දුක හිතෙනවා බන්
දකිද්දී දැන උගත් කියන උන්
රඟපාද්දී අනිත් උන් තලාගෙන
පව් බන් උඹලට දෙන හුස්ම පොදත්
මහ පොලවට, ගහ කොළට
පාට කණ්නාඩි වලින්
ලෝකය බලන්නට වෙර දරන
උඹලා දන්නේ නැති වේදනා
හදවත් වල ගැටෙද්දී
උඹලා හැංගිලා වෙව්ලද්දී
ළඟ රැඳුනු උන් අමතකව
මොළ මෝරද්දී ඇඟට එන
ඔය පොෂ් ආතල් එකට
උගත් කමට අනිත් හැමදේම
යට බව හිතන උගත් බුද්ධිමතුන්
අනෙකාගේ පොල් කෙන්ද
හාර හාරා හොයද්දි
පොල් පරාල හංගන්නට
මහන්සි වෙයන් හනිකට
මොකද උඹේ පාට කණ්ණාඩියේ
පාට හේදුනු දවසට උඹත්
ඔය උඹ කියන නුගතා වේවි
උඹටත් නොදැනීම ....
දමා බලාපන් පාට කණ්නාඩිය
පෙනේවි උඹට හැමදේම ලස්සනට
හැබැයි එකම පාටින්
මොකද උඹ හිතන්නේ
හැම මගුලකටම උඹේ
බුද්ධිමත් තර්කය ඔබන්නට නම්
පාට කණ්නාඩිය ගැලවේවි
උඹටත් නොදනිම ....
ගලවා බලාපන් උඹේ ඔය
පාට අරුමෝසම් කණ්නාඩිය
පෙනේවි උඹට නොපෙනුණු
නොඇසුණු දේ ටිකෙන් ටික ..
උඹ හරි
ReplyDeleteඒත් මයියට දෙන චන්දෙ අපරාදෙ බං
මේ පාරත් ලොක්කටම ඇදල ඇරිය
මයියට වඩා ලොක්ක හොදා
බඩ සහ රට දෙකෙන් හොඳ තීරණය ගැනීම තම තම නැණ පමණින් කල යුතුයි .... ආඩම්බරයි සහෝ ....
Deleteමොනවා කිව්වත් වැඩක් නෑ බන් මයියා උඩින්ම දිනනවා.
ReplyDeleteඅන්න ඒක තමයි මම කියන්නේ ගලවා බලාපන් පාට කණ්නාඩිය කියලා ..
Delete