ගැනිය නොහැකි තරමට
විසිරුන තරු කැට යට
මම කොච්චර පොඩිද ?
දුරින් දිලෙමින් හිනහෙන
සිනාසෙමින් දිස්නෙට බැබලෙන
ඒ තරු යට
මම කොච්චර අදුරුද?
අල්ලන්න අත නැහැ දිගට
ආවත් මම ලෝකය අගට
පේනවද මාව ඔයාගේ ලොවට
දුරින් හිඳ මාව අඩවන
ඒ අහස මට කොච්චර දුරද?
නිපුන් තාරක සහෝගේ කවියට ගොයියාගේ පිළිතුර :
තරු ගනින තරමට
අනන්ත වූ අහස
නොතකමින් නුඹ
අතරමං කරයි සිත..
දුර වුවද තරුවට නුඹෙන්
යලි නොඑන බව නොදැනුනත්
මග බලන නුඹ සිටින බව
අඳුර පමණක් දනියි..
නොපිපුනද අත දුරක
හදවතින් නුඹේ ළඟ
රැඳෙනු ඇත නිරතුරුව
වැටෙන කඳුලට වඩා හද රැඳී
රිදුම සතුටකි සිතට..
මට අහිමි ඒ තරු ඇස්
ReplyDeleteනුඹ සගු බව කියා
මුවා කරන විට වළා රොදකින්
දැනුනාද හිත ඉකි ගහන තරමක්
දැක්මවත් මට අහිමි වන විට
නියමයි ... අදහසට ස්තුතියි
Delete