Blogger Tricks Blogger Tricks

Tuesday, March 10, 2015

මවාපාන්නේ නැති අපි

දිලිසුනත් අව්වට හොඳට
පිත්තල නෑ වෙන්නේ රත්තරන්
හැබැයි පෙන්නේ පිටට
වගේමයි රත්තරන්
ඉතින් ඔහොම හිතන්
දිගටම යද්දී ...
තව මොනවා නොහිතෙයිද
මන්දා ඉතින් ....

කොලු කමට නිකමට වගේ
වැවුවට දිගට රැවුල කොන්ඩේ
අපිත් ඉගෙන ගන්න එවුන්
අනිත් උන් වගේම ...
වෙනස ...
ඔය කොන්ඩේ රැවුල
විතරයි අපිට නම් ....
පෙනුමෙන් මනින්න බැරි
මිනිස්සු හිටියේ ඉස්සරද ??
අද නැද්ද ??

ඔච්චරටම හණමිටි
පොදි බැඳන් කරේ ..
රස්තියාදුකාරයෝ උන්
කියලා කිව්වත් ...
ආතල් එකට රවුමක් දෙකක්
ඇවිද්දට සෙට් එක එක්ක ...
සද්දෙට සින්දුවක් කිව්වට
පොරවගන්නේ නැතුව
බැටළු හම් ....
මවාපාන්නේ නැති අපි
රැවුල කොන්ඩේ
වැවුවත් නැතත්
වෙනසක් නෑ බන් ....

5 comments:

  1. මිනිස්සු දේවල් දිහා තීරණ ගන්නේ බාහිර පෙනුමෙන්නේ හැමදාම වගේ..

    ReplyDelete
    Replies
    1. ඕවා නම් කවදාවත් වෙනස් කරන්න බැරි වෙයි දිනේෂ්

      Delete
  2. පලවා ඉමු පරදේසේට මයිකල් ජැක්සන්

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිව නම් මේක කරන්න බෑ මට හිතෙන්නේ

      Delete
  3. ඔය කොන්ඩේ රැව්ලෙන් මිනිස්සු මනින එක ගොඩක් ලෙචාලා(කැම්පස් එකේදී) කරනවා.අපේ එකෙක් ලෙක්චර් එකෙන් එලියට දැම්ම එක සැරයක්.තවත් අය බොරු පොරත්වයක් පෙන්නන්නේ ඔය දේවල්වලින්,ලෙචාලා පවා ඩෝන්ට් කෙයා කරලා.ඒවා නම් අනුමත කරන්න බැහැ.

    ReplyDelete

හිතුනු දේ කුරුටුගාලා යන්න.... ඒ නැතත් කඩයිමට ගොඩ වුනාට ස්තුතියි....