දිලිසුනත් අව්වට හොඳට
පිත්තල නෑ වෙන්නේ රත්තරන්
හැබැයි පෙන්නේ පිටට
වගේමයි රත්තරන්
ඉතින් ඔහොම හිතන්
දිගටම යද්දී ...
තව මොනවා නොහිතෙයිද
මන්දා ඉතින් ....
කොලු කමට නිකමට වගේ
වැවුවට දිගට රැවුල කොන්ඩේ
අපිත් ඉගෙන ගන්න එවුන්
අනිත් උන් වගේම ...
වෙනස ...
ඔය කොන්ඩේ රැවුල
විතරයි අපිට නම් ....
පෙනුමෙන් මනින්න බැරි
මිනිස්සු හිටියේ ඉස්සරද ??
අද නැද්ද ??
ඔච්චරටම හණමිටි
පොදි බැඳන් කරේ ..
රස්තියාදුකාරයෝ උන්
කියලා කිව්වත් ...
ආතල් එකට රවුමක් දෙකක්
ඇවිද්දට සෙට් එක එක්ක ...
සද්දෙට සින්දුවක් කිව්වට
පොරවගන්නේ නැතුව
බැටළු හම් ....
මවාපාන්නේ නැති අපි
රැවුල කොන්ඩේ
වැවුවත් නැතත්
වෙනසක් නෑ බන් ....
මිනිස්සු දේවල් දිහා තීරණ ගන්නේ බාහිර පෙනුමෙන්නේ හැමදාම වගේ..
ReplyDeleteඕවා නම් කවදාවත් වෙනස් කරන්න බැරි වෙයි දිනේෂ්
Deleteපලවා ඉමු පරදේසේට මයිකල් ජැක්සන්
ReplyDeleteඑහෙම නැතිව නම් මේක කරන්න බෑ මට හිතෙන්නේ
Deleteඔය කොන්ඩේ රැව්ලෙන් මිනිස්සු මනින එක ගොඩක් ලෙචාලා(කැම්පස් එකේදී) කරනවා.අපේ එකෙක් ලෙක්චර් එකෙන් එලියට දැම්ම එක සැරයක්.තවත් අය බොරු පොරත්වයක් පෙන්නන්නේ ඔය දේවල්වලින්,ලෙචාලා පවා ඩෝන්ට් කෙයා කරලා.ඒවා නම් අනුමත කරන්න බැහැ.
ReplyDelete