Blogger Tricks Blogger Tricks

Saturday, May 20, 2017

නුඹ දවාගිය...

වෙලාවට වැහි අඳුර ගලන 
තුරුල් වෙලා ඉස්සර 
හිටි ඒ ඇසිල්ල
වුනා මට කල්පයක්
හතිවැටිලා අතරමංවෙන්න
නුඹේ හිත ගාවම...
තාමත් නුඹෙ සුවඳ
හැම මොහොතකම
හිත පුරා ගලනබව
දන්නවද... නුඹ දන්නෙවත්
නැතිව ඇති මේ හිත
මහ හුඟක් පෙම් බඳින බව
නුඹ දවාගිය අඳුරු කුටියක
තනිව හිඳ...

13 comments:

  1. ඔහ්... පෙමක තරම...

    ලස්සනයි ධනුවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. නුඹ නොදන්නවා ඇති..
    ඒ වුනත්,
    ඒ කවි හිත කවි පබඳින
    හිමිකාරි...
    කවි හිතක් හඬවපු නුඹමයි...


    ජයවේවා

    ReplyDelete
  3. ආදරේ උණුසුම් හැඟුම්
    එකිනෙකට මුහුවෙමින්
    සුන්දරම පෙම් හිතක්
    වැහි කෝඩයට අත වනයි

    මතක සැමරැම් අතර කිමිදෙන
    ජීවිතේන් පැරදුම් ලැබූ
    හුදකලා වූ තව හිතක්
    වැහි කෝඩයට පෙම් කරයි

    09.07.2017

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....