර රැඳෙන අය මෙන්ම 
ළඟ රැඳෙන අයවලුන් 
වද නොවේ නම් මෙතරම් 
නුඹත් නැත අද දිලෙන්නට ...
කෙටි කලට වහල් වී 
සිටි නමුදු තුටු වෙමින් 
නොදැන සිටියා නොවෙද 
අවසනත් එයම බව ...



16 comments:

  1. අපූරු පද වැලක්...

    අදයි මේ පැත්තට ගොඩ වුනේ දිගටම එන්නම්කෝ.. සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .... දිගටම එන්න ... කඩයිමට ගොඩ වෙන්න ...

      Delete
  2. කයිය නම් නියමයි.............. සුබ පැතුම් මේ කවි හිතට...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුහැගිප .... :)

      Delete
    2. හත්තිලව්වේ කුහැගීප නෙමෙයි ගොයියෝ කුගැගීප

      Delete
    3. ඔන්න ඉතින් මේ keys පිස්සු නටන්න අරන්නේ .... කුගැගීප

      Delete
  3. කඩයිමට අදයි ගොඩ වැදුනේ , දිගටම එන්නම්, ඔහොම යන්.ජය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඉවාන් ... දිගටම එන්න ...

      Delete
  4. කමෙන්ට් එක දිගේ ආපු ගමන්.කොහෙදමෙච්චරකල් මේක හන්ගල තිබ්බේ?අපූරු ඉසවුවක්.අදින් පස්සේ ඔළුව ඔබල යන්න එන්නම් ඉඩක් ලැබුන ගමන්.....ජය වේවා......

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කටුසු. හැංගිලා තිබුනමත් වටිනාකම වැඩියිනේ .... අයෙත් එන්න කඩයිමට ගොඩ වෙන්න ...

      Delete
  5. හරි ලස්සන බ්ලොග් එකක් නේ.. කවි නිසදැස් වලට මං කොහොමත් මනාපයි.. ඔන්න ගොයියෝ මං දිගටම එන්න පාර හදා ගත්තා.. හැබැයි ඉතින් කම්මැලි නැතුව දිගටම ලියන්නත් ඕනි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අනිවා කල්‍යාණ, ගොඩක් ස්තුතියි. දිගටම එන්න ...

      Delete
  6. හොඳ කවියක්. (නිසඳැසක් )

    ReplyDelete
  7. පට්ටයි සහෝ
    ඉදල හිටල නැතිව හැමදාම ලියපං
    පරක්කු වෙලා හරි අපි එන්නං
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. අනිවා සහෝ .... කොහෙද ඉතින් මේ විභාග, එසයිමන්ට් එක්කනේ මුකුත් කරන්න බැරි..

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....