Blogger Tricks Blogger Tricks

Thursday, January 8, 2015

ගලවා බලාපන් පාට කණ්නාඩිය



දුක හිතෙනවා බන් 
දකිද්දී දැන උගත් කියන උන් 
රඟපාද්දී අනිත් උන් තලාගෙන 
පව් බන් උඹලට දෙන හුස්ම පොදත් 
මහ පොලවට, ගහ කොළට 
පාට කණ්නාඩි වලින් 
ලෝකය බලන්නට වෙර දරන 
උඹලා දන්නේ නැති වේදනා
හදවත් වල ගැටෙද්දී 
උඹලා හැංගිලා වෙව්ලද්දී 
ළඟ රැඳුනු උන් අමතකව 
මොළ මෝරද්දී ඇඟට එන
ඔය පොෂ් ආතල් එකට 
උගත් කමට අනිත් හැමදේම 
යට බව හිතන උගත් බුද්ධිමතුන් 
අනෙකාගේ පොල් කෙන්ද 
හාර හාරා හොයද්දි 
පොල් පරාල හංගන්නට 
මහන්සි වෙයන් හනිකට 
මොකද උඹේ පාට කණ්ණාඩියේ 
පාට හේදුනු දවසට උඹත් 
ඔය උඹ කියන නුගතා වේවි 
උඹටත් නොදැනීම ....
දමා බලාපන් පාට කණ්නාඩිය
පෙනේවි උඹට හැමදේම ලස්සනට
හැබැයි එකම පාටින් 
මොකද උඹ හිතන්නේ 
හැම මගුලකටම උඹේ 
බුද්ධිමත් තර්කය ඔබන්නට නම් 
පාට කණ්නාඩිය ගැලවේවි 
උඹටත් නොදනිම ....
ගලවා බලාපන් උඹේ ඔය 
පාට අරුමෝසම් කණ්නාඩිය 
පෙනේවි උඹට නොපෙනුණු 
නොඇසුණු දේ ටිකෙන් ටික ..

4 comments:

  1. උඹ හරි
    ඒත් මයියට දෙන චන්දෙ අපරාදෙ බං
    මේ පාරත් ලොක්කටම ඇදල ඇරිය
    මයියට වඩා ලොක්ක හොදා

    ReplyDelete
    Replies
    1. බඩ සහ රට දෙකෙන් හොඳ තීරණය ගැනීම තම තම නැණ පමණින් කල යුතුයි .... ආඩම්බරයි සහෝ ....

      Delete
  2. මොනවා කිව්වත් වැඩක් නෑ බන් මයියා උඩින්ම දිනනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මම කියන්නේ ගලවා බලාපන් පාට කණ්නාඩිය කියලා ..

      Delete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....