අමතකව දමාගිය
වසන්තය යලි එන තෙක්
බලා සිටි කාලයට
නොතබාම තිතක්
තබමි කොමාවක්
පැමිණි ගිම්හානයට
පෙම් බඳිනු කැමතිව..
දන්නවද? හීනයක් ඒක
පාට තවරපු හිත පුරාම..
දින ගණන් පැය ගානට
පැයගණන් තත්පර ගානට
ගෙවෙනවා දැනුනෙවත් නැති
කඩන් වැටුණු
හීන මාලිගාවක
අයිනෙ බිත්තියකට
හේත්තු වෙලා මැවුණු
ආදරණීයම හීනයක් ඒක..
ආල හීනෙක
ReplyDeleteරැදුණු සෙනෙහස.
ලස්සනයි.
ජයවේවා!!!
ස්තුතියි දුමී..
Deleteලස්සනයි ධනු... ඔයාගේ විරහා කවි මං හරියට රසවිඳිනවා
ReplyDeleteඅහන්නත් සතුටක් අරු. ජය!!
Delete+++++++++++++
ReplyDeleteඑලම මලේ..
Deleteනොතබාම තිතක්
ReplyDeleteතබමි කොමාවක්
එ් ටික පට්ට...
එකෙන්ම රූපෙ..
Delete