බින්දු බින්දු වැහිපොද
තෙමද්දී රළු පොලොව
සිසිල ගුලිවුනු හිතද
නොනැවතී මොහොතකට
සිසිල දෝතින් අරන්
හිනැහේවි තුටු සිතින් ..
සුවඳ දෙන මිහිකතට
පබඳෙනා ගීතයට
පිල් ගසන මොනරුන්ද
තාල රැඟුමන් තබයි ..
මැදියමේ සඳ කැනින්
සොඳුරු ඉවුරක
වැතිර සැනහෙමි
සතපමින් හද මතක පොත
සිතුම් පටකදී මෙන්
තවරවයි දෑස මත ..
වැස්සට ඉතින් අපි කවුරුත් කැමතියිනේ..
ReplyDeleteනැතුව නැතුව .....
Delete