Blogger Tricks Blogger Tricks

Sunday, February 8, 2015

ඒ අහස මට කොච්චර දුරද?

ගැනිය නොහැකි තරමට
විසිරුන තරු කැට යට
මම කොච්චර පොඩිද ?

දුරින් දිලෙමින් හිනහෙන
සිනාසෙමින් දිස්නෙට බැබලෙන
ඒ තරු යට
මම කොච්චර අදුරුද?

අල්ලන්න අත නැහැ දිගට
ආවත් මම ලෝකය අගට
පේනවද මාව ඔයාගේ ලොවට
දුරින් හිඳ මාව අඩවන
ඒ අහස මට කොච්චර දුරද?


නිපුන් තාරක සහෝගේ කවියට ගොයියාගේ පිළිතුර :

තරු ගනින තරමට
අනන්ත වූ අහස
නොතකමින් නුඹ
අතරමං කරයි සිත..

දුර වුවද තරුවට නුඹෙන්
යලි නොඑන බව නොදැනුනත්
මග බලන නුඹ සිටින බව
අඳුර පමණක් දනියි..

නොපිපුනද අත දුරක
හදවතින් නුඹේ ළඟ
රැඳෙනු ඇත නිරතුරුව
වැටෙන කඳුලට වඩා හද රැඳී
රිදුම සතුටකි සිතට..

2 comments:

  1. මට අහිමි ඒ තරු ඇස්
    නුඹ සගු බව කියා
    මුවා කරන විට වළා රොදකින්
    දැනුනාද හිත ඉකි ගහන තරමක්
    දැක්මවත් මට අහිමි වන විට

    ReplyDelete
    Replies
    1. නියමයි ... අදහසට ස්තුතියි

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....