Blogger Tricks Blogger Tricks

Wednesday, April 5, 2017

පැමිණි ගිම්හානයට

අමතකව දමාගිය 
වසන්තය යලි එන තෙක් 
බලා සිටි කාලයට 
නොතබාම තිතක් 
තබමි කොමාවක් 
පැමිණි ගිම්හානයට 
පෙම් බඳිනු කැමතිව..

දන්නවද? හීනයක් ඒක
පාට තවරපු හිත පුරාම..
දින ගණන් පැය ගානට
පැයගණන් තත්පර ගානට
ගෙවෙනවා දැනුනෙවත් නැති
කඩන් වැටුණු 
හීන මාලිගාවක 
අයිනෙ බිත්තියකට
හේත්තු වෙලා මැවුණු
ආදරණීයම හීනයක් ඒක..

8 comments:

  1. ආල හීනෙක
    රැදුණු සෙනෙහස.
    ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලස්සනයි ධනු... ඔයාගේ විරහා කවි මං හරියට රසවිඳිනවා

    ReplyDelete
  3. නොතබාම තිතක්
    තබමි කොමාවක්

    එ් ටික පට්ට...

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....