Blogger Tricks Blogger Tricks

Tuesday, February 10, 2015

වෙන කොහෙද, කඩේ බන් ....




අඩි දෙක තුනක් 
උඩින් යන්නට 
හිතෙයි නම් උඹට 
පව් කියා සිතෙයි මට 
වරක් නොව සිය දහස් 
වතාවත් ඇසිල්ලෙන් ...

අහංකාරකම් නම් 
එමට ඇත සැමතැනම 
දවසක ඔය අහංකාරය 
නිලංකාරය වෙයි 
උඹටත් නොදැනීම ...

මනුස්සයෙක් දුටුවිට 
මාන්නය වදී නම් 
ඉහ මුදුනටම 
ටවුමේ නිසාද මන්දා 
මනුස්සකම දෙපාවල ...

දිනෙක අසරණ වුනොත් 
උදව් අසාපන් 
මතක් කර දිය හැකියි 
තිබුණු මාන්නය 
කඳුළු පනින්නට 
ඇස් දෙකෙන්ම ...

අනෙක් උන් උඹේ අතකොළුවක් 
කියා නම් සිතෙන්නේ 
කඩේ යන උනුත් පව් 
උඹත් පව් අපිට නම් 
පොලවේ පය ගහලා ඉන්න 
හින්දා අපි කවදත් ..

අපිට නම් හිතෙන්නේ 
එක දෙයක් ..
යන උන්ද පව් යවන උන්ද පව් 
වෙන කොහෙද, කඩේ බන් ....

පින්තුරය අන්තර්ජාලයෙනි.

10 comments:

  1. කඩේ යන අයට ඉතින් ඒ ගැන හිතෙන්නේ කඩේ බංකොලොත් වෙන්න ගත්තම තමයි..

    ReplyDelete
    Replies
    1. එතකොට ඉතින් නොන්ඩි වෙලා ඉවරයිනේ ...

      Delete
  2. ඕක ගැන මචෝ ලියනව නං ගමකට ලිව්වැකි...
    ඒත් වැඩක් නෑ තේරුංගන්නෙම නෑ...
    හොම්බ බිම ඇනුනනම තමා අර රෙස්පට් පෙන්නපු උංගෙ උදව් ඕන වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අනිවා මහේෂ් ... එතකොට නම් ඉතින් පව් හොඳේ .....

      Delete
  3. අපිට මුලින් ම කියලා දුන්න පාඩම කඩේ යන්න ඒපා .................... අදටත් කඩේ යන්න බැහැ ඒ නිසා........

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපිත් ලජ්ජා නොවී ඉන්නේ ....

      Delete
  4. තාම ඉතින් කඩයට යනවෙන

    ReplyDelete
  5. නියම බ්ලොග් එකක්
    අජිත් අයියගේ දර්ශකෙන් දැක්කේ
    කවි ටිකත් අනර්ඝයි
    ජය

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....